Home Sinhala Jaffna Kings පිතිකරුවන් LPL ඉතිහාසය වෙනස් කරයි

Jaffna Kings පිතිකරුවන් LPL ඉතිහාසය වෙනස් කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

441
Jaffna Kings vs Dambulla Aura

දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් Dambulla Aura පරදවා ලකුණු 51ක ජයක් ලබා ගන්නට Jaffna Kings සමත් වුනා.

තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජයග්‍රහණය කළ Jaffna Kings ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටි අතර මෙතෙක් සහභාගී වූ තරග සියල්ල පරාජය වූ Dambulla Aura රැඳී සිටියේ අවසන් තැනයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Dambulla Aura නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා Jaffna Kings ක්‍රීඩකයින්ට ආරාධනා කළා.

තරගයට ක්‍රීඩා කළ සංචිතය,

  • Jaffna Kings: අවිශ්ක ප්‍රනාන්දු, Rahmanullah Gurbaz, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, සුමින්ද ලක්ෂාන්, Shoaib Malik, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක.
  • Dambulla Aura: ශෙවෝන් ඩැනියල්, භානුක රාජපක්ෂ, Jordan Cox, රවිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, Tom Abell, දුෂාන් හේමන්ත, තරිඳු රත්නායක, Sikandar Raza, ලහිරු කුමාර, ප්‍රමෝද් මධුශාන්.

දසුන් ශානකගේ තීරණයට දැඩි අභියෝගයක් එල්ල කළ Jaffna ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz දියත් කළ වේගවත් පිතිහරණය නිසා පන්දුවාර 3.1ක් අවසානයේ ලකුණු 50 සීමාව පසුකිරීමට Jaffna ක්‍රීඩකයින්ට හැකි වුනා.

Dambulla ක්‍රීඩකයින්ගේ දුර්වල උඩපන්දු රැකීමෙන් ජීවය ගත් Jaffna ආරම්භක පිතිකරුවන් පළමු පන්දුවාර 6 තුළ ලකුණු 73ක් ලබා ගත්තේ කිසිවෙකු නොදැවී වීම විශේෂත්වයක්.

Jaffna Kings කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා වාර්තා වූ හොඳම සම්බන්ධතාවය පිහිටුවීමෙන් (133) පසුව ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ Gurbaz, ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 35ක් තුළ ලකුණු 73ක් ලබා සිටියේ හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟිනුයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 29ක් තුළ ලකුණු 54ක් ලබා සිටි අවිශ්ක ප්‍රනාන්දු දවා ගැනීමට දුෂාන් හේමන්ත සමත් වුනේ Kings ලකුණු පුවරුව 139ක් වන විටයි.

Kings ලකුණු පුවරුව 163ක් වන විට නැවතත් ක්‍රියාත්මක වූ ලහිරු කුමාර සිය දෙවැනි කඩුල්ල දවා ගැනීමට සමත් වුනේ ලකුණු 19ක් ලබා සිටි ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කරමිනුයි.

සිව්වැනි කඩුල්ල සඳහා සදීර සමරවික්‍රම සමඟ එක්ව පිහිටවූ වේගවත් ලකුණු 56ක සම්බන්ධතාවයෙන් පසුව පන්දු 15ක් තුළ ලකුණු 32ක් ලබා සිටි Shoaib Malik ප්‍රමෝද් මදුෂාන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඉනිම පුරාවට Jaffna Kings පිතිකරුවන් දියත් කළ වේගවත් ඉනිම් නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 240ක් ලබා ගනිමින් ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නට ඔවුන් සමත් වුනා.

Jaffna Kings වෙනුවෙන් සදීර සමරවික්‍රම පන්දු 22ක දී නොදැවී ලකුණු 38ක් සහ තිසර පෙරේරා පන්දු 6ක දී නොදැවී ලකුණු 12ක් ලබා ගත්තා.

ලකුණු 241ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Dambulla Aura කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 26 දී දවා ගැනීමට බිනුර ප්‍රනාන්දුට හැකි වුනේ Jordan Cox ලකුණු 5කට පිටියෙන් ඉවත් කරමිනුයි.

