දෝනි IPL පිටියේ වාර්තා පොත් අලුත් කරයි

192

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවති තරගය එක් ලකුණකින් ජය ගැනීමට විරාත් කෝලි ප්‍රමුඛ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පසුගිය දා (21) සමත් විය.

පාකිස්තාන ක්‍රීඩකයෙකු ලෝක කුසලානය අස්සේ අසනීප වෙයි

පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක ශඩාබ් ඛාන්ට එළඹෙන එංගලන්ත තරග සංචාරය ….

කෙසේ වෙතත් මෙම තරගයේ දී කැප්ටන් කූල් හෙවත් මහේන්ද්‍ර සිං දෝනි වාර්ත‍ා පොත් අලුත් කිරීමට සමත් වූයේ පන්දුවාර විස්සයි විස්ස තරගයක රැස් කළ ඉහළම ලකුණු ප්‍රමාණය රැස්කරමිනි.

තවද ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ හයේ පහරවල් 200ක් එල්ල කිරීමට සමත් වූ පළමු ඉන්දීය ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වීමට ද දෝනිට හැකි විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම හයේ පහරවල් එල්ල කළ ක්‍රීඩකයින්ගේ තෙවැනි ස්ථානය ද දෝනි හිමිකරගෙන තිබේ.

කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පිතිකරු ක්‍රිස් ගේල් හයේ පහරවල් 323ක් එල්ල කරමින් වැඩිම හයේ පහරවල් ප්‍රමාණයක් එල්ල කල ක්‍රීඩකයින් අතර පෙරමුණේ පසුවන අතර එහි දෙවන ස්ථානයේ පසුවන්නේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන හිටපු දකුණු අප්‍රිකා ක්‍රීඩක ඒ බි ඩිවිලියර්ස්ය. ඔහු හයේ පහර 204ක් එල්ල කර තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ලකුණු 4000 සීමාව පසු කළ ප්‍රථම කණ්ඩායම් නායක ලෙස ද දෝනි වාර්තා අතරට එක්වේ.

ලෝක කුසලානයට යන ඇෆ්ගන් සංචිතය නම් කෙරේ

හිටපු නායක අස්ගාර් ඇෆ්ගන් ද ඇතුළත් කරමින් ඇෆ්ගනිස්තාන ලෝක ……..

අවසන් පන්දුවාරය තෙක් උණුසුම් වූ ඉහත සඳහන් කළ තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි හැර කණ්ඩායමේ අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ අතර සිය කණ්ඩායමේ ගෞරවය රැක ගැනීමේ සටනක නිතර වූ දෝනි මිනිත්තු 82ක් පුරා පිටියේ රැඳී සිටීමට සමත් විය. පන්දු 48ක දී ලකුණු 84ක් රැස් කළ දෝනිගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් ඇතුළත් විය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාර 5 තුළ ලකුණු 70ක් අවශ්‍ය වූ අතර අවසන් පන්දුවාරයේ මුල් පන්දු 3 සඳහා දෝනි හයේ පහරවල් 3ක් එල්ල කළේ එක් පන්දුවක් ක්‍රීඩාංගණයෙන් ඉවතට යොමු කරමිනි. නමුත් අවසන් පන්දුවේ දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 2 ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නොහැකි විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<