Jaffna Kings සංචිතයේ වෙනස්කම් දෙකක්

LPL 2023

2126

2023 LPL තරගාවලියට සහභාගී වීමට නියමිත Jaffna Kings සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු වී තිබෙනවා.

ඒ අනුව බංග්ලාදේශ යොවුන් පිතිකරු Towhid Hridoy සහ දකුණු අප්‍රිකානු යොවුන් තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන Nandre Burger යන ක්‍රීඩකයින් දෙදෙනා Jaffna Kings සංචිතය සමඟින් එක් වී තිබෙන බවයි වාර්තා වන්නේ. මේ අ‍ෙරින් Hridoy තාවකාලිකව Kings සමඟින් එක් වන අතර, Burger ස්ථිර ක්‍රීඩයෛකු ලෙස Kings සමඟ එක් වීමට නියමිතයි.

Towhid Hridoy

බංග්ලාදේශ පිතිකරුවෙකු විසින් මංගල ජාත්‍යන්තර එක්දින ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට (පන්දු 85කින් ලකුණු 92) හිමිකම් කියන Hridoy විසින් මෙම වසරේ මාර්තු මාසයේ දී එංගලන්තයට එරෙහිව ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් ද හිමි කර ගැනීමට සමත් වුනා.

මේ වන විට බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර ඉනිම් 7ක් ක්‍රීඩා කර ඇති මෙම දකුණත් පිතිකරුවා 135.65ක ප්‍රහාරාත්මක වේගයක් ද රඳවා තබා ගැනීමට සමත් වී තිබෙනවා.

මේ දිනවල කැනඩාවේ පැවැත්වෙන Global T20 තරගාවලියේ Mississauga Panthers කණ්ඩායමේ නායකත්වය දරන Jaffna Kings සාමාජික Shoaib Malik වෙනුවට තාවකාලික ආදේශක ක්‍රීඩකයෙකු ලෙසයි Hridoyව කණ්ඩායමට එක් කර ගෙන තිබෙන්නේ.

Nandre Burger

මේ අතර මීට පෙර Jaffna Kings සමඟ ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පාකිස්තාන වේගපන්දු යවන්නෙකු වන Zaman Khan සිය පෞද්ගලික හේතුවක් මත මෙවර LPL තරගාවලියට සහභාගී නොවන බවයි දැන ගන්නට ලැබෙන්නේ. ඒ වෙනුවට දකුණු අප්‍රිකානු යොවුන් විශේෂඥ විස්සයි විස්ස ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Nandre Burgerව Jaffna Kings සංචිතය සමඟ එක් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.

වමත් වේගපන්දු යවන්නෙකු සහ වමත් පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන Burger විසින් මෙම වසර මුල දී දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු SA20 තරගාවලියේ දී Joburg Super Kings සංචිතය ද නියෝජනය කළා.

2023 LPL තරගාවලිය එළඹෙන ඉරිදා (30) ආරම්භ වීමට නියමිත අතර, තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<