6 වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය රටවල් 20ක සහභාගිත්වය ඇතිව ප්‍රංශයේ දී පැවැත්විය. 1991 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තය, ස්කොට්ලන්තය, අයර්ලන්තය සහ වේල්සය සමඟ ප්‍රංශය සම සත්කාරකත්වය දැරූව ද, මෙවර තරගාවලියේ සත්කාරකත්වය ඔවුන්ට තනිවම දැරීමට සිදු විය.

2003 දී එංගලන්තය පළමු වතාවට Cup එක උස්සයි!

පස්වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය රටවල් 20ක සහභාගිත්වය ඇතිව ඕස්ට්‍රේලියාවේ දී පැවැත්විය…

මෙම තරගාවලිය සඳහා අලුතින්ම පෘතුගාලය එක්වන විට සෙසු රටවල් 19ම ඊට පෙර තරගාවලි සඳහා සහභාගි වී තිබුණි. එසේ නම්  දින 44ක් පුරාවට උණුසුම් මුහුණුවරකින් පැවති මෙම තරගාවලිය පිළිබඳව දැන් අපි කතා කරමු.

තරගාවලියේ සමාරම්භක උළෙලේ අවස්ථාවක් (gettyimages)

තරගාවලියේ එක් එක් කාණ්ඩවලට අයත් වූ රටවල් 

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
දකුණු අප්‍රිකාව  ඕස්ට්‍රේලියාව  නවසීලන්තය  ප්‍රංශය 
එංගලන්තය  වේල්සය  ස්කොට්ලන්තය   අයර්ලන්තය 
සැමෝවා   ජපානය   ඉතාලිය  නැමීබියාව  
ටොංගා ෆිජී  රුමේනියාව  ආජන්ටිනාව 
ඇමරිකාව කැනඩාව  පෘතුගාලය ජෝර්ජියාව  

තරගාවලිය පැවති ආකාරය 

පළමු වටයේ තරගවල දී කාණ්ඩයේ  සෑම රටක්ම අනිත් රටවල් 4 සමඟ තරග වැදීමට නියමිතව තිබුණි. ඉන්පසුව සෑම කාණ්ඩයකම පළමු ස්ථාන ලබා ගන්නා රටවල් 2 අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. 

ඉන්පසුව අර්ධ අවසන් පූර්ව වටය යටතේ පැවති තරග හතරේ ජයග්‍රාහකයන් අවසන් පූර්ව වටයට එක්විය. අවසන් පූර්ව වටය යටතේ තරග 2ක් පැවති අතර එම තරගවල ජයග්‍රාහකයන් අවසන් තරගයට එක්වුණු අතර එම අවසන් තරගයේ ජයග්‍රාහකයාට  කුසලානය හිමි විය.

පළමු වටයේ තරගවල ප්‍රතිඵල 

දින 23ක් පුරාවට පැවති පළමු වටයේ තරග අවසානයේ දී දකුණු අප්‍රිකාව, ආජන්ටිනාව, ස්කොට්ලන්තය, නවසීලන්තය, ප්‍රංශය, එංගලන්තය, ෆීජී සහ ඕස්ට්‍රේලියාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

A කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • එංගලන්තය 24 – 10 ඇමරිකාව      
  • දකුණු අප්‍රිකාව 59 – 07 සැමෝවා     
  • ටොංගා 25 – 15 ඇමරිකාව      
  • දකුණු අප්‍රිකාව 36 – 00 එංගලන්තය    
  • ටොංගා 19 – 15 සැමෝවා 
  • දකුණු අප්‍රිකාව 30 – 25 ටොංගා
  • එංගලන්තය 44 – 22 සැමෝවා 
  • සැමෝවා 25 – 21 ඇමරිකාව 
  • එංගලන්තය 36 – 20 ටොංගා 
  • දකුණු අප්‍රිකාව 64 – 15 ඇමරිකාව 

    දකුණු අප්‍රිකා – එංගලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

B කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • ඕස්ට්‍රේලියාව 91 – 03 ජපානය      
  • වේල්සය 42 – 17 කැනඩාව    
  • ෆීජී 35 – 31 ජපානය       
  • ඕස්ට්‍රේලියාව 32 – 20 වේල්සය     
  • ෆීජී 29 – 16 කැනඩාව
  • වේල්සය 72 – 18 ජපානය 
  • ඕස්ට්‍රේලියාව 55 – 12 ෆීජී  
  • කැනඩාව 12 – 12 ජපානය 
  • ඕස්ට්‍රේලියාව 37 – 06 කැනඩාව
  • ෆීජී 38 – 34 වේල්සය

    ෆීජී – ඕස්ට්‍රේලියා තරගයේ අවස්ථාවක් (gettyimages)

C කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • නවසීලන්තය 76 – 14 ඉතාලිය      
  • ස්කොට්ලන්තය 56 – 10 පෘතුගාලය    
  • ඉතාලිය 24 – 18 රුමේනියාව       
  • නවසීලන්තය 108 – 13 පෘතුගාලය     
  • ස්කොට්ලන්තය   42 – 00 රුමේනියාව 
  • ඉතාලිය 31 – 05 පෘතුගාලය
  • නවසීලන්තය 40 – 00 ස්කොට්ලන්තය 
  • රුමේනියාව 14 – 10 පෘතුගාලය
  • නවසීලන්තය 85 – 08 රුමේනියාව 
  • ස්කොට්ලන්තය 18 – 16 ඉතාලිය  

    නවසීලන්ත-ස්කොට්ලන්ත   තරගයේ අවස්ථාවක් (gettyimages)

D කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • ආජන්ටිනාව 17 – 12 ප්‍රංශය
  • අයර්ලන්තය 32 – 17 නැමීබියාව
  • ආජන්ටිනාව 33 – 03 ජෝර්ජියාව  
  • අයර්ලන්තය 14 – 10 ජෝර්ජියාව 
  • ප්‍රංශය 87 – 100 නැමීබියාව 
  • ප්‍රංශය 25 – 03 අයර්ලන්තය
  • ආජන්ටිනාව 63 – 03 නැමීබියාව  
  • ජෝර්ජියාව 30 – 00 නැමීබියාව
  • ප්‍රංශය 64 – 07 ජෝර්ජියාව
  • ආජන්ටිනාව 30 – 15 අයර්ලන්තය

    ප්‍රංශ-ආජන්ටිනා තරගයේ අවස්ථාවක් (gettyimages)

අර්ධ අවසන් පූර්ව වටය

මුල් තරග වටවල ප්‍රතිඵල අනුව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ආජන්ටිනාව, ස්කොට්ලන්තය සහ ෆීජී යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. එම අර්ධ අවසන් පූර්ව වටයේ දී එක් එක් කණ්ඩායම් තරග වැදුණේ පහත ආකාරයටය.

එංගලන්තය  සහ ඕස්ට්‍රේලියාව  

අර්ධ අවසන් පූර්ව වටයේ පළමු  තරගය වූ මෙම තරගයේ දී එංගලන්ත ක්‍රීඩක ජොනී විල්කින්සන් දඬුවම් පහර 4ක් මගින් ලකුණු 12ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් වීම නිසා අවසානයේ දී එංගලන්තය කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 12-10ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

එංගලන්ත – ඕස්ට්‍රේලියා අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

1999 රග්බි ලෝක කුසලාන තරගාවලියේ මතක

1999 සිව්වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය වේල්සයේ දී පැවැත්වූයේ රටවල් 20ක…

නවසීලන්තය සහ ප්‍රංශය  

කරට කර සටනක් පැවති මෙම තරගය අවසානයේ දී ප්‍රංශය 20-18ක් ලෙසින් ජයග්‍රහණය කළේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ මුල්ම අර්ධ අවසන් පූර්ව තරග පරාජය උරුමකර දෙමිනි. එහි දී ප්‍රංශය ලබා ගත් එක් උත්සාහක දිනුමක් සඳහා විනිසුරුවන් ලබා දුන් දුර්වල තීරණය නවසීලන්තය පරාජය වීමට හේතුව විය.

ප්‍රංශ – නවසීලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

දකුණු අප්‍රිකාව සහ ෆීජී 

ප්‍රබල දකුණු අප්‍රිකා කණ්ඩායම ෆීජී කණ්ඩායම හමුවේ 37-20ක් ලෙසින් පහසු ජයක් ලබා ගනිමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.  

දකුණු අප්‍රිකාව සහ ෆීජී අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

ආජන්ටිනාව සහ ස්කොට්ලන්තය   

මෙම තරගයේ දී ආජන්ටිනා කණ්ඩායම ස්කොට්ලන්තය  පරාජය කරමින් ලකුණු 19-13ක ජයක් ලැබුවේ මුල්ම වරට රග්බි ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබමින්.

ආජන්ටිනා – ස්කොට්ලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

අවසන් පූර්ව වටය 

එම අවදියේ ලෝක රග්බි පිටියේ සිටි දැවැන්තයන් කිහිප දෙනෙකුට අවසන් පූර්ව තරග වරම අහිමි කරමින් ආජන්ටිනාව, එංගලන්තය,ප්‍රංශය සහ දකුණු අප්‍රිකාව 2007 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

පළමු අවසන් පූර්ව තරගය 

මෙම තරගය එංගලන්ත කණ්ඩායම සහ සත්කාරක ප්‍රංශ කණ්ඩායම අතර පැවැත්විය. 1987 සහ 1999 රග්බි ලෝක කුසලාන අනුශූරයන් වූ ප්‍රබල ප්‍රංශ කණ්ඩායම පළමු භාගය අවසන් වන විට 6-5ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තේය. 

