Home Sinhala Rootගේ 200 යන පාර වැහෙද්දී ඇඹුල්දෙණිය හොඳම දස්කම් අතරට

Rootගේ 200 යන පාර වැහෙද්දී ඇඹුල්දෙණිය හොඳම දස්කම් අතරට

595
ENGvSL
Image Credits - SLC

සංචාරක එංගලන්තය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර ගාල්ලේ දී පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවන තරගයේ තුන්වැනි දිනය අද (24) නිමා වුනේ ශ්‍රී ලංකාවට තරගය පිළිබඳව යම් බලාපොරොත්තුවක් ඉතිරි කරදෙමින්. 

දිනයේ නිමාව සනිටුහන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරනු ලබන එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 339ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 42ක් පසුපසින් සිටිමින්.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබලතම හිසරදය බවට පත්වුණු Joe Root ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඉතාමත් හොඳින් සිය පිතිකරණ දස්කම් දියත් කළ නමුත් අවාසනාවන්ත ලෙස ඔහුගේ ද්විත්ව ශතකය මඟ හැරී ගියා. 

තුන්වැනි දිනය නිමා වීම සඳහා තවත් පන්දු කිහිපයක් ඉතිරිව තිබිය දී Rootව දුවද්දී දැවී යාමකට හසු කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනේ ඕෂද ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු රැකීම සහ ඔහුගේ එල්ලය අති සාර්ථක වූ නිසයි. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 19 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගත් Rootගේ මේ ඉනිම සඳහා 4 පහර 18ක් ඇතුළත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ලකුණු 98/2ක් ලෙස සටහන්ව තිබිය දී Jonny Bairstow සහ නායක Root තුන්වැනි දිනය ආරම්භ කළ අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ඉතාමත් සාර්ථක පිතිකරණය නිරත වෙමින් ගොඩනංවා තිබූ සබඳතාවය ලකුණු 111කට සීමා කර ගැනීමට ඇඹුල්දෙණිය සමත් වුනේ ඕෂදගේ ද සහාය ඇතිවයි. 4 පහර 5ක් සමඟ ලකුණු 28ක් ලබා සිටි Bairstowගේ කඩුල්ල දවා ගනිමින් එම සබඳතාවයට ශ්‍රී ලංකාව තිත තැබුවා.

ඒ හැරෙන්නට ශ්‍රී ලංකාවට බිඳ ගැනීම වෙනුවෙන් යම් වැඩි වෙහෙසක් දැරීමට සිදු වූ අනෙක් සබඳතාවයන් දෙක වූයේ Root – Jos Buttler සබඳතාවය සහ Root – Dom Bess සබඳතාවයන් දෙකයි. 

සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන රමේෂ් මෙන්ඩිස් අවශ්‍යම මොහොතේ කඩුල්ලක් දවා ගනිමින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 179ක් තුල වාර්තා වුනු ලකුණු 97 සබඳතාවය අවසන් කළේ ලකුණු 55ක් ලබා සිටි Jos Buttlerගේ කඩුල්ල දවාගෙනයි.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 18 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරගනිමින් Buttler ගොඩනැංවූ එම ඉනිම සඳහා 4 පහර 7ක් ඇතුළත් වූ අතර එම ඉනිම Rootගේ පිතිකරණය සඳහා ද යම් අස්වැසිල්ලක් වුනා. එම කඩුල්ල දවා ගැනීමේ දී තවත් එක් සුවිශේෂී සිදුවීමක් දැකගන්නට ලැබුණා. එනම් රමේෂ් මෙන්ඩිස් එය දැවී යාමක් දැයි විනිසුරු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන මහතාගෙන් විමසා සිටියේ  ‘how’s that sir ලෙසයි. එය ජාත්‍යන්තර/දේශීය ක්‍රිකට් පිටිය තුල අසන්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන්.

ඊට අමතරව 7 වැනි කඩුල්ල වෙනුවෙන් Root සමඟින් පිටියේ එක්කාසු වුනු Dom Bess පන්දු 172ක් වැය කරමින් හෙමින් සීරුවේ ලකුණු 82ක සබඳතාවයක් ලකුණු සටහනට එක්කාසු කළේ ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු ප්‍රමාණය ආසන්නයටම පැමිණීමට අවශ්‍ය යම් පසුපෙළ අඩිතාලමක් එංගලන්ත ලකුණු සටහනට සකස් කරමින්. 

