KPගෙන් එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාට තෑග්ගක්!

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

200

ලසිත් ඇඹුල්දෙණියගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය වෙත වටිනා උපදෙස් කිහිපයක් ලබා දීමට හිටපු එංගලන්ත සුපිරි පිතිකරු Kevin Peterson කටයුතු කොට තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

දඟපන්දු යවන්නන් හට යෝග්‍ය සහ වඩා වාසි දායී තණතීරුවල මනා සංයමයෙන් යුතුව පන්දුවට පහර දිය යුත්තේ කෙසේ දැයි Kevin Peterson මෙහි දී පෙන්වාදි තිබෙන්නේ මින් පෙර අවස්ථාවක දී ඉන්දීය ටෙස්ට් පිතිකරණ විශේෂඥයෙකු වන Rahul Dravid විසින් ඔහුට ලබා දුන් උපදෙස් මාලාව උපයෝගී කරගනිමිනි.

“@englandcricket මේ සටහන් ටික මුද්‍රණය කරලා Sibley සහ Crawley දෙදෙනාට ලැබෙන්න සලස්වන්න. මේ ගැන වැඩිදුර කතා කරන්න අවශ්‍ය නම් ඔවුන්ට ඕනෑ වෙලාවක මාව සම්බන්ධ කරගන්න පුළුවන්!” යනුවෙන් Peterson ඔහුගේ පෞද්ගලික Twitter ගිණුමට පණිවිඩයක් එක් කරමින් සඳහන්කොට තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<