බැරට් සහෝදරයෝ ක්‍රිකට් ක්‍රීඩාවට?

74

නවසීලන්ත ප්‍රබල රග්බි ක්‍රීඩකයන් වන බැරට් සහෝදරයන් ලෝක කුසලානයෙන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ පුවතක් නවසීලන්තයෙන් වාර්තා විය. නවසීලන්තය ලෝක කුසලාන තරගාවලියේ දී තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඉන් අනතුරුව පසුගිය සෙනසුරාදා (23) නවසීලන්තයේ Taranaki ක්‍රිකට් සමාජයේ තරගයක් සඳහා ඔවුන් මෙලෙස සහභාගි වී ඇත.

බැරට් සහෝදරයන් තම තරුණ අවධියේ දී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් වූ අතර පසුව රග්බි උන්මාදය නිසා ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට ඔවුන් තීරණය කර තිබුණි.

රතු, කහ මදිවට තවත් එකක්!

එළඹෙන ඩයලොග් අන්තර් සමාජ රග්බි තරග වාරයේ දී රතු සහ කහ කාඩ්පත් වලට අමතරව…

කෙසේ වෙතත් බවුඩන් සහෝදරයන් මෙලෙස සහභාගි වූයේ Taranaki – biased Pihama කණ්ඩායමේ දෙවන පෙළ තරගයක් සඳහායි. එම තරගය නිව් ප්ලයිමවුත් හි සාන්ත ජෝසප් විද්‍යාලයීය New Plymