මෙවර DSI පාසල් වොලිබෝල් තරගාවලියට නව වයස් කාණ්ඩයක්

458
(වමේ සිට දකුණට) වොලිබෝල් තරග කමිටු සභාපති කාංචන ජයරත්න, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂක කර්නල් මංජුල කාරියවසම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය, DSI සමාගමේ අධ්‍යක්ෂිකා කෞෂල්‍යා පෙරේරා, DSI සමාගමේ ජ්‍යේෂ්ඨ අලෙවි කළමනාකරු උපේන්ද්‍ර ගුණවර්ධන යන මහත්ම මහත්මීන් අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කරන අවස්ථාවේ ඡායාරූපයට පෙනී සිටිමින්.

පාසල් වොලිබෝල් ක්‍රීඩකයින්ට අනාගතය දිනන්නට වේදිකාව තනා දෙන තරගාවලිය ලෙස සැලකෙන “DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලිය” එළඹෙන අප්‍රේල් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සංවිධාන ශක්තියෙන් සහ DSI සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ “2018 DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලිය” පැවැත්වෙන්නේ 18 වැනි වරටයි. 1999 වර්ෂයේ දී කණ්ඩායම් 198කගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම තරගාවලිය හරහා මේ වන විට ශ්‍රී ලංකා වොලිබෝල් පිටියට නගරයෙන් මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලින් ද බිහිවූ දක්ෂ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව අතිමහත්ය.

ජනිත සුරත් තායිලන්ත ගුවන් හමුදාවට!

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන ජනිත සුරත් හට මෙතෙක් ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෙකුට ලැබුණු ඉහළ අවස්ථාවක් ලැබුණු පුවතක් වාර්තා විය.

මෙවර තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අඟහරුවාදා (13) කොළඹ නිපෝන් හෝටලයේ දී පැවති අතර එහි දී තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂක කර්නල් මංජුල කාරියවසම් මහතා පවසා සිටියේ ගිය වසරේ පැවති තරගාවලියට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් කණ්ඩායම් 4000කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ බවත්, මෙවර 5000කට ආසන්න කණ්ඩායම් ප්‍රමාණයකගේ සහභාගීත්වය අපේක්ෂා කරන බවත්ය.

අපි ගිය අවුරුද්දේ මේ තරගාවලියට 13න් පහළ කාණ්ඩය එකතු කළා. මේ අවුරුද්දේ අපි තරගාවලියට වයස අවුරුදු 11න් පහළ කාණ්ඩයකුත් එකතු කරලා තියෙනවා. ඒ අනුව අප බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ 5000කට ආසන්න කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගී වෙයි කියලා නව වයස් කාණ්ඩයත් සමඟින් යැයි කර්නල් මංජුල මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

වයස අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ ලෙස වයස් කාණ්ඩ 5ක් ඔස්සේ පිරිමි සහ ගැහැණු ලෙස අංශ දෙකක් හරහා තරග පැවැත්වීමට මෙවර  සංවිධායකයින් කටයුතු යොදා ඇත.

මෙවර තරගාවලිය ද පසුගිය වසරේ මෙන් දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වා ඒ අතරින් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් සමස්ත ලංකා මට්ටමින් තරග කිරීමෙන් අනතුරුව ඉන් සුදුසුකම් ලබන කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත.

එ් අනුව අදාළ දිස්ත්‍රික් තරග එළඹෙන අප්‍රේල් මස 27 වැනිදා සිට මැයි මස 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර සමස්ත ලංකා තරග මැයි මස 31 වැනිදා සිට ජූලි මස 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගය අගෝස්තු මස 03 සහ 04 යන දිනවල දී මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

මාධ්‍ය හමුවට සහභාගී වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති, විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ මෙම තරගාවලිය අප රටේ වොලිබෝල් ක්‍රීඩාව නඟා සිටුවීමේ වැදගත්ම කොට්ඨාශය වන පාසල් දරුවන් නියෝජනය කරන නිසාවෙන් අනාගතයේ දී බලාපොරොත්තු තබා ගත හැකි දරුවන් බිහි කිරීමේ වේදිකාව මෙම තරගාවලිය බවයි.

තවදුරටත් අදහස් දක්වමින් එතුමන් මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටි සියලු දෙනාට කුතුහලය දනවන ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ,

“අපි අනාවැකියක් පලකරනවා 2018 වර්ෂය වොලිබෝල් ක්‍රීඩාවේ විප්ලවීය ජයග්‍රාහී වර්ෂය බවට පත්කරන්නට අපි සැලසුම් හදලා තියෙනවා. දැන්ම අපි ඒවා ගැන කතා කරන්නේ නැහැ තව පොඩ්ඩක් කල් තියෙනවා”

වොලිබෝල් පුහුණුකරුවන්ට ජාත්‍යන්තර අත්දැකීමක්

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය මගින් මෙහෙය වනු ලබන ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු අදියර (I) පාඨමාලාව ලබන මස 26 වැනි දා සිට 30 වැනි දා දක්වා…

මාධ්‍ය හමුවට සහභාගී වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු ලේකම් ඒ. එස්. නාලක මහතා පවසා සිටියේ දිස්ත්‍රික් මට්ටමින්, සමස්ත ලංකා මට්ටමින් පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනා ගන්නා කණ්ඩායම්වලට සහ අවසන් මහා තරගයේ ජයග්‍රාහකයින්ට හට මෙන්ම විශේෂ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මුදලින් ත්‍යාග ප්‍රදානය කිරීමට මෙවර කටයුතු සකසා ඇති බවයි.

මාධ්‍ය සාකච්ඡාව සඳහා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය, වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක, DSI ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක තුසිත රාජපක්ෂ, DSI සමාගමේ අධ්‍යක්ෂිකා කෞෂල්‍යා පෙරේරා, ක්‍රීඩා අධ්‍යක්ෂක කර්නල් මංජුල කාරියවසම්, DSI සමාගමේ ජ්‍යේෂ්ඨ අලෙවි කළමනාකරු උපේන්ද්‍ර ගුණවර්ධන සහ වොලිබෝල් තරග කමිටු සභාපති කාංචන ජයරත්න යන මහත්ම, මහත්මීන් මේ සඳහා සහභාගී විය.  

මෙවර තරගාවලියට ඇතුළත් වීම සඳහා වන අයදුම්පත් මේ වන විටත් පාසල්වලට ලබා දී ඇති අතර අවශ්‍ය නම් ලංකාව පුරා ස්ථාපිත කර ඇති DSI ප්‍රදර්ශනාගාර වලින් අයදුම්පත් ලබාගත හැකිය. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය වන්නේ අප්‍රේල් මස 6 වැනිදා වන අතර නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත් DSI ප්‍රදර්ශනාගාර වෙත ලබා දීමෙන් හෝ අංක 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම යන ලිපිනයට තැපැල් මගින් ද එවිය හැකිය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<