සී. සී. සී සහ මීගමුව ජයග්‍රාහකයින් අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් Tier ‘A’ 2020

359

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රිකට් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග 7ක නිමාව අද (12) සටහන් වූයේ තරග දෙකක් ප්‍රතිඵල සහිතව අවසන් වෙමිනි. එම තරග දෙකෙන් සී. සී. සී සහ මීගමුව ක්‍රිකට් සමාජය ජයග්‍රහණ වාර්තා කරගත්තේ පිළිවෙළින් සුපිරි අට සහ පලිහ වටයෙනි.

ප්‍රබල තුරුම්පු කිහිපයකින් වැඩි දස්කම්

සුපිරි අට වටයේ තරග

කොළඹ ක්‍රිකට් සමාජය රාගම ක්‍රිකට් සමාජය ඉනිමකින් සහ ලකුණු 125කින් පරාජයට පත් කරන්නට සමත් විය. අද දිනය තුල කැපී පෙනෙන දස්කම් දැක්වූ මලින්ද පුෂ්පකුමාර තරගය පුරාවට කඩුලු 8ක් දවා ගන්නා ලදි.

හලාවත මේරියන්ස් සහ බී. ආර්. සී අතර පැවති තරගය මේරියන්ස් කණ්ඩායමට පූර්ණ තරග ජයක් ලබා ගැනීමට ආසන්නව තිබූ නමුත් සිය කණ්ඩායම ඉන් මුදවා ගත් ඩිල්ශාන් ද සොයිසා ශතකයක් ලබා ගනිමින් බී. ආර්. සී කණ්ඩායම එම  මුදවා ගත්තේය.

සුපිරි අට වටයේ අනෙක් තරග දෙකම නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරව වුවත් යුද හමුදා සහ NCC තරගයේ දී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙක් දිනේෂ් චන්දිමාල් ශතකයක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි.

සී. සී. සී. සහ රාගම ක්‍රීඩා සමාජය

  • සී. සී. සී පළමු ඉනිම – 499/7d (86): කුසල් මෙන්ඩිස් 139, මිනෝද් භානුක 88, වනිඳු හසරංග 88, අශාන් ප්‍රියන්ජන් 58, බිනුර ප්‍රනාන්දු 4/72.
  • රාගම පළමු ඉනිම – 132 (41.2): ජනිත් ලියනගේ 43*, මලින්ද පුෂ්පකුමාර 4/43.
  • රාගම දෙවන ඉනිම – 242 (58.3):  ජනිත් ලියනගේ 50*, රොෂේන් සිල්වා 41, මලින්ද පුෂ්පකුමාර 4/55.

සී. සී. සී කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 125ක ජයක්


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ බී. ආර්. සී.

  • හලාවත මේරියන්ස් පළමු ඉනිම – 195 (47.2): ඕෂධ ප්‍රනාන්දු 42, පුලින තරංග 40, භානුක රාජපක්ෂ 3/26, හශේන් රාමනායක 3/26, දුවිඳු තිලකරත්න 3/54.
  • බී. ආර්. සී. පළමු ඉනිම – 87 (34.2): දේශාන් ඩයස් 24, අසිත ප්‍රනාන්දු 4/42.
  • හලාවත මේරියන්ස් දෙවන ඉනිම –  385/8d (81): කමිඳු මෙන්ඩිස් 150* , කසුන් විදුර 87, තික්ෂිල ද සිල්වා 41, භානුක රාජපක්ෂ 3/60.
  • බී. ආර්. සී. දෙවැනි ඉනිම – 231/8 (80): ඩිල්ශාන් ද සොයිසා 105*, කමිඳු මෙන්ඩිස් 4/43.

හලාවත මේරියන්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජය


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය

  • කෝල්ට්ස් පළමු ඉනිම – 408/6d (128.2): ඇන්ජලෝ මැතිව්ස් 173*, සන්තුෂ් ගුණතිලක 100, අවිශ්ක ප්‍රනාන්දු 66, කසුන් රාජිත 3/85.
  • සැරසන්ස් පළමු ඉනිම – 182 (81.2): ගමිඳු කනිෂ්ක 45, නිසල තාරක 3/34.
  • සැරසන්ස් දෙවන ඉනිම – 106/3 (40): නවිඳු නිර්මාල් 34*, අකිල දනංජය 2/19

කෝල්ට්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජය


යුද හමුදා ක්‍රීඩා සමාජය සහ එන්. සී. සී.

