ශ්‍රී ලංකාව එලඹෙන පෙබරවාරියේ ඕස්ට්‍රේලියාවට​

325
Sri Lanka have a team huddle prior to the start of the fifth one day international cricket match between New Zealand and Sri Lanka played at the Bay Oval in Mount Maunganui on January 05, 2016. AFP PHOTO / MICHAEL BRADLEY / AFP PHOTO / MICHAEL BRADLEY
©AFP

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් 2017 වර්ෂය සදහා නිකුත් කරනු ලැබු කාලසටහනට අනුව ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සමග විස්සයි විස්ස තරග 3ක් සදහා එලඹෙන පෙබරවාරි මාසයේ පිටත් වීමට නියමිතව ඇත.

තරගාවලිය පෙබරවාරී මස 17, 19 සහ 22 යන දිනයන් හි පැවැත්වවෙන නමුත් ආදාළ ක්‍රීඩාංගනයන් මෙතෙක් සදහන් කර නොමැත.

ඕස්ට්‍රේලියාව මෙවන විටත් ශ්‍රී ලංකාව සමග තරග සංචාරයක්  ජුලි 26 සිට සැප්තැම්බර් 9 වැනිදා දක්වා පැවැත්වීමට සුදානම් කර ඇති අතර එය ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 5ක් සහ අන්තර්ජාතික විස්සයි විස්ස තරග දෙකක් අන්තර්ගත වේ.

ශ්‍රී ලංකාව අවසන් වරට ඔස්ට්‍රේලියා සංචාරයකට සහභාගී වුයේ 2013 වර්ශයේදි වන අතර එහිදි ඔවුන් ටෙස්ට් තරග 3-0 ක් ලෙස පාරජය වු අතර, 2-2ක් ලෙස එක්දින තරග ජය පරාජයකින් තොරවද, විස්සයි විස්ස තරග 2-0 ලෙස ද ජයග්‍ර‍ණය කිරීමට සමත් විය.

තවද මෙය ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව සමග විස්සයි – විස්ස තරග 3ක් පවත්වන ප්‍ර‍ථම අවස්තාවද වේ.

ශ්‍රී ලංකාව මෙම සංචාරයට ප්‍ර‍ථම දකුණු අප්‍රිකාව සමග සම්පූර්ණ ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 5ක් සහ විස්සයි විස්ස තරග 3ක් සදහා සහභාගි වීමට නියමිතව ඇත.

එලෙසම ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග 3ක්, නවසීලන්තයට එරෙහිව එක්දින තරග 3ක් සහ පකිස්තානය සමග ටෙස්ට් තරග 3ක් සහ එක්දින තරග 5කටද 2016-17 තරග කාලසටහනට අනුව සහභාගීවීමට ඇත.

දකුණු අප්‍රිකාවට එදිරිව ටෙස්ට් තරගාවලිය

පළමු ටෙස්ට් තරගය – නොවැම්බර් 3-7 දක්වා පර්ත් හි

දෙවන ටෙස්ට් තරගය – නොවැම්බර් 12-16 දක්වා හොබර්ට් හි

තෙවන ටෙස්ට් කරගය – නොවැම්බර් 24-28 දක්වා  ඇඩිලේඩ් හි

නවසීලන්තයට එදිරිව චැපල් හැඩ්ල් කුසලානය

පළමු එක්දින තරගය – දෙසැම්බර් 4 සිඩ්නි හි

දෙවන එක්දින තරගය – දෙසැම්බර් 6 කැන්බෙරා හි

තුන්වන එක්දින තරගය – දෙසැම්බර් 9 මෙල්බර්න් හි

පකිස්ථානයට එදිරිව ටෙස්ට් තරගාවලිය

පළමු ටෙස්ට් තරගය – දෙසැම්බර් 15-19 දක්වා බ්‍රිස්බන් හි

දෙවන ටෙස්ට් තරගය – දෙසැම්බර් 26-30 දක්වා මෙල්බර්න් හි

තෙවන ටෙස්ට් කරගය – ජනවාරී 3-7 දක්වා සිඩ්නි හි

පකිස්ථානයට එදිරිව එක්දින තරගාවලිය

පළමු එක්දින තරගය – ජනවාරි 13 බ්‍රිස්බන්හි

දෙවන එක්දින තරගය –  ජනවාරි 15 මෙල්බර්න් හි

තුන්වන එක්දින තරගය – ජනවාරි 22 සිඩ්නි හි

ශ්‍රී ලංකාවට එදිරිව විස්සයි විස්ස තරගාවලිය

ප්‍ර‍ථම තරගය – පෙබරවාරි 17

දෙවන තරගය – පෙබරවාරි 19

තෙවන තරගය – පෙබරවාරි 22