තවත් කෙන්යානු ක්‍රීඩකයෙකු තහනම් උත්තේජක දැලේ පැටලෙයි

59

පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් මලල ක්‍රීඩා පිටියට විවේකයක් ලැබුනත්, තහනම් උත්තේජක පරීක්ෂණ ප්‍රතිඵල බොහෝ වේගයෙන් නිකුත් වන්නේ මලල ක්‍රීඩා පිටියේ පුවත් මවමින් බොහෝ ක්‍රීඩකයන්ට දීර්ඝ කාලීන තරග තහනම් ද නිකුත් කරමිනි.

කොරෝනාවට එරෙහිව බෝල්ට් වැඩ අරඹයි

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් මුලුමහත් ලෝකයේම කටයුතු නත…

මෙම ලැයිස්තුවට එක් වූ නවතම ක්‍රීඩකයා බවට පත්වූයේ කෙන්යානු දිගු දුර ධාවන ශූරයෙකු වන ඩැනියල් වැන්ජුරූ (Daniel Wanjiru) ය. අදාළ පරීක්ෂණවලින් අනතුරුව “Athletes Integrity Unit” මගින් ඔහුට ඊයේ (14) දින සිට බලපැවැත්වෙන පරිදි තරග තහනමක් නිකුත් කර ඇති අතර එය කොතරම් කාලයක් සඳහා ද යන්න ඉදිරියේ දී දැනුම් දෙනු ඇත.

කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් ඩැනියල් ප්‍රකාශ කර සිටියේ මෙම තීරණය ඔහුව ව්‍යාකූලතාවට සහ ඉතා කලකිරීමට පත් කළ බවයි.

“මම ක්‍රීඩාවේ දී වංචා සිදු කර නෑ, මාගේ ක්‍රීඩාව පිරිසිදු ක්‍රීඩාවක්. මෙම තීරණය නිසාවෙන් මා බොහෝ කලකිරීමට පත් වුනා. මේ නිසාවෙන් බොහෝ දෙනා මා වංචාකාරයෙකු ලෙස දකිනවා. නමුත් එය එසේ නොවේ” යනුවෙන් ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත.

2016 වසරේ පැවති “Prague Half Marathon” තරගයේ ජයග්‍රාහකයා වූ ඩැනියල් එම වසරේම පැවති “Amsterdam Marathon” තරගය ද ජය ගැනීමට සමත් විය. ඉන්පසුව 2017 වසරේ සුප්‍රකට මැරතන් ධාවන තරගයක් වූ “London Marathon” තරගය ජය ගැනීමට ද ඔහු සමත් වූ නමුත් එම වසරේම පැවති ලෝක ශූරතා මැරතන් ධාවන තරගයෙන් ඔහුට හිමි වූයේ 8 වැනි ස්ථානයයි.

ඉන්පසුව අඛණ්ඩ පසුබෑමක් පෙන්නුම් කළ ඔහු 2018 වසරේ පැවති “London Marathon” තරගයේ දී සිය ශූරතාව රැක ගැනීමට අපොහොසත් වූ අතර එහි දී ද ඔහු තරගය නිමා කළේ අටවැන්නා ලෙසයි. නැවතත් 2019 වසරේ ද එම තරගයට සහභාගි වූ ඔහුට තරගාවලිය නිමා කරන්නට හැකි වූයේ 11 වැනියා ලෙසයි. 

මෙම වසර තුල මෙලෙස තහනමට ලක් වූ තෙවැනි කෙන්යානු දිගු දුර ධාවකයා මොහු වන අතර මොහුට පෙර මෙම මස මුල දී වින්සන්ට් කිප්සෙජේචි වසර හතරක තහනමකට ලක් වූ අතර ජනවාරි මාසයේ දී හිටපු ලෝක ශූරයෙකු වූ විල්සන් කිප්සන්ග්ට ද තහනමක් නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<