Home Sinhala මෙන්ඩිස් සහ තුෂාරගේ දස්කම් මතින් Gladiators අවසන් මහා තරගයට

මෙන්ඩිස් සහ තුෂාරගේ දස්කම් මතින් Gladiators අවසන් මහා තරගයට

ලංකා ප්‍රිමියර් ලීගය 2021

2424

මෙවර LPL තරගාවලියේ අඛණ්ඩව තෙවැනි වරටත් Jaffna Kings පරාජය කළ Galle Gladiators නොකඩවා දෙවැනි වරටත් LPL අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගැනීමට අද (19) රාත්‍රියේ දී සමත් වුනා.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ දී LPL තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නට කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක සමත් වුනා.

ඊට අමතරව මෙවර තරගාවලියේ කඩුලු 5ක් දවා ගත් දෙවැනි පන්දු යවන්නා බවට නුවන් තුෂාර පත් වූ අතර එය Gladiators ජයග්‍රහණය සඳහා විශාල සාධකයක් බවට ද පත්වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Galle Gladiators: Danushka Gunathilaka, Kusal Mendis (wk), Mohammad Hafeez, Bhanuka Rajapaksa (capt.), Samit Patel, Sahan Arachchige, Isuru Udana, Anwar Ali, Pulina Tharanga, Mohammad Amir, Nuwan Thushara
  • Jaffna Kings: T Kohler-Cadmore, Avishka Fernando, Rahmanullah Gurbaz (wk), Ashen Bandara, Shoaib Malik, Thisara Perera (capt.), Wanindu Hasaranga, Chaturanga de Silva, Wahab Riaz, Suranga Lakmal, Maheesh Theekshana
  • Jaffna Kings | OUT – V Viyaskanth & P Jayawickrama; IN – W Hasaranga & M Theekshana
  • Galle Gladiators | OUT – N Ahmad & P Madushan; IN – A Ali & N Thushara

මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන දිනා ගත් Kings නායක තිසරගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Gladiators වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ගොඩනැගූ ගුණතිලක – මෙන්ඩිස් සුසංයෝගය Powerplay පන්දුවාර 6 තුල ලකුණු 61ක් ලබා ගන්නට සමත් වුනා.

ඉන් නොනැවතුණු ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලේ සම්බන්ධතාව වෙනුවෙන් ලකුණු 100 කඩඉම පන්දු 66ක දී ඉක්මවා යන්නට සමත් වුනා. අවසානයේ දී මොවුන් දෙදෙනා පන්දු 80ක් තුල පළමු කඩුල්ල සඳහා ලකුණු 121ක සබඳතාවයක් ගොඩනංවමින් LPL තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු ඉහළම ලකුණු සබඳතාවයේ වාර්තාව පිහිටුවන්නට සමත් වුනා.

Kohler-Cadmore සහ උපුල් තරංග Colombo Starsට එරෙහිව ලකුණු 110ක සබඳතාවයක් ගොඩනංවමින් තබා තිබූ වාර්තාව ඒ අනුව බිඳ වැටුණා.

Shoaib Malikට එරෙහිව එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමඟ ගුණතිලක මෙවර LPL තරග වාරයේ පළමු අර්ධ ශතකයට හිමිකම් කියද්දී, ඊට පන්දුවකට පසු මෙන්ඩිස් සිය අර්ධ ශතකය සපුරා ගන්නට සමත් වුනා. පන්දු 42කට මුහුණ දුන් ගුණතිලක ලබා ගත් ලකුණු 55ට හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුනා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මෙන්ඩිස් 19 වැනි පන්දුවාරයේ දී සිය ඉනිම නිමා කරන විට පන්දු 53කට මුහුණ දී ලකුණු 85ක් ලබාගෙන සිටි අතර ඔහුගේ එම මනරම් ඉනිම සඳහා හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් වුනා. එය සිය විස්සයි විස්ස දිවියේ ලබා ගත් ඉහළම පුද්ගලික ලකුණු ප්‍රමාණය ද වුනා.

ඒ සමඟින් මෙවර LPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ දිනා ගැනීමට ද මෙන්ඩිස්ට හැකියාව ලැබුණු අතර ඔහු තරග 9කට සහභාගී වී අර්ධ ශතක දෙකක් සමඟ රැස්කරගෙන සිටින මුලු ලකුණු සංඛ්‍යාව 288ක්.

තිසරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ගුණතිලක 14 වැනි පන්දුවාරයේ දී දැවී ගිය ද, අනෙක් අන්තයේ සිටි මෙන්ඩිස් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියා. එහෙත් 15 වැනි පන්දුවාරය ලකුණු 7කටත්, 17 වැනි පන්දුවාරය ලකුණු 8කටත් සීමා කිරීමට වනිඳු හසරංග සමත් වීම නිසා Gladiators ආරම්භයේ සිට පවත්වා ගෙන ආ දල ලකුණු ලබා ගැනීමේ වේගයේ රිද්මය තරමක් අඩාල වුනා.

පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබමින් අංක 3 ස්ථානයෙන් පැමිණි Ali පන්දු 7ක දී ලකුණු 12ක් ද, නායක භානුක රාජපක්ෂ අවසන් පන්දු වාරය යැවූ Wahabට එරෙහිව පිට පිට එල්ල කරන ලද හයේ පහර 2ත් ද සමඟ පන්දු 15ක දී වේගවත් ලකුණු 25ක් ද ලබා ගනිමින් Gladiators ලකුණු පුවරුව ඉහළ දැමුවා.

