Home Sinhala කුසල් මෙන්ඩිස්ගේ ඉනිම වතුරේ යවමින් Colombo Stars තරගය ජය ගනියි

කුසල් මෙන්ඩිස්ගේ ඉනිම වතුරේ යවමින් Colombo Stars තරගය ජය ගනියි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

3416
Angelo-Mathews

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Galle Gladiators සහ Colombo Stars අතර අද (12) පැවති තරගය ලකුණු 41කින් ජය ගන්නට Colombo Stars සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo Stars පන්දුවාර 18ක දී කඩුලු 7කට ලකුණු 162ක් වාර්තා කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Galle Gladiatorsට සියලු දෙනා දැවී රැස් කරගන්නට හැකි වුනේ ලකුණු 121ක් පමණයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වුනේ තරගාවලියේ 13 වැනි තරගය ලෙසයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

අද දිනයේ දීත් වර්ෂාව හේතුවෙන් තරගයට කිහිපවතාවක්ම බාධා එල්ල වූ අතර වර්ෂාව නිසා එක් කණ්ඩායමට හිමි වුනේ පන්දුවාර 18ක් පමණයි. කාසියේ වාසිය දිනා Colombo Stars පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තා. Colombo Stars වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් අද තරගයට එක්වීම විශේෂත්වයක්.

පසුගිය කොදෙව් ටෙස්ට් තරගාවලියේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් මැතිව්ස්ට තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වුනා.

කණ්ඩායමේ අනෙක් පිතිකරුවන් සියල්ලම පාහේ අසාර්ථක වන විට ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රියාත්මක කළ නායක මැතිව්ස් පන්දු 57ක දී ලකුණු 73ක් රැස්කර ගන්නට සමත් වුනා. ඔහුගේ ඒ සුපිරි ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර 8ක් අන්තර්ගත වුනා. අශාන් ප්‍රියන්ජන් පන්දු 16ක දී ලකුණු 23යි.

Colombo Stars ඉනිමේ අවසන් පන්දුවාර තුනේ දී පැමිණ වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කළ දිනේෂ් චන්දිමාල් පන්දු 14ක දී ලකුණු 36ක් රැස් කළේ ප්‍රතිවාදී පන්දු යවන්නන් අන්දමන්ද කරමිනුයි. ඔහුගේ ඒ විශිෂ්ට අවසානයට හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් ඇතුළත් වුනා.

Galle Gladiators වෙනුවෙන් Samit Patel සහ ධනංජය ලක්ෂාන් කඩුලු දෙක බැගින් බිඳ දැමුවා.

Galle Gladiators ආරම්භ පිතිකරුවන් ලෙස දනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසුණා. මාස 06ක විරාමයකින් පසු ලකුණු අතරට පිවිසුණු කුසල් මෙන්ඩිස් අලංකාර ඉනිමක් දියත් කළේ කණ්ඩායමේ බර සිය කරට ගනිමින්.

මෙන්ඩිස් පන්දු 39ක දී ලකුණු 64ක් වාර්තා කරන්නට සමත් වුනා. ඔහුගේ ඒ අලංකාර ඉනිමට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා. Galle Gladiators කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකු, එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටි මෙන්ඩිස්ට සහය දක්වන්නට සමත් වුනේ නැහැ.

දනුෂ්ක ගුණතිලක සහ Mohammad Hafeez ලකුණු 14කට සහ 16කට දවා ගන්නට සීක්කුගේ ප්‍රසන්න සමත් වුනා. ඇෆ්ගනිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Naveen-ul-Haq මෙම තරගයේ දී කඩුලු තුනක් දවා ගත්තේ සිය විස්සයි විස්ස තරග දිවියේ 100 වැනි කඩුල්ල ද වාර්තා කරමිනුයි. Ravi Rampaul ලකුණු 36කට කඩුලු දෙකක් තමන් සතුකර ගත්තා.

තරගය Colombo Stars ජය ගත්තේ දැවැන්ත ලකුණු 41ක පරතරයකිනුයි.

LPL තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.


Result


Galle Gladiators
121/10 (16.5)

Colombo Stars
162/7 (18)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c & b 1 4 0 0 25.00
Angelo Mathews c & b 73 57 0 0 128.07
Ashan Priyanjan c & b 23 16 0 0 143.75
Tom Banton c & b 5 9 0 0 55.56
Seekkuge Prasanna c & b 6 5 0 0 120.00
Dinesh Chandimal c & b 36 14 0 0 257.14
Ravindu Fernando c & b 0 1 0 0 0.00
Dhananjaya de Silva not out 2 2 0 0 100.00
Dushmantha Chameera not out 0 0 0 0 0.00


Extras 16 (b 5 , lb 0 , nb 0, w 11, pen 0)
Total 162/7 (18 Overs, RR: 9)
Bowling O M R W Econ
Mohammad Amir 4 0 23 1 5.75
Samit Patel 4 0 23 2 5.75
Nuwan Thushara 1 0 7 0 7.00
Isuru Udana 4 0 49 1 12.25
Noor Ahmad 3 0 33 1 11.00
Dhananjaya Lakshan 2 0 22 2 11.00


Batsmen R B 4s 6s SR
Kusal Mendis c & b 64 39 0 0 164.10
Danushka Gunathilaka c & b 14 11 0 0 127.27
Mohammad Hafeez c & b 16 20 0 0 80.00
Bhanuka Rajapakse c & b 1 2 0 0 50.00
Samit Patel b 11 8 0 0 137.50
Isuru Udana run out () 4 4 0 0 100.00
Mohammad Shamaaz c & b 2 2 0 0 100.00
Dhananjaya Lakshan c & b 6 8 0 0 75.00
Noor Ahmad c & b 0 2 0 0 0.00
Mohammad Amir b 1 4 0 0 25.00
Nuwan Thushara not out 1 1 0 0 100.00


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 121/10 (16.5 Overs, RR: 7.19)
Bowling O M R W Econ
Dhananjaya de Silva 1 0 10 0 10.00
Ravi Rampaul 4 0 36 2 9.00
Ashan Priyanjan 2 0 10 1 5.00
Seekkuge Prasanna 4 0 23 2 5.75
Naveen Ul Haq 3.5 0 27 3 7.71
Dushmantha Chameera 2 0 15 1 7.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<