Aura ලකුණු පුවරුව 49ක් වන විට දී නැවතත් ක්‍රියාත්මක වූ බිනුර ලකුණු 29ක් ලබා සිටි ශෙවෝන් ඩැනියල්ව ක්‍රීඩා පිටියෙන් ඉවත් කරන්නට සමත් වුනා. ඉන්පසු පිටියට එක් වුනේ Tom Abell. වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩක් ලබා නොදුන් Kings පන්දු යවන්නන් ඔහුව ලකුණු 12කට දවා ගත්තේ තරගයේ සමස්ත පාලනය සියතට ගනිමිනුයි.

තරමක හෝ බලාපොරොත්තුවක් වෙමින් භානුක රාජපක්ෂ සමඟ එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 66ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව නායක දසුන් ශානක ලකුණු 44කට දැවී ගියේ සුමින්ද ලක්ෂාන්ගේ පන්දුවක් හමුවේයි.

Sikandar Raza හට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් සුමින්ද ඔහුව ලකුණු 08කට දවා ගන්නා විට Dambulla Aura ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 5ක් දැවී ලකුණු 147ක් ලෙසයි.

Aura කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුව වෙමින් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ භානුක ඩිල්ෂාන් මධුශංකගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 31ක දී ලකුණු 38ක් ලබා සිටියා.

Aura වෙනුවෙන් රවිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූවත්, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 189ක් පමණයි.

ඒ සමඟම තරගය ලකුණු 51කින් ජයග්‍රහණය කරමින් තරගාවලියේ තෙවැනි ජයග්‍රහණය සඳහා හිමිකම් කියන්නට Jaffna Kings ක්‍රීඩකයින් සමත් වුනා.

Result


Jaffna Kings
240/4 (20)

Dambulla Aura
189/8 (20)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Jordan Cox b Lahiru Kumara 73 35 7 5 208.57
Avishka Fernando b Dushan Hemantha 54 30 6 2 180.00
Dhananjaya de Silva c Shevon Daniel b Lahiru Kumara 19 12 2 1 158.33
Sadeera Samarawickrama not out 38 22 6 0 172.73
Shoaib Malik c Dasun Shanaka b Pramod Madushan 32 15 5 0 213.33
Thisara Perera not out 12 6 0 1 200.00


Extras 12 (b 0 , lb 3 , nb 0, w 9, pen 0)
Total 240/4 (20 Overs, RR: 12)
Bowling O M R W Econ
Tharindu Rathnayake 3 0 34 0 11.33
Lahiru Kumara 4 0 56 2 14.00
Pramod Madushan 4 0 55 1 13.75
Sikandar Raza 4 0 35 0 8.75
Dushan Hemantha 4 0 44 1 11.00
Dasun Shanaka 1 0 13 0 13.00


Batsmen R B 4s 6s SR
Shevon Daniel c Avishka Fernando b Binura Fernando 29 20 5 1 145.00
Jordan Cox c Rahmanullah Gurbaz b Binura Fernando 5 6 1 0 83.33
Bhanuka Rajapaksha c Dhananjaya de Silva b Dilshan Madushanka 38 31 5 0 122.58
Tom Abell b Dhananjaya de Silva 12 10 1 0 120.00
Dasun Shanaka c Dhananjaya de Silva b Suminda Lakshan 44 23 4 3 191.30
Sikandar Raza c Shoaib Malik b Suminda Lakshan 8 6 1 0 133.33
Ravindu Fernando not out 19 13 1 0 146.15
Dushan Hemantha c Shoaib Malik b Binura Fernando 2 3 0 0 66.67
Tharindu Rathnayake c Suminda Lakshan b Binura Fernando 7 7 1 0 100.00
Pramod Madushan not out 1 1 0 0 100.00


Extras 24 (b 0 , lb 3 , nb 0, w 21, pen 0)
Total 189/8 (20 Overs, RR: 9.45)
Bowling O M R W Econ
Dilshan Madushanka 4 0 43 1 10.75
Mahesh Theekshana 4 0 31 0 7.75
Binura Fernando 4 1 22 4 5.50
Dhananjaya de Silva 4 0 40 1 10.00
Suminda Lakshan 4 0 50 2 12.50



2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තොරතුරු එසැණින් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<