Home Sinhala Gladiators ඉවතට දමමින් Stars පියවරක් ඉදිරියට

Gladiators ඉවතට දමමින් Stars පියවරක් ඉදිරියට

ලංකා ප්‍රිමියර් ලීගය 2022

215

2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) Playoff වටයේ තරග අද (21) ආරම්භ වුනා.

පිළිමළුන්ගේ වටයේ Eliminator තරගය Colombo Stars සහ Galle Gladiators අතර පැවැත්වුණු අතර එහි දී Gladiators කඩුලු 7කින් පරාජය කළ Stars දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනූ Stars නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට රැකීමට තීරණය කළා. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා මේ තරගයේ ආරම්භය නියමිත වෙලාවට සිදු වුනේ නැහැ. ඒ නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 18කට සීමා වුනා.

Gladiators වෙනස්කම් 4ක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනු අතර Stars නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ලක්ෂාන් වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ආදේශ කරමින් මේ තරගයට අවතීර්ණ වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Galle Gladiators XI: Lahiru Udara, Kusal Mendis (c), Ifthikar Ahmed, Asad Shafiq, Nuwanidu Fernando, Sahan Arachchige, Imad Wasim, Wahab Riaz, Nuwan Pradeep, Lakshan Sandakan, Nuwan Thushara
  • Colombo Stars XI: Niroshan Dickwella (wk), Dinesh Chandimal, Charith Asalanka, Ravi Bopara, Nishan Madushka, Mohammad Nabi, Angelo Mathews (c), Lakshan, Benny Howell, Kasun Rajitha, Jeffrey Vandersay, Dominic Drakes

Gladiators ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ වෙනසක් සිදු කරමින් මෙන්ඩිස් සමඟ Shafiq පිටියට පැමිණි අතර එම ආරම්භය සාර්ථක කරගැනීමට Stars පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

ආරම්භයේ පටන් ගොඩනැංවුණු පීඩනය නිසාවෙන් Gladiators පළමු කඩුලු 5 පන්දුවාර 13ක් තුල ලකුණු 63කට දවා ගන්නට රාජිත සහ Nabi ප්‍රමුඛ Stars පන්දු යවන්නන් සමත් වුනා.

කෙසේ නමුත් ඉන් අනතුරුව අංක 4 පිතිකරු ලෙස නැවතත් කණ්ඩායම තුල සිය ස්ථානය දිනා ගත් ආරච්චිගේ Wasim සමඟ එක්වෙමින් පන්දු 16ක් තුල වේගවත් ලකුණු 31ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ලකුණු පුවරුවට යම් ජීවයක් එක් කළා.

සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ දෙවැනි අර්ධ ශතකය ලබා ගත් ආරච්චිගේ පන්දු 31ක් තුල 4 පහර 3ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් ලකුණු 53ක් ලබාගෙන Gladiators ගෞරවය බේරා ගත් අතර එහි දී ඔහුට සහය වුනු Wasim ලකුණු 17ක් ලබාගෙන ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වුනා.

ඔවුන් දෙදෙනාට හැරෙන්නට අනෙක් එකඳු Gladiators පිතිකරුවෙක් හට ලකුණු 8 සීමාව ඉක්මවා යාමට Howell (කඩුලු 3), රාජිත (කඩුලු 2), Nabi (කඩුලු 2) ඇතුළු Stars පන්දු යවන්නන් ඉඩකඩ ලබා දුන්නේ නැහැ. අවසානයේ දී Gladiators පන්දුවාර 18ක් තුල කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 108ක් පමණයි.

දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ තරගය සඳහා තේරී පත්වීමට ලකුණු 109ක ඉලක්කයක් හඹා ගිය Stars පන්දුවාර 16කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා.

දික්වැල්ල නොමැති නිසාවෙන් චන්දිමාල් සහ නිශාන් Stars ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනාට මේ තරගයේ දී එතරම්ම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

ලකුණු 13ක් ලබා ගත් චන්දිමාල්ගේ දැවී යාමෙන් පසුව අසලංක සමඟ එක්වූ නිශාන් ලකුණු 27ක සබඳතාවයක් ගොඩනංවමින් සෙමින් සීරුවේ ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ස්ථාවර කරගත්තා.

