Birmingham හී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් අද (29) තරග බිමට පිවිසියා.

එහි දී කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ක්‍රීඩා කළ අතර කිසිදු තරගයක් ජයග්‍රහණයකින් අවසන් කරන්නට ඔවුන් සමත් වුනේ නැහැ.

කාන්තා රග්බි කණ්ඩායම ඔවුන් සහභාගී වූ ප්‍රථම තරගයේ දී ප්‍රබල එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ ද, දෙවැනි තරගයේ දී නවසීලන්ත ක්‍රීඩිකාවන් හමුවේ ද දැවැන්ත පරාජයකට ලක් වුනා.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිය ප්‍රථම තරගය නවසීලන්තය හමුවේ පරාජය වෙද්දී දෙවැනි තරගයේ දී ඔවුන් පරාජය වුනේ එංගලන්තයට එරෙහිවයි.

පිරිමි සත් සාමාජික රග්බි තරග

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය

තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම ප්‍රබල නවසීලන්තය හමුවේ ලකුණු 63-05ක පරාජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

තරගයේ පළමු අර්ධයේ දී නවසීලන්ත ක්‍රීඩකයින් විසින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වූ අතර පළමු අර්ධයේ දී ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දක්ෂ ලෙස උත්සාහක දිනුමක් වාර්තා කිරීමට තරින්ද රත්වත්තට හැකි වුනා.

දෙවැනි අර්ධය තුළ පෙරට වඩා සිය ආධිපත්‍ය පැතිර වූ නවසීලන්ත ක්‍රීඩකයින් ලකුණු 35ක් සිය ලකුණු පුවරුවට එක් කරගනිද්දී, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලකුණු ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

තරග පුරාවට නවසීලන්ත ක්‍රීඩකයින් උත්සාහක දිනුම් නවයක් වාර්තා කළ අතර ඔවුන්ගේ ලකුණු පුවරුවට ප්‍රවර්තන අවස්ථා නවයක් ද ඇතුළත් වුනා.

අවසන් ලකුණු තත්වය: නවසීලන්ත 63 (9T, 9C) – 05 (1T) ශ්‍රී ලංකාව

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්:

  • ශ්‍රී ලංකාව – තරින්ද රත්වත්තේ (1T)
  • නවසීලන්තය – Scott Curry (1T), Dylan Collier (1T), Ngarohi McGarvey (2T, 5C), Joe Webber (1T), Sione Molia (2T), Akuila Rokolisda (1T, 4C), Caleb Tangitau (1T)

>> තරගයේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තාව << 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය

තමන් සහභාගී වූ දෙවැනි තරගයෙන් ද 47-19ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු වූවත්, පෙර තරගයට වඩා හොඳ තරගකාරී ක්‍රීඩා විලාසයක් ඔවුන් තුලින් දැක ගැනීමට හැකි වුනා.

තරගයේ පළමු අර්ධය තුළ එංගලන්තය ලකුණු 26ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව විසින් ද පළමු අර්ධයේ දී ලකුණු 07ක් ලබා ගන්නට සමත් වුනා. ශ්‍රී ලංකා නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් සාර්ථව ධවල රේඛාව පසුකරමින් උත්සාහ දිනුමකින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන ගන්වද්දී, ඔහු විසින්ම ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නට සමත් වුනා.

දෙවැනි අර්ධයේ දී තවත් ලකුණු 21ක් එංගලන්තයට ලබා ගන්නට හැකි වෙද්දී ශ්‍රී ලංකාව ද ලකුණු 12ක් ලබා ගන්නට සමත් වුනා.

එහි දී පළමු තරගයේ දී ද දස්කම් දැක්වූ තරින්ද රත්වත්තේ විසින් සාර්ථකව උත්හාසක දිනුමක් වාර්තා කරද්දී එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නට නයිජල් රත්වත්තේට හැකි වුනා. ඉන් අනතුරුව බුද්ධිම පියරත්න විසින් ද උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සූරියබණ්ඩාරට මග හැරී ගියා.