කෙසේ වුවත් වමතින් දඟපන්දු යවන ඇඹුල්දෙණිය ලකුණු 32ක් ලබාගෙන සිටි Bessගේ කඩුල්ල දවා ගත්තේ එකම පන්දුවාරය තුල Bess සිදු කළ එකම වැරැද්ද සවියක් කරගෙනයි. එහි දී Bessගේ කඩුල්ල දැවී ගිය පන්දුවට පන්දු දෙකකට පෙර ද Bess දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස සටහන් වුනු නමුත් තෙවැනි විනිසුරු විසින් ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් බවට සටහන් කළේ එම උඩ පන්දුව රැකගැනීමේ දී පන්දුව බිම පතිත වී තිබෙන නිසයි.

>>Photos – England tour of Sri Lanka 2021 – 2nd Test | Day 03<<

කෙසේ නමුත් තරගයේ තුන්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවට ඉතාමත් සාර්ථක දිනයක් නිමා කර ගැනීමට අවස්ථාව ලැබුණේ දිනය නිමා වීමට පෙර Rootගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබීම නිසයි.

පන්දු යැවීමේ දී 24 හැවිරිදි ඇඹුල්දෙණිය සිය කෙටි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ඉනිමක හොඳම පන්දු යැවීමේ දස්කමේ වාර්තාව අලුත් කරවීමට (මීට පෙර වාර්තාව 66/5) සමත්ව තිබෙන්නේ ලකුණු 132ක් තුල කඩුලු 7ක් දවා ගනිමින්. එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා වූ තුන්වැනි කඩුලු 5 අවස්ථාවයි.

කෙසේ නමුත් එංගලන්ත පළමු ඉනිමේ තවත් එක් කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබෙන අතර ඒ කඩුල්ල ද ඇඹුල්දෙණිය හට දවා ගැනීමට හැකිවුවහොත් ගාල්ල තණතීරුවේ ඉනිමක් තුල ක්‍රීඩකයෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීමේ වාර්තාව සඳහා ද හිමිකම් කීමට ඇඹුල්දෙණිය හට අවස්ථාව ලැබෙනවා.

තවද ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමක් තුල උඩපන්දු 5ක් රැකගත් පළමු ක්‍රීඩකයා බවට පත් වීමට ලහිරු තිරිමාන්න අද සමත් වුනා. ස්ලිප් කලාපයේ සිටිමින් දක්ෂ ලෙස පන්දු රැකගත් තිරිමාන්නගේ එම  දස්කම් ද ලසිත් ඇඹුල්දෙණියගේ මේ කඩුලු දවා ගැනීම වෙනුවෙන් සවියක් වුනා.

Result


Sri Lanka
381/10 (139.3) & 126/10 (35.5)

England
344/10 (116.1) & 164/4 (43.3)

Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Jos Buttler b James Anderson 43 95 5 0 45.26
Kusal Perera c Joe Root b James Anderson 6 14 1 0 42.86
Oshada Fernando b James Anderson 0 4 0 0 0.00
Angelo Mathews c Jos Buttler b James Anderson 110 238 11 0 46.22
Dinesh Chandimal lbw b Mark Wood 52 121 4 1 42.98
Niroshan Dickwella c Jack Leach b James Anderson 92 144 10 0 63.89
Ramesh Mendis c Jos Buttler b Mark Wood 0 16 0 0 0.00
Dilruwan Perera c Jack Leach b Sam Curran 67 170 8 1 39.41
Suranga Lakmal c Zak Crawley b James Anderson 0 2 0 0 0.00
Lasith Embuldeniya c Joe Root b Mark Wood 7 33 0 1 21.21
Asitha Fernando not out 0 10 0 0 0.00


Extras 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0)
Total 381/10 (139.3 Overs, RR: 2.73)
Fall of Wickets 1-7 (4.1) Kusal Perera, 2-7 (4.5) Oshada Fernando, 3-76 (26.2) Lahiru Thirimanne, 4-193 (68.6) Dinesh Chandimal, 5-232 (88.6) Angelo Mathews, 6-243 (91.6) Ramesh Mendis, 7-332 (120.4) Niroshan Dickwella,

