Punjab Kings වෙනස පසුපස කතාව

374

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ Kings XI Punjab කණ්ඩායම මෙවර සිය නම වෙනස් කිරීම පිළිබඳව මාධ්‍ය බොහොමයක් සිය අවධානය යොමුකර තිබුනා. සිය නම වෙනස් කිරීම පසුපස ඇති කතාව අද (18) දින කණ්ඩායමේ නායක KL Rahul සිහිපත් කළා.  

Kings XI Punjab කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා Punjab Kings ලෙස එක්වන බව පසුගිය සතියේ දී නිවේදනය කළා. Kings කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේ සිටම තරගාවලිය සඳහා සහභාගී වූ අතර ඔවුන්ගේ ඉහළම දක්ෂතාවය වන්නේ 2014 වසරේ දී අනුශූරයන් බවට පත්වීමයි.  

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය අද (18) දින පැවති අතර එහිදී වැඩිම මුදලක් වියදම් කිරීමේ අවස්ථාව හිමි වූයේ Punjab Kings කණ්ඩායමටයි. ඉන්දීය රුපියල් කෝටි 53.2 ක්

ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායමේ නිල twitter ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් නායක KL Rahul සිය වෙනස්කම පිළිබඳව අදහස් දක්වා සිටියා

මම පෞද්ගලිකව Kings XI නමට කැමතියි. ඒත් අපේ කණ්ඩායම එකොළොස් දෙනෙකුගේ කණ්ඩායමක් නෙමෙයි. ඊට වඩා ගොඩක් ලොකු පිරිසක් ඉන්නවා අපිත් එක්ක. අපි පවුලක් වගේ. අපිට දැනෙන්නේ එහෙම. අපි එක කණ්ඩායමක් වගේ ක්‍රීඩා කරන්නේ. මට විශ්වාසයි මේ වෙනසත් එක්ක අපිට තරගාවලියේ වාසනාව උදාවේවි කියලා.” යයි Rahul පවසා සිටියා

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

Rahulගේ මෙම වීඩියෝව නිකුත් වී සුළු වේලාවකට පසුව Punjab Kings කණ්ඩායමේ සුපිරි පිතිකරු Universe Boss Chris Gayle වීඩියෝවක් නිකුත් කර තිබුනා

Chris Gayle 2018 වසරේ දී Punjab Kings (එවකට Kings XI Punjab) කණ්ඩායම සමඟින් එක්වූ අතර ඔහු එම කණ්ඩායම වෙනුවෙන් තරගාවලි තුනකට ක්‍රීඩා කර තිබෙනවා. 2018 වසරේ දී තරග 11ක දී ලකුණු 368ක්, 2019 වසරේ දී තරග 13ක දී ලකුණු 490ක් සහ පසුගිය 2020 වසරේ දී තරග 7ක දී ලකුණු 288ක් වාර්තා කිරීමට ඔහු සමත් වුනා. පසුගිය වසරේ මුල් තරග කිහිපය තුළ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ Chris Gayle, අවසන් තරග කිහිපයේ දී කණ්ඩායමට එක්වුනා. Punjab Kings කණ්ඩායම තරගාවලියේ මුල් තරග කිහිපය තුළ යම් පසුබෑමකට ලක්ව සිටි අතර Gayleගේ පැමිණීම සියල්ල උඩු යටිකුරු කිරීමට සමත් වුනා. මුල් තරග පිට පිට පරාජය වී සිටි Punjab කණ්ඩායම අවසන් තරග 5 ජයග්‍රහණය කිරීමට සමත් වුනා

Chris Gayle සිය කණ්ඩායමේ නව වෙනස්කම පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කර තිබුනා

ඇත්තෙන්ම, මම නමට කැමතියි. වගේම සමහර වෙලාවට වෙනසක් තියෙන එක හොඳයි. මම කැමතියි Rahulගේ අදහසට. මේක 11 දෙනෙකුගේ කණ්ඩායමක් නෙමෙයි. අපේ පිටිපස්සේ ගොඩක් අය ඉන්නවා. Punjab Kings තමයි හොඳම විදිහ.” යයි Gayle පවසා සිටියා

Punjab Kings කණ්ඩායමේ සම හිමිකාරිත්වය දරන ජනප්‍රිය ඉන්දීය නිළියක වන Preity Zinta  සිය නිල twitter ගිණුම ඔස්සේ පණිවුඩයක් තබා තිබුනා

“2021 වසර ආරම්භ වෙද්දිම මම මගේ රසිකයන්ට කිව්වා මේ අවුරුද්ද ලොකු වෙනස්කම් කිහිපයක් වෙන වසරක් කියලා. පොරොන්දු වුන විදිහටම අපේ අළුත් ලාංඡනය සහ නම එළිදක්වනවා. Sadda Punjab මින් ඉදිරියට Punjab Kings බවට පත්වෙනවා. මම ගොඩක් ආසාවෙන් ඉන්නවා කණ්ඩායම, යාළුවෝ වගේම ප්‍රේක්ෂකයන් එක්ක මේ අළුත් ගමන ආරම්භ කරන්න.”  

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පිළිබඳව බොහෝදෙනා සිය අවධානය යොමු කර තිබූ අතර කිසිඳු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වෙන්දේසියේ දී අලෙවි නොවීම විශේෂත්වයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන අප්‍රේල් මස මුල් සති දෙක තුළ ආරම්භ කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ වන විට සැලසුම් කර තිබෙනවා. තරගාවලිය ප්‍රේක්ෂකයන්ට විවෘත කිරීම පිළිබඳව අවසන් තීරණය ඉදිරි දින කිහිපය තුළ ගැනීමටත් නියමිතයි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<