තිරිමාන්න ඕස්ට්‍රේලියාවට

792

ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න ඕස්ට්‍රේලියාවේ Mulgrave ක්‍රිකට් ක්‍රීඩා සමාජය හා එක්ව තිබෙනවා. එළඹෙන 2021/22 තරගවාරයේදී ඔහු Mulgrave කණ්ඩායම නියෝජනය කරන බව එම ක්‍රීඩා සමාජය අද (18) නිවේදනය කර තිබුණා. 

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්නව Mulgrave ක්‍රිකට් ක්‍රීඩා සමාජය ඉතා උද්යෝගයෙන් පිළිගන්නවා” Mulgrave ක්‍රීඩා සමාජය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබුණා.

(Mulgrave Cricket Club Fb Page)

තිරිමාන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 42ක් ක්‍රීඩා කරන තිබෙන අතර ඔහු එක්දින තරග 127ක් හා විස්සයි විස්ස තරග 26ක් ද ක්‍රීඩා කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ටී. එම් ඩිල්ශාන් Mulgrave කණ්ඩායමේ නායකත්වය දරන අතර උපුල් තරංග ද එම කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර අනූෂ සමරනායක කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

Mulgrave ක්‍රිකට් ක්‍රීඩා සමාජය ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වික්ටෝරියා ක්‍රිකට් සංගමයේ තුන්වැනි කාණ්ඩයේ ක්‍රිකට් ක්‍රීඩා සමාජයක්.

News Wire ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<