කොරෝනාවට එරෙහිව බෝල්ට් වැඩ අරඹයි

56
(AP Photo/Anja Niedringhaus, File)

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් මුලුමහත් ලෝකයේම කටයුතු නතර වී ඇත. සාමාන්‍ය ජන ජීවිතය මෙන්ම ක්‍රීඩාව ද අඩපණ කරමින් පැතිරෙන මෙම වයිරසයට එරෙහි සටනට ලොව පුරා ක්‍රීඩකයන් එක් රොක්වෙමින් පවතී.

ගෙදර ඉඳන් සහභාගී වන මැරතන් ධාවන තරගයක්

කොරෝනා වයිරසය නිසාවෙන් මේ වන විට සියලුම ක්‍රීඩා තරගාවලි නතර වී ඇති අතර මෙම ගැටලුවට පිළියමක් ……………..

ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර හුසෙයින් බෝල්ට් ද තම දේශය කොරෝනා වසංගතයෙන් බේරා ගැනීමේ සටනට උපකාර කිරීමට පසුගිය දා කටයුතු කරන ලදි. “Jamaica Together We Stand” තේමා පාඨය යටතේ පැවති ප්‍රසංගයකට එරට මුදලින් 500,000ක් මුදලක් ඔහු විසින් පරිත්‍යාග කර තිබුණි.

කොරෝනාව මැඩලීමට අවශ්‍ය බෙහෙත්, පරීක්ෂණ උපකරණ ආදිය ලබා ගැනීමේ අරමුණින් එරට සෞඛ්‍ය බලධාරීන් විසින් අරමුදලක් නිර්මාණය කර ඇති අතර එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් සම්පූර්ණ කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ. 

ජැමෙයිකාව බිහි කළ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන බෝල්ට් ඔලිම්පික් රන් පදක්කම් 8ක් දිනාගෙන ඇත්තේ ලොව වේගවත්ම මිනිසා යන අන්වර්ථ නාමය ද සිය නම යටතට ලියවා ගනිමිනි. බෝල්ට්ගේ මෙම ක්‍රියාවත් සමඟින් අනෙකුත් ක්‍රීඩකයින් ද ඔහු වටා එක්වීමට ආරම්භ කර ඇත.

මේ වන විට ජැමෙයිකාවෙන් කොරෝනා ආසාධිත රෝගීන් 70ක් සහ මරණ හතරක් ද වාර්තා වී ඇත. දිනෙන් දින ලොව පුරා වේගයෙන් පැතිර යන මෙම වයිරසය නිසාවෙන් මේ වන විට පුද්ගලයින් 117,500 මියගොස් තවත් පුද්ගලයින් 1,888,906 දෙනෙකු රෝගී තත්වයට පත්ව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<