Bowling O M R W Econ
James Anderson 29 13 40 6 1.38
Sam Curran 18.3 3 60 1 3.28
Jack Leach 38 5 119 0 3.13
Mark Wood 28 4 84 3 3.00
Dominic Bess 26 2 76 0 2.92
Batsmen R B 4s 6s SR
Dominic Sibley lbw b Lasith Embuldeniya 0 14 0 0 0.00
Zak Crawley c Lahiru Thirimanne b Lasith Embuldeniya 5 24 0 0 20.83
Jonathan Bairstow c Oshada Fernando b Lasith Embuldeniya 28 73 5 0 38.36
Joe Root run out (Oshada Fernando) 186 309 18 0 60.19
Dan Lawrence c Lahiru Thirimanne b Lasith Embuldeniya 3 21 0 0 14.29
Jos Buttler c Oshada Fernando b Ramesh Mendis 55 95 7 0 57.89
Sam Curran c Lahiru Thirimanne b Lasith Embuldeniya 13 43 0 1 30.23
Dominic Bess c Lahiru Thirimanne b Lasith Embuldeniya 32 95 4 0 33.68
Mark Wood c Lahiru Thirimanne b Lasith Embuldeniya 1 6 0 0 16.67
Jack Leach lbw b Dilruwan Perera 1 17 0 0 5.88
James Anderson not out 4 5 1 0 80.00


Extras 16 (b 8 , lb 3 , nb 5, w 0, pen 0)
Total 344/10 (116.1 Overs, RR: 2.96)
Bowling O M R W Econ
Suranga Lakmal 16 7 31 0 1.94
Lasith Embuldeniya 42 6 137 7 3.26
Asitha Fernando 10 2 31 0 3.10
Dilruwan Perera 32.1 4 86 1 2.68
Ramesh Mendis 16 1 48 1 3.00
Batsmen R B 4s 6s SR
Kusal Perera lbw b Jack Leach 14 25 2 0 56.00
Lahiru Thirimanne c Zak Crawley b Jack Leach 13 33 0 0 39.39
Oshada Fernando c Zak Crawley b Dominic Bess 3 19 0 0 15.79
Angelo Mathews b Dominic Bess 5 11 0 0 45.45
Dinesh Chandimal c James Anderson b Jack Leach 9 6 2 0 150.00
Niroshan Dickwella c Dan Lawrence b Dominic Bess 7 14 1 0 50.00
Ramesh Mendis c Jos Buttler b Jack Leach 16 20 3 0 80.00
Dilruwan Perera c Zak Crawley b Dominic Bess 4 13 0 0 30.77
Suranga Lakmal not out 11 32 1 0 34.38
Lasith Embuldeniya c Jonathan Bairstow b Joe Root 40 42 6 1 95.24
Asitha Fernando b Joe Root 0 1 0 0 0.00


Extras 4 (b 3 , lb 0 , nb 1, w 0, pen 0)
Total 126/10 (35.5 Overs, RR: 3.52)
Bowling O M R W Econ
James Anderson 2 0 6 0 3.00
Sam Curran 2 0 9 0 4.50
Dominic Bess 16 1 49 4 3.06
Jack Leach 14 1 59 4 4.21
Joe Root 1.5 1 0 2 0.00


Batsmen R B 4s 6s SR
Zak Crawley c Oshada Fernando b Lasith Embuldeniya 13 19 1 0 68.42
Dominic Sibley not out 56 144 2 0 38.89
Jonathan Bairstow lbw b Lasith Embuldeniya 29 28 3 1 103.57
Joe Root b 11 16 1 0 68.75
Dan Lawrence c Niroshan Dickwella b Lasith Embuldeniya 2 9 0 0 22.22
Jos Buttler not out 46 48 1 0 95.83


Extras 7 (b 0 , lb 4 , nb 3, w 0, pen 0)
Total 164/4 (43.3 Overs, RR: 3.77)
Bowling O M R W Econ
Lasith Embuldeniya 20 3 73 3 3.65
Dilruwan Perera 13.3 1 39 0 2.93
Ramesh Mendis 10 0 48 1 4.80



*තරගාවලිය පැවැත්වෙන්නේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරවයි.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<