  • යුද හමුදා පළමු ඉනිම – 269 (84.1): අසේල ගුණරත්න 50, හිමාෂ ලියනගේ 46, දිලේෂ් ගුණරත්න 5/42.
  • එන්. සී. සී. පළමු ඉනිම – 417/7d (88): උපුල් තරංග 121, ලහිරු උදාර 105, මහේල උඩවත්ත 77,
  • යුද හමුදා දෙවන ඉනිම – 255/3 (60): දිනේෂ් චන්දිමාල් 129, තුලින ඩිල්ශාන් 116*, දිලේෂ් ගුණරත්න 2/13.

එන්. සී. සී. කණ්ඩායමට පළමු ඉනිමේ ජය

Video – 2020 ක්‍රිකට් සහ ක්‍රිකට් වල අනාගතය – පිටියේ කතා

පලිහ තරග

 තෙවැනි දිනය තුල වමතින් දඟපන්දු යවන උපුල් ඉන්ද්‍රසිරි මීගමුව ක්‍රිකට් සමාජය වෙනුවෙන් දක්ෂ පන්දුකරණයක නිරත වෙමින් ලංකන් ක්‍රිකට් එරෙහිව පැවති එම තරගය ජය ගැනීම සඳහා සවියක් විය. 

අනතුරුව ලකුණු 144ක සිව්වැනි ඉනිමේ ඉලක්කයක් හඹා ගිය මීගමුව කණ්ඩායම වෙනුවෙන් රොස්කෝ තටිල් නැවතත් සාර්ථක වෙමින් දස්කම් අතරට පැමිණියේ සිය කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිකර දෙමිනි. පලිහ කොටසේ අනික් තරග දෙකම නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි.

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය

  • මුවර්ස් පළමු ඉනිම – 340 (100.2): අයන සිරිවර්ධන 83, අදීශ තිලංචන 53, දිනුක ඩිල්ශාන් 46, කවිෂ්ක අංජුල 42, ලහිරු සමරකෝන් 5/86.
  • බදුරලිය පළමු ඉනිම – 149 (45.5): සාලින්ද උෂාන් 67, කවිෂ්ක අංජුල 5/39.
  • මුවර්ස් දෙවන ඉනිම – 305/6d (69.1): රමේෂ් මෙන්ඩිස් 61, සචිත්‍ර සේරසිංහ 60, නිපුන් කරුණානයක 58, ලහිරු සමරකෝන් 2/33.
  • බදුරලිය දෙවන ඉනිම – 120/9 (40): දුශාන් හේමන්ත 43, කවිෂ්ක අංජුල 6/35.

මුවර්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජය


ලංකන් ක්‍රිකට් සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය

  • ලංකන් පළමු ඉනිම – 270 (68.2): චානක රුවන්සිරි 124*, ලහිරු ඩිල්ශාන් 43, ලක්ෂිත රසාංජන 5/85.
  • මීගමුව පළමු ඉනිම – 238 (69.2): මාධව වර්ණපුර 64, රොස්කෝ තටිල් 63, අශේන් සිල්වා 53, දුනිත් වෙල්ලාලගේ 3/66.
  • ලංකන් දෙවන ඉනිම  – 111 (50.3): උපුල් ඉන්ද්‍රසිරි 5/34.
  • මීගමුව දෙවන ඉනිම 147/5 (36.5): රොස්කෝ තටිල් 38*, මාධව වර්ණපුර 33, දුනිත් වෙල්ලාලගේ 3/60.

මීගමුව ක්‍රිකට් සමාජයට කඩුලු 5ක ජයක්


එස්. එස්. සී. ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය

  • එස්. එස්. සී. පළමු ඉනිම – 254 (77.5): සචිත්‍ර සේනානායක 81, අකාෂ් සේනාරත්න 37, සුරංග ලක්මාල් 4/36.
  • ටැමිල් යූනියන් පළමු ඉනිම – 349 (102.4): රන්මිත් ජයසේන 82, තරංග පරණවිතාන 71, ධනංජය ද සිල්වා 53, දක්ෂිත ප්‍රනාන්දු 49, ජෙෆ්රි වැන්ඩසේ 4/91, සචිත්‍ර සේනානායක 3/63.
  • එස්. එස්. සී. දෙවන ඉනිම – 271/5 (68): චරිත් අසලංක 94, සඳුන් වීරක්කොඩි 68, මධුක ලියනපතිරණ 2/51.

ටැමිල් යූනියන් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<