ඉන් අනතුරුව දෙවන භාගයේ දී සිය ග්‍රහණය තවත් දැඩි කළ ප්‍රංශ කණ්ඩායම තරගය නිමා වීමට විනාඩි 5ක් තිබිය දී 9-8ක් ලෙස ඉදිරියෙන් සිටියේය. නමුත් තරගයේ අවසන් විනාඩි 5 තුළ ක්‍රියාත්මක වුණු එංගලන්ත සුපිරි ක්‍රීඩක ජොනී විල්කින්සන් දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කරගනිමින් ලබා ගත් ලකුණු 6 නිසා එංගලන්තය 14-09ක් ලෙසින් තරගය ජයග්‍රහණය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

එංගලන්ත – ප්‍රංශ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

දෙවන අවසන් පූර්ව තරගය

දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ආජන්ටිනාව තරග වැදුණු මෙම තරගය ආරම්භයේ සිටම දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ග්‍රහණය යටතේ පැවතුණු නිසා පළමු භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 24-06ක් ලෙසින් සටහන් විය. 

ඉන්පසුව දෙවන භාගයේ දී වඩාත් ආක්‍රමණශීලී තරග රටාවක නිරත වුණු දකුණු අප්‍රිකාව  තරගය ජයග්‍රහණය කළේ 37-13ක් ලෙසිනි. එහි දී දකුණු අප්‍රිකානු ක්‍රීඩක පර්සි මොන්ටිගොමරි දඬුවම් පහර 3ක් සහ ප්‍රවර්තන 4ක් සාර්ථක කරගනිමින් සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 17ක්  රැස් කළේය. 

ඊට අමතරව බ්‍රයන් හබානා උත්සාහක දිනුම් 2ක් වාර්තා කළේය. දකුණු අප්‍රිකාවට  මෙම ජයග්‍රහණය සුවිශේෂී එකක් වූයේ 1995 රග්බි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔවුන්ට රග්බි ලෝක කුසලාන අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලැබීමය.

දකුණු අප්‍රිකා – ආජන්ටිනා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

තෙවැනි ස්ථානය ආජන්ටිනා කණ්ඩායමට

තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවති තරගය සඳහා සහභාගි වූයේ ප්‍රංශ කණ්ඩායම සහ ආජන්ටිනා  කණ්ඩායමයි. මෙම තරගයේ පළමු භාගයේ දී කොන්ටෙපොමී සහ ජලීල් ආජන්ටිනාව වෙනුවෙන් ලබා ගත් උත්සාහක දිනුම් නිසා පළමු භාගය අවසන් වන විට ආජන්ටිනාව 17-03ක් ලෙසින් පෙරමුණේ පසු විය. 

ඉන්පසුව දෙවන භාගය තුළ ආජන්ටිනා කණ්ඩායම වඩාත් ප්‍රවේගකාරී තරග රටාවක නිරත වෙමින් ලකුණු 17ක් ලබා ගන්නා විට ප්‍රංශ කණ්ඩායම ලකුණු 7ක් පමණක් ලබා ගත් නිසා අවසානයේ දී 34-10ක් ලෙස පහසු ජයක් ලැබීමට ප්‍රබල ආජන්ටිනා  කණ්ඩායමට හැකි විය.

තෙවන ස්ථානය සඳහා පැවති තරගයේ අවස්ථාවක් (gettyimage)

දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන වරට රග්බි ලෝක ශූරයන් විය

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවති මෙම තරගයේ මුල සිටම ඉදිරියෙන් සිටි දකුණු අප්‍රිකානුවන් පළමු භාගය අවසන් වන විට 9-3ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය. නමුත් දෙවන භාගය ආරම්භයේ දී ම ක්‍රියාත්මක වුණු එංගලන්ත සුපිරි ක්‍රීඩක ජොනී විල්කින්සන් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු තත්ත්වය 9-6ක් බවට පත්කළේය. 

නමුත් තරගයේ 51 වැනි විනාඩියේ ක්‍රියාත්මක වුණු පර්සි මොන්ටිගොමරි දඬුවම් පහරක් මගින් ලබා ගත් ලකුණු 3ත් සමඟින් 12-06ක් ලෙස ඉදිරියක් ලබාගත් දකුණු අප්‍රිකානුවන් අවසානයේ දී 15-06ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් දෙවන වරටත් රග්බි ලෝක ශූරයන් විය.

මොන්ටිගොමරි අවසන් තරගයේ දී ක්‍රීඩා කරමින් (gettyimages)