Home Sinhala Colombo Stars පරදවමින් Dambulla Giants දෙවැනි තැනට

Colombo Stars පරදවමින් Dambulla Giants දෙවැනි තැනට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

474

මෙරට ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගනිමින් මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් අද (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ Colombo Stars සහ Dambulla Giants අතරයි.

එම තරගයෙන් Colombo Stars ලකුණු 18කින් පරදවමින් ජයග්‍රහණය කිරීමට Dambulla Giants ක්‍රීඩකයන්ට හැකි වුනා.

කාසියේ වාසිය දිනා ගත් Dambulla Giants නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. Dambulla Giants පෙර තරගයට ක්‍රීඩා කළ දකුණත් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු වෙනුවට ඩිල්ෂාන් මුණවීර කණ්ඩායමට කැඳවා තිබූ අතර Colombo Stars ක්‍රීඩක David Wiese පෞද්ගලික හේතුවක් නිසාවෙන් නැවතත් සිය මව් රටට ගොස් තිබූ නිසා ඔහු වෙනුවට Keemo Paul, Colombo කණ්ඩායමට එක් කර තිබුණා.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Colombo Stars: Pathum Nissanka, Tom Banton, Kusal Perera (wk), Dhananjaya de Silva (c), Sherfane Rutherford, Dinesh Chandimal, Keemo Paul, Seekkuge Prasanna, Dushmantha Chameera, Naveen-ul-Haq, Akila Dananjaya

Dambulla Giants: Philip Salt, Niroshan Dickwella (wk), Dilshan Munaweera, Sohaib Maqsood, Dasun Shanaka (c), Najibullah Zadran, Chamika Karunaratne, Ramesh Mendis, Tharindu Ratnayake, Nuwan Pradeep, Imran Tahir

සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරමින් ආරම්භයේ සිටම Colombo Stars පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ Philip Salt සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 50ක සම්බන්ධතාවක් පිහිටුවේ පන්දු 19ක් පමණක් වැය කරමිනුයි.

පන්දු 6ක් තුළ ලකුණු 17ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ල මුළු ලකුණු සංඛ්‍යාව 57ක් වන විට පිටියෙන් ඉවත් වූ අතර පසුව පිටියට පිවිසි ඩිල්ෂාන් මුණවීර ලකුණු 3කට සහ Sohaib Maqsood ලකුණු 1කට පිටියෙන් ඉවත් වුනේ දඹුල්ල ලකුණු පුවරුව 69/3ක් බවට පත්කරමිනි.

වේගවත් ඉනිමක් දියත් කරමින් තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය ලබා ගත් Philip Salt පන්දු 34ක් තුළ ලකුණු 62ක් ලබා සිටිය දී චමීරගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඉන්පසු පිටියට පිවිසියේ නායක දසුන් ශානකයි.

දසුන් ශානක සහ Najibullah Zadran එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 77ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව චමීරගේ පන්දුවක් හමුවේ ලකුණු 38ක් ලබා සිටි ශානක දැවී යන විට Dambulla Giants කඩුලු 5ක් දැවී ලකුණු 177ක් රැස්කර සිටියා.

පෙර තරග ද්විත්වයේ දී අසාර්ථක වූ Najibullah Zadran පන්දු 40ක දී ලබා ගත් ලකුණු 54 නිසාවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 195ක හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට Dambulla Giants ක්‍රීඩකයන්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලකුණු 34කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර සීකුගේ ප්‍රසන්න, අකිල ධනංජය සහ Keemo Paul අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 196ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Colombo Stars කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 52ක් වන විට Tom Banton ලකුණු 23කට සහ කුසල් පෙරේරා ලකුණු 20කට පිටියෙන් ඉවත් කිරීමට තරිඳු රත්නායකට සහ Imran Tahirට හැකි වුනා.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 12කට දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස්ට හැකි වූ අතර Sherfane Rutherford ලකුණු 20කට සහ Naveen-ul-Haq ලකුණු 3කට දවා ගැනීමට Dambulla ක්‍රීඩකයන්ට හැකි වුනේ Colombo Stars ලකුණු පුවරුව 78/4ක් බවට පත්කරමිනුයි.

අගනා පන්දු යැවීමක නිරත වූ තරිඳු රත්නායක සිය නියමිත පන්දුවාර 4 තුළ ලකුණු 17ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනේ Colombo Stars පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනි.

වේගවත් ඉනිමක් දියත් කරමින් Colombo Stars ලකුණු පුවරුව ඉහළ නැංවීමට උත්සහ කළ නායක ධනංජය ද සිල්වා පන්දු 12ක් තුළ ලකුණු 21ක් රැස් කරගෙන සිටිය දී තරිඳු රත්නායක හට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේයි.