පන්දුවාර 14ක් අවසන් වන විට Stars කඩුලු 3ක් දැවී ලකුණු 72ක් ලබාගෙන තරමක් පසුපසින් සිටි නමුත් තුෂාර යොමු කළ 15 වැනි පන්දුවාරයට මැතිව්ස් සහ Bopara එක්ව ලකුණු 17ක් ලබාගෙන Stars නැවතත් තරගයට අවතීර්ණ කිරීමට සමත් වුනා.

මැතිව්ස් සහ Bopara එක්ව සිය පරිනත බව පෙන්නුම් කරමින් 4 වැනි කඩුල්ලට පන්දු 53ක් තුල ලකුණු 63*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු Bopara නොදැවී ලකුණු 43*ක් ලබා ගත්තා. මැතිව්ස් ලකුණු 20*යි.

Result


Colombo Stars
109/3 (16.5)

Galle Gladiators
108/9 (18)

Batsmen R B 4s 6s SR
Asad Shafiq c Angelo Mathews b Kasun Rajitha 4 7 0 0 57.14
Kusal Mendis c Ravindu Fernando b Mohammad Nabi 4 14 0 0 28.57
Lahiru Udara c Suranga Lakmal b Dominic Drakes 6 13 0 0 46.15
Sahan Arachchige c Charith Asalanka b Benny Howell 53 31 3 3 170.97
Nuwanidu Fernando c Charith Asalanka b Mohammad Nabi 8 10 0 0 80.00
Iftikhar Ahmed c Mohammad Nabi b Suranga Lakmal 5 10 0 0 50.00
Imad Wasim c Charith Asalanka b Benny Howell 17 15 2 0 113.33
Wahab Riaz b Benny Howell 2 4 0 0 50.00
Lakshan Sandakan b Kasun Rajitha 1 3 0 0 33.33
Nuwan Pradeep not out 0 1 0 0 0.00
Nuwan Thushara not out 2 1 0 0 200.00


Extras 6 (b 0 , lb 1 , nb 1, w 4, pen 0)
Total 108/9 (18 Overs, RR: 6)
Bowling O M R W Econ
Kasun Rajitha 4 1 9 2 2.25
Suranga Lakmal 4 0 27 1 6.75
Mohammad Nabi 4 0 20 2 5.00
Dominic Drakes 3 0 21 1 7.00
Jeffrey Vandersay 1 0 13 0 13.00
Niroshan Dickwella 2 0 0 3 0.00


Batsmen R B 4s 6s SR
Nishan Madushka c Lakshan Sandakan b Imad Wasim 13 27 2 0 48.15
Dinesh Chandimal c Nuwanidu Fernando b Nuwan Pradeep 13 8 1 1 162.50
Charith Asalanka run out (Nuwanidu Fernando) 10 14 1 0 71.43
Ravi Bopara not out 43 28 6 0 153.57
Angelo Mathews not out 20 25 2 0 80.00


Extras 10 (b 2 , lb 1 , nb 1, w 6, pen 0)
Total 109/3 (16.5 Overs, RR: 6.48)
Bowling O M R W Econ
Nuwan Pradeep 3 0 21 1 7.00
Nuwan Thushara 3 0 23 0 7.67
Wahab Riaz 3.5 0 26 0 7.43
Imad Wasim 4 0 18 1 4.50
Lakshan Sandakan 3 0 18 0 6.00



ඒ අනුව මේ තරගය ජය ගත් Stars හෙට (22), පළමු සුදුසුකම් ලබා ගැනීමේ තරගය පරාජයට පත්වුණු, Falcons සමඟ දෙවැනි සුදුසකම් ලබා ගැනීම තරගය සඳහා මුහුණ දීමට නියමිත අතර එම තරගය ද ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<