Home Sinhala දසුන් – කමිඳු එක්ව Falcons ඉදිරියට රැගෙන යයි

දසුන් – කමිඳු එක්ව Falcons ඉදිරියට රැගෙන යයි

LPL 2024

228
Kandy Falcons

2024 LPL තරගාවලියේ Eliminator තරගයෙන් Colombo Strikers කණ්ඩායමට එරෙහිව කඩුලු 2ක තියුණු ජයක් ලබා ගැනීමට Kandy Falcons කණ්ඩායම ඊයේ (18) සමත් වුනා. 

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Kandy නායක වනිඳු හසරංග විසින් පළමුව පන්දුවට පහර දීමට Colombo Strikers කණ්ඩායමට ආරාධනා කළා. 

ඒ අනුව Strikers වෙනුවෙන් ඉනිම ආරම්භ කළ Rahmanullah Gurbaz සහ Muhammad Waseem අතර සබඳතාව ලකුණු 25කට සීමා වුනා. 

Waseemගේ ඉනිම ලකුණු 10කට සීමා වූ අතර, Gurbaz විසින් ඉනිමට ලකුණු 30ක් එක් කිරීමට සමත් වුනත් ඔහුට ඒ වෙනුවෙන් පන්දු 29ක් වැය වුනා. එමෙන්ම මේ අතරතුර Glenn Phillips ලකුණු ලබා ගැනීමටත් පෙර දුවද්දී දැවී යාම Colombo ඉනිමට මරු පහරක් බඳු වුනා. 

කෙසේ වෙතත් ඉනිමේ අංක පහ පිතිකරු වූ සදීර සමරවික්‍රම වටිනා ඉනිමක් දියත් කරමින් පන්දු 45ක් තුළ ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව දුනිත් වෙල්ලාලගේ විසින් පන්දු 21ක් තුළ ලකුණු 28ක් ලබා ගනිමින් ඉනිමට දායකත්වය ලබා දුන්නා. 

මේ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ Colombo Strikers පිතිකරුවන් කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී Kandy Falcons වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Mohammad Hasnain කඩුලු 3ක් දවා ගන්නා අතරේ, නායක වනිඳු කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. 

Colombo Strikers වෙතින් ලද ඉලක්කය හඹා යාම මෙතෙක් තරගාවලියේ අනෙක් ලකුණු පුවරු දෙස බලන කළ තරමක් පහසු බව පෙනෙන්නට තිබුනත් වරෙක Kandy Falcons පිතිකරුවන් පන්දුවාර 10 පන්දු 2ක් තුළ කඩුලු 6ක් දැවී යමින් ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 83ක් පමණයි. 

කෙසේ වෙතත් මේ අවස්ථාවේ කඩුල්ලේ එක් වූ කමිඳු මෙන්ඩිස් සහ දසුන් ශානක අතරේ හත් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබඳතාවක් ගොඩනැගුණා. 

මෙහි දී දසුන් ශානක විසින් හයේ පහර දෙකක් ද සමඟ පන්දු 21කින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වූ අතර, අනෙක් අන්තයෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ කමිඳු පන්දු 36ක් තුළ ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුනේ හයේ පහර 3ක් ද සමඟයි. 

මෙහි දී Kandy ඉනිමේ කඩුලු 3 බැගින් බිඳ හෙළීමට බිනුර ප්‍රනාන්දු සහ මතීෂ පතිරණට හැකියාව ලැබුණු නමුත් එය ඔවුන්ට ජයග්‍රහණයක් කරා යාමට ප්‍රමාණවත් වුනේ නැහැ. 

ඒ අනුව පන්දුවාර 18 පන්දු 4ක් තුළ කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට Kandy Falcons පිතිකරුවන්ට හැකියාව ලැබුණා. 

තරගයේ වීරයා කමිඳු මෙන්ඩිස්  

මේ අනුව Colombo Strikers සහ Jaffna Kings විසින් එළඹෙන සෙනසුරාදා දිනයේ දී Qualifier 2 තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් ජයග්‍රහණය ලබාගන්නා කණ්ඩායම එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේ දී Galle Marvels කණ්ඩායම සමඟ ශූරතාව වෙනුවෙන් සටන් වදිනු ඇති. 

2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Colombo Strikers
159/8 (20)

Kandy Falcons
163/8 (18.4)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c & b Wanindu Hasaranga 30 29 2 1 103.45
Muhammad Waseem c Mohammad Haris b Angelo Mathews 10 9 2 0 111.11
Glenn Phillips run out (Dinesh Chandimal) 0 1 0 0 0.00
Nipun Dhananjaya c Ramesh Mendis b Mohammad Hasnain 14 11 2 0 127.27
Sadeera Samarawickrama c Andre Fletcher b Mohammad Hasnain 62 45 7 0 137.78
Shadab Khan b Wanindu Hasaranga 0 1 0 0 0.00
Dunith Wellalage c Dinesh Chandimal b Dasun Shanaka 28 21 3 1 133.33
Thisara Perera not out 0 1 0 0 0.00
Isitha Wijesundara c Mohammad Haris b Mohammad Hasnain 0 1 0 0 0.00
Binura Fernando not out 0 1 0 0 0.00


Extras 15 (b 2 , lb 3 , nb 0, w 10, pen 0)
Total 159/8 (20 Overs, RR: 7.95)
Bowling O M R W Econ
Angelo Mathews 2 0 13 1 6.50
Dasun Shanaka 4 0 33 1 8.25
Chaturanga de Silva 4 0 32 0 8.00
Mohammad Hasnain 3 0 24 3 8.00
Wanindu Hasaranga 4 0 21 2 5.25
Ramesh Mendis 3 0 31 0 10.33


Batsmen R B 4s 6s SR
Dinesh Chandimal c Sadeera Samarawickrama b Binura Fernando 6 4 0 1 150.00
Andre Fletcher c Shadab Khan b Isitha Wijesundara 20 12 3 1 166.67
Mohammad Haris c Isitha Wijesundara b Binura Fernando 10 4 1 1 250.00
Kamindu Mendis b Matheesha Pathirana 54 36 3 3 150.00
Angelo Mathews c Rahmanullah Gurbaz b Matheesha Pathirana 10 15 1 0 66.67
Wanindu Hasaranga c Muhammad Waseem b Shadab Khan 1 3 0 0 33.33
Chaturanga de Silva c Shadab Khan b Matheesha Pathirana 9 8 1 0 112.50
Dasun Shanaka b Binura Fernando 39 21 4 2 185.71
Ramesh Mendis not out 5 4 1 0 125.00
Chamath Gomez not out 2 5 0 0 40.00


Extras 7 (b 0 , lb 3 , nb 0, w 4, pen 0)
Total 163/8 (18.4 Overs, RR: 8.73)
Bowling O M R W Econ
Binura Fernando 4 0 35 3 8.75
Isitha Wijesundara 3 0 20 1 6.67
Thisara Perera 1 0 10 0 10.00
Shadab Khan 4 0 33 1 8.25
Matheesha Pathirana 4 0 38 3 9.50
Glenn Phillips 1 0 9 0 9.00
Dunith Wellalage 1.4 0 15 0 10.71