කුගදාස් මතුලන් උතුරු සටනින් පසු CSK සමඟ එක් වෙයි!

IPL 2024

80

යාපනය සාන්ත ජෝන් විද්‍යාලයේ කුගදාස් මතුලන් හට එළඹෙන IPL තරගාවලියේ දී Chennai Super Kings කණ්ඩායමේ දැල් පන්දු යවන්නකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට තරමක් සමාන අන්දමින් පන්දු යවන කුගදාස් පසුගිය දා යාපනය සාන්ත ජෝන් විද්‍යාලය සහ යාපනය මධ්‍ය විද්‍යාලය අතර පැවැත්වුණු “117 වැනි උතුරු සටන” මහා ක්‍රිකට් තරගයේ දී කඩුල්ලක් දවා ගැනීමට යොමු කළ පන්දුවක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ශීඝ්‍ර ප්‍රසිද්ධියක් ලබා ගත්තා.

මෙම තරගයේ දී ඔහු විසින් ඉනිම් දෙකේ දී ම කඩුලු 4ක් දවා ගැනීමට ද සමත් වුනා.

කෙසේ වෙතත් මෙම වීඩියෝව පැතිර යාමෙන් අනතුරුව CSK නායක MS Dhoniහට මතුලන් සිය කණ්ඩායමේ දැල් පන්දු යවන්නකු ලෙස එක් කර ගැනීමට අවශ්‍ය වී තිබෙනවා.

මේ අනුවයි කුගදාස් මතුලන් හට CSK සමඟ එක් වීමට වරම් හිමි වී ඇත්තේ. එමෙන්ම ඔහු මේ වන විට චෙන්නායි හි CSK පුහුණු කාර්ය මණ්ඩලය සමඟ සිටිනා බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

2024 IPL තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<