බංග්ලාදේශයට එරෙහිව ලහිරු කුමාරගේ දායකත්වය අහිමි වන ලකුණු

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

197

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරගේ පාදයේ කලව ආශ්‍රිතව ඇතිව තිබෙන මාංශ පේශි ඇදීමක් නිසාවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියම ඔහුට අහිමිව යාමේ අවදානමක් මතුව තිබෙනවා.

පසුගිය 21 වැනිදා පල්ලෙකැලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගය මේ වන විට තුන්වැනි දිනයටත් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර තෙවැනි දිනය තුල ඔහු පන්දු යැවීම වෙනුවෙන් පිටියට පැමිණියේ නැහැ. එසේම ඔහුට පළමු ටෙස්ට් තරගය තුල ද තවදුරටත් පන්දු යැවීමේ හැකියාවක් නොමැති බව ද වාර්තා වනවා.

තවත් ක්‍රිකට් පුවත්:

වයස අවුරුදු 24ක් වන දකුණතින් වේගපන්දු යවන ලහිරු කුමාර ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වන විට ක්‍රියාත්මක කර තිබුණේ පන්දුවාර 28ක් පමණක් වන අතර එහි දී ලකුණු 88ක් තුල එක් කඩුල්ලක් දවා ගැනීමට කුමාරට හැකියාව ලැබුණා.

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 541ක් ලබා ගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර ලහිරු කුමාරගේ ආබාධය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් නිල අවසන් නිවේදනයක් නිකුත් කර නැහැ.

තරගාවලියේ  සියලු තරග තොරතුරු JAT සහ NDB අනුග්‍රහය ඇතිව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<