තරගය අවසානයේ දී නවසීලන්තයේ ලකුණු පුවරුවට උත්සාහක දිනුම් 7ක් සහ ප්‍රවර්තන අවස්ථා හයක් ඇතුළත් වූ අතර ශ්‍රී ලංකා  ලකුණු පුවරුවට උත්සාහක දිනුම් 3ක් සහ ප්‍රවර්තන අවස්ථා දෙකක් ඇතුළත් වුනා.

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 47 (7T, 6C) – 19 ශ්‍රී ලංකාව ( 3T , 2C)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්:

  • ශ්‍රී ලංකාව – ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T, 1C), තරින්ද රත්වත්තේ (1T), නයිජල් රත්වත්තේ (1C), බුද්ධිම පියරත්න (1T)
  • එංගලන්තය – Jamie Adamson (2T), Tom Bowen (1T), Charlton Kerr (2T), Freddie Roddick (5C), Tom Emery (1T, 1C), Will Homer (1T)

>> තරගයේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තාව <<

කාන්තා සත් සාමාජික රග්බි තරග

ශ්‍රී ලංකාව සහ එංගලන්තය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වූ පළමු තරගය වූ මෙම තරගයෙන් ලකුණු 57-00ක දැවැන්ත ජයක් හිමි වුනේ එංගලන්තයටයි.

තරග ආරම්භයේ සිටම තරගයේ පාලනය නතු කර ගත් එංගලන්ත ක්‍රීඩිකාවන් පළමු අර්ධය තුළ ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනුයි.

දෙවැනි අර්ධය තුළ දී ද ශ්‍රී ලංකාවට ලකුණු ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් එංගලන්තයෙන් හිමි නොවූ අතර ඔවුන් එම අර්ධය තුළ ලකුණු 24ක් ලබා ගත්තා.

තරගය පුරාවට එංගලන්තයෙන් උත්සාහක දිනුම් 9ක් වාර්තා වූ අතර එයින් හතරකම හිමිකම ලැබුණේ ඇලී බොට්ස්මන් හටයි. ඔවුන්ගේ ලකුණු පුවරුවට ප්‍රවර්තන අවස්ථා හයක් ද ඇතුළත් වුනා.

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 57 (9T, 6C) – 00 ශ්‍රී ලංකාව

ලකුණු ලබා ගත් ක්‍රීඩිකාවන්:

  • එංගලන්තය: Alicia Maude (2T, 5C), Ellie Boatman (4T), Amy Wilson (1T), Grace Crompton (1T), Lauren Torley (1T), Isla Normanbell (1C)

>> තරගයේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තාව << 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගයෙන් ප්‍රබල නවසීලන්තය හමුවේ ලකුණු 60-00ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා.

නවසීලන්ත ක්‍රීඩිකාවන් පළමු අර්ධය තුළ ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වූ අතර දෙවැනි අර්ධයේ දී ඔවුන් තවත් ලකුණු 24ක් ලකුණු පුවරුවට එක් කරගත්තා.

උත්සාහක දිනුම් 10කින් සමන්විත වූ අතර Michaela Blyde ඉන් උත්සාහක දිනුම් 6ක් සඳහා හිමිකම් කීවා. නවසීලන්ත කණ්ඩායමට ලැබුණු ප්‍රවර්තන අවස්ථා 10න් Tyla Nathanwongට සාර්ථක කර ගැනීමට හැකි වුනේ 5ක් පමණයි.

අවසන් ලකුණු තත්වය: නවසීලන්තය 60 (10P, 5C) – 00 ශ්‍රී ලංකාව

ලකුණු ලබා ගත් ක්‍රීඩිකාවන්:

  • නවසීලන්තය: Stacey Fluhler (2T), Michaela Blyde (6T), Tyla Nathanwong (1T, 5C), Jazmin Felixhotham (1T)

>> තරගයේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තාව << 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෙට (30) සවස 3:42ට පමණ Samoa රාජ්‍යය සමඟින් තරග වැදීමට නියමිත අතර ක්‍රීඩිකාවන් සවස 2:14ට පමණ කැනඩාව සමඟින් තරග වැදීමට නියමිතයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<