Dambulla Giants වෙනුවෙන් නැවතත් ක්‍රියාත්මක වූ නුවන් ප්‍රදීප් Colombo Stars කණ්ඩායමේ හත්වැනි කඩුල්ල ලෙස ලකුණු 11ක් ලබා සිටි Keemo Paul දවා ගැනීමට සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 137ක් වන විටයි.

Dambulla Giants කණ්ඩායමේ ජයග්‍රහණය තරමක් ප්‍රමාද කළ දිනේෂ් චන්දිමාල් පන්දු 16ක දී ලකුණු 26ක්, සීක්කුගේ ප්‍රසන්න පන්දු 8ක දී ලකුණු 17ක් සහ දුෂ්මන්ත චමීර පන්දු 7ක දී ලකුණු 15ක් ලබා ගැනීමට සමත්වූවත්, Colombo Stars කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුනේ ලකුණු 177ක් පමණයි.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර චාමික කරුණාරත්න, තරිඳු රත්නායක සහ Imran Tahir අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ඒ සමඟින් මෙම තරගයෙන් ලකුණු 18ක ජයග්‍රහණයක් ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණීමට Dambulla Giants ක්‍රීඩකයන්ට හැකි වුනා.

Result


Colombo Stars
177/10 (18.5)

Dambulla Aura
195/6 (20)

Batsmen R B 4s 6s SR
Phil Salt c Dushmantha Chameera b Keemo Paul 62 34 8 2 182.35
Niroshan Dickwella c Dhananjaya de Silva b Keemo Paul 17 6 4 0 283.33
Dilshan Munaweera, c Tom Banton b Akila Dananajaya 3 3 1 0 100.00
Sohaib Maqsood c Seekkuge Prasanna b Sherfane Rutherford 1 3 0 0 33.33
Najibullah Zadran c Dushmantha Chameera b Seekkuge Prasanna 54 40 6 2 135.00
Dasun Shanaka c Dushmantha Chameera b Seekkuge Prasanna 38 25 3 2 152.00
Chamika Karunaratne b 12 8 1 0 150.00
Ramesh Mendis b 0 1 0 0 0.00


Extras 8 (b 0 , lb 0 , nb 2, w 6, pen 0)
Total 195/6 (20 Overs, RR: 9.75)
Fall of Wickets 1-57 (3.3) Niroshan Dickwella, 2-65 (4.2) Dilshan Munaweera,, 3-69 (5.2) Sohaib Maqsood, 4-100 (10.2) Phil Salt, 5-177 (18.1) Dasun Shanaka, 6-182 (18.4) Najibullah Zadran,

Bowling O M R W Econ
Dhananjaya de Silva 1 0 15 0 15.00
Dushmantha Chameera 4 0 34 3 8.50
Naveen Ul Haq 4 0 37 0 9.25
Keemo Paul 3 0 48 1 16.00
Akila Dananajaya 4 0 37 1 9.25
Seekkuge Prasanna 4 0 21 1 5.25


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Phil Salt b Ramesh Mendis 12 13 1 0 92.31
Tom Banton b Tharindu Rathnayake 23 14 4 1 164.29
Kusal Perera b Imran Tahir 20 11 2 2 181.82
Sherfane Rutherford b Tharindu Rathnayake 16 18 2 0 88.89
Naveen Ul Haq c Nuwan Pradeep b Imran Tahir 3 6 0 0 50.00
Dinesh Chandimal c Chamika Karunaratne b Dasun Shanaka 26 16 2 2 162.50
Dhananjaya de Silva c Tharindu Rathnayake b Nuwan Pradeep 21 13 3 0 161.54
Keemo Paul c Sachindu Colambage b Nuwanidu Fernando 11 6 1 1 183.33
Seekkuge Prasanna lbw b Nuwan Pradeep 17 8 0 2 212.50
Dushmantha Chameera c Niroshan Dickwella b Chamika Karunaratne 15 7 1 1 214.29
Akila Dananajaya b 2 1 0 0 200.00


Extras 11 (b 0 , lb 2 , nb 0, w 9, pen 0)
Total 177/10 (18.5 Overs, RR: 9.4)
Fall of Wickets 1-26 (2.4) Tom Banton, 2-52 (4.6) Kusal Perera, 3-71 (8.4) Pathum Nissanka, 4-74 (9.5) Sherfane Rutherford, 5-78 (10.4) Naveen Ul Haq, 6-114 (13.6) Dhananjaya de Silva, 7-137 (15.4) Keemo Paul, 8-145 (16.6) Dinesh Chandimal, 9-163 (17.5) Seekkuge Prasanna, 10-177 (18.5) Dushmantha Chameera,

Bowling O M R W Econ
Chamika Karunaratne 3.5 0 46 2 13.14
Nuwan Pradeep 4 0 50 3 12.50
Tharindu Rathnayake 4 0 17 2 4.25
Ramesh Mendis 3 0 26 1 8.67
Imran Tahir 4 0 36 2 9.00



LPL තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<