Home Sinhala වැස්සෙන් බාධා එල්ල වූ තරගයේ ජය Jaffna Kingsට

වැස්සෙන් බාධා එල්ල වූ තරගයේ ජය Jaffna Kingsට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

540

අද (12) පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12 වැනි තරගයේ දී Kandy Warriors සහ Jaffna Kings කණ්ඩායම් තරග වැදුණා. තරගයට අවස්ථා කිහිපයක දී ම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර තරගයේ ජයග්‍රහණය Jaffna Kings සතු වුනේ කඩුලු 7කින්.

තරගයේ කණ්ඩායම් දෙක දැක්වුනේ මෙලෙසින්.

කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමේ නායක තිසර පෙරේරා සතු වූ අතර ඔහු මුලින් පන්දු යැවීම තෝරාගත්තා. ඒ අනුව පිටියට පිවිසි Kandy Warriors කණ්ඩායමේ චරිත් අසලංක සහ Ahmed Shehzadගේ ආරම්භක සම්බන්ධතාවය ලකුණු 35කට සීමා කිරීමට Shoaib Malik සමත් වුනා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස Ahmed Shehzad දැවී ගියේ ලකුණු 22ක් වාර්තා කරමින්. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් ඇතුළත් වුනා.

ඉන් අනතුරුව පිටියේ එක් වූ අසලංක සහ මිනෝද් භානුක Kandy Warriors ඉනිම ස්ථාවර කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ පන්දුවාර 7ක් අවසන් වන විට වර්ෂාවෙන් බාධා එල්ල වුනා. පැයක ප්‍රමාදයකින් අනතුරුව තරගය ආරම්භ වුනේ එක් කණ්ඩායමක් පන්දුවාර 16කට සීමා කරමින්.

Kandy Warriors ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස මිනෝද් භානුක දවා ගැනීමට Wahab සමත් වුනා. ඒ 11 වැනි පන්දුවාරයේ දීයි. මිනෝද් භානුක සහ චරිත් අසලංකගේ ලකුණු 49ක සම්බන්ධතාවය බිඳ වැටුණේ මිනෝද් ලකුණු 20කට දැවී යාමත් සමඟින්. තරගයේ 12 වැනි පන්දුවාරයේ දී නැවතත් වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වුනා.

ඉන් අනතුරුව තරගය නැවත ආරම්භ වුනේ තවත් පන්දුවාර කිහිපයක් අහිමි කරමින්. ඒ අනුව Kandy Warriors ඉනිම පන්දුවාර 12 පන්දු 2කට සීමා වූ අතර ඔවුන් කඩුලු දෙකක් දැවී ලකුණු 94ක් වාර්තා කර තිබුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක පන්දු 33ක් තුළ ලකුණු 42ක් රැස් කරගෙන තිබුණා.

පන්දු යැවීමේ දී Shoaib Malik සහ Wahab Riaz එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

වර්ෂාවෙන් අනතුරුව Jaffna Kings කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 10ක් තුළ ලකුණු 95ක් රැස් කරගතගත යුතුව තිබුණා.

Jaffna Kings ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි උපුල් තරංග සහ අවිශ්ක ප්‍රනාන්දුගේ ආරම්භක සම්බන්ධතාවය ලකුණු 24කට සීමා කරමින් උපුල් තරංග ලකුණු 13කට දවා ගැනීමට බිනුර ප්‍රනාන්දු සමත් වුනා.

වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 12ක් තුළ ලකුණු 23ක් රැස් කරගෙන සිටි අවිශ්කව දවා ගැනීමට නිමේශ් විමුක්ති සමත් වුනේ Jaffna Kings ලකුණු පුවරුව ලකුණු 47ක්ව තිබිය දීයි.

Jaffna Kings ලකුණු පුවරුව ලකුණු 53ක්  වන විට ක්‍රියාත්මක වූ සචිදු කොළඹගේ Tom Kohler-Cadmore දවා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියේ එක් වූ නායක තිසර පෙරේරා සහ Shoaib Malik, Kandy Warriors පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළා.

තිසර සහ Shoaibගේ සම්බන්ධතාවය Jaffna Kings ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා. තිසර පෙරේරා පන්දු 13ක් තුළ ලකුණු 29ක් වාර්තා කළ අතර එයට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුළත් වුනා. Shoaib Malik පන්දු 9ක් තුළ ලකුණු 14ක් වාර්තා කළේ හතරේ පහර දෙකක් සමඟින්.

පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු, නිමේශ් විමුක්ති සහ සචිදු කොළඹගේ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව Jaffna Kings තරගයේ ජයග්‍රහණය වාර්තා කළේ කඩුලු 7කින්. මෙම ජයග්‍රහණය ඔවුන් පිට පිට වාර්තා කළ සිව්වැනි ජයග්‍රහණය ලෙස සටහන් වුනා. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ ප්‍රසාද ලකුණු 8ක් සමඟින්.

තරගයේ වීරයා ලෙස Shoaib Malik නම් කෙරුණා.


Result


Jaffna Kings
95/3 (8.4)

Kandy Falcons
94/2 (12.2)

Batsmen R B 4s 6s SR
Charith Asalanka not out 44 34 1 0 129.41
Ahmed Shehzad b 22 19 4 0 115.79
Minod Bhanuka c & b 20 16 0 0 125.00
Nishan Madushka Fernando b 6 5 0 0 120.00


Extras 2 (b 1 , lb 1 , nb 0, w 0, pen 0)
Total 94/2 (12.2 Overs, RR: 7.62)
Bowling O M R W Econ
Mahesh Theekshana 4 0 26 0 6.50
Suranga Lakmal 1.2 0 11 0 9.17
Wahab Riaz 2 0 21 1 10.50
Shoaib Malik 3 0 19 1 6.33
Wanindu Hasaranga 2 0 16 0 8.00


Batsmen R B 4s 6s SR
Upul Tharanga b 13 8 0 0 162.50
Avishka Fernando c & b 23 12 0 0 191.67
Tom Kohler-Cadmore c & b 12 10 0 0 120.00
Shoaib Malik not out 14 9 0 0 155.56
Thisara Perera not out 29 13 0 0 223.08


Extras 4 (b 0 , lb 4 , nb 0, w 0, pen 0)
Total 95/3 (8.4 Overs, RR: 10.96)
Bowling O M R W Econ
Nimesh Vimukthi 2 0 23 1 11.50
Shiraz Ahmed 2 0 23 0 11.50
Binura Fernando 1.4 0 15 1 10.71
Sachindu Colombage 2 0 16 1 8.00
Kamindu Mendis 1 0 14 0 14.00



LPL තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<