Kings සතු හොඳම පන්දු යවන්නන් වූ මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග හමුවේ කඩුලු ලබා නොදීමට වග බලා ගත් Gladiators ක්‍රීඩකයින් එම පන්දුවාර 8 දී ලකුණු 67ක් උදුරා ගැනීමට සමත් වුනු අතර තිසර සහ Wahab කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී ලක්මාල් එක් කඩුල්ලක් දවා ගත්තා.

පන්දු 120ක දී ලකුණු 189ක ඉලක්කයක් හඹා යාමේ අභියෝගය ඇතිව පිටියට පිවිසි Kings පිතිකරුවන්ට ප්‍රබල Gladiators පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 16.5ක දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 124ක් පමණයි.

එම හඹා යෑමේ දී පළමු පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් තරගයට අවතීර්ණ වීමට අවිෂ්ක සමත් වුවත්, Amir එවූ ඊළඟ පන්දුවේ දී ම දැවී යෑම නිසා ඔවුන්ගේ ආරම්භය බිඳ වැටුණා.

Kings ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත වුවත් Gurbaz සහ අංක 7 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි වනිඳු හසරංග හැරුණු කොට අනෙක් එකම පිතිකරුවකුට හෝ ලකුණු 10 සීමාවට ළඟා වීමට Gladiators පන්දු යවන්නන් අවස්ථාවක් දුන්නේ නැහැ.

පන්දු 37කට මුහුණ දුන් කඩුලු රකින පිතිකරු Gurbaz හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටිය දී තුෂාරගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

පළමු පන්දුවාර 3 දී ලකුණු 13ක් පමණක් ලබා දෙමින් සිය අවසන් සහ සිව්වැනි පන්දුවාරය යැවීමට 17 වැනි පන්දුවාරයේ දී පැමිණි තුෂාර පළමු පන්දුවේ දී වනිඳු හසරංගව ද (29), තෙවැනි පන්දුවේ දී Wahab ද (01) සහ පස්වැනි පන්දුවේ දී මහීෂ් තීක්ෂණව ද දවා ගනිමින් සිය පන්දුවාර 4 නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 13කට කඩුලු 5ක් ලෙසින් අවසන් කළා.

ඒ අනුව මේ Qualifier 1 තරගය පරාජය වුනු Jaffna Kings කණ්ඩායම Dambulla Giants සමඟ මේ මස 21 වැනිදා Qualifier 2 තරගයේ දී එකිනෙකා මුණගැසීමට නියමිතයි.


Result


Jaffna Kings
124/10 (16.5)

Galle Gladiators
188/5 (20)

Batsmen R B 4s 6s SR
Kusal Mendis lbw b Suranga Lakmal 85 53 7 4 160.38
Danushka Gunathilaka b Thisara Perera 55 42 6 1 130.95
Anwar Ali c Rahmanullah Gurbaz b Thisara Perera 12 7 2 0 171.43
Bhanuka Rajapakse c & b 25 15 0 0 166.67
Mohammad Hafeez c & b 1 3 0 0 33.33
Samit Patel not out 0 0 0 0 0.00


Extras 10 (b 0 , lb 7 , nb 0, w 3, pen 0)
Total 188/5 (20 Overs, RR: 9.4)
Fall of Wickets 1-121 (13.5) Danushka Gunathilaka, 2-147 (15.5) Anwar Ali, 3-175 (18.5) Kusal Mendis,

Bowling O M R W Econ
Mahesh Theekshana 4 0 34 0 8.50
Suranga Lakmal 3 0 29 1 9.67
Wahab Riaz 4 0 39 2 9.75
Wanindu Hasaranga 4 0 33 0 8.25
Thisara Perera 4 0 36 2 9.00
Shoaib Malik 1 0 10 0 10.00


Batsmen R B 4s 6s SR
Avishka Fernando b 6 2 0 0 300.00
Rahmanullah Gurbaz c & b 59 37 0 0 159.46
Tom Kohler-Cadmore c & b 4 5 0 0 80.00
Ashen Bandara run out () 9 17 0 0 52.94
Shoaib Malik c & b 2 5 0 0 40.00
Thisara Perera c & b 4 6 0 0 66.67
Wanindu Hasaranga c & b 29 15 0 0 193.33
Chathuranga de Sliva c & b 6 8 0 0 75.00
Wahab Riaz b 1 4 0 0 25.00
Suranga Lakmal not out 0 0 0 0 0.00
Mahesh Theekshana c & b 0 2 0 0 0.00


Extras 4 (b 0 , lb 0 , nb 0, w 4, pen 0)
Total 124/10 (16.5 Overs, RR: 7.37)
Bowling O M R W Econ
Mohammad Amir 3 0 22 1 7.33
Samit Patel 3 0 33 0 11.00
Nuwan Thushara 3.5 0 13 5 3.71
Isuru Udana 3 0 19 1 6.33
Pulina Tharanga 2 0 13 1 6.50
Mohammad Hafeez 1 0 21 0 21.00
Anwar Ali 1 0 3 0 3.00



තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න, ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<