බංග්ලාදේශ 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි තෙදින තරගය ඊයේ (06) ආරම්භ වුනා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා නායකයා විසින් තරගයේ පළමුව පන්දුවට පහර දීම තෝරා ගත් අතර, ඒ අනුව ඔවුන් ඊයේ දිනය පුරාවටම පිතිකරණයේ යෙදෙමින් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 286ක් වාර්තා කිරීමට සමත් වුනා.
මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ආරම්භක පිතිකරු රෙහාන් පීරිස් සහ අංක තුන පිතිකරු වූ රජිත් නවෝද්‍ය අතරේ ලකුණු 94ක සබඳතාවක් නිර්මාණය වූ අතර, මෙහි දී රජිත් විසින් ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම ඉන් පසුව රෙහාන් විසින් සෙනුජ වකුණුගොඩ සහ නායක කිත්ම විතානපතිරණ සමඟ පිළිවලින් ලකුණු 51ක සහ 45ක සබඳතා පිහිටුවීමට ද සමත් වුනා.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
තරගයේ පළමු දිනය පුරාවට පිතිකරණයේ යෙදීමට සමත් වූ රෙහාන් මෙහි දී විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, දිනය නිමා වන විට ඔහු පන්දු 250ක් වැය කරමින් ලකුණු 139ක් ලබා ගැනීමට සමත් වී සිටියා. ඔහුගේ ඉනිමට හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වීම විශේෂත්වයක්.
දිනය නිමා වන විට රසිත් නිම්සර, රෙහාන් සමඟ කඩුල්ලේ නොදැවී රැඳී සිටියා.
මෙහි දී බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Ahsanul Haque Mahim කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිම – 286/7 (80) රෙහාන් පීරිස් 139*, රජිත් නවෝද්‍ය 48, සෙනුජ වකුණුගොඩ 30, Ahsanul Haque Mahim 3/47
තරගයේ දෙවැනි දිනය අද (07) ක්‍රියාත්මක වනු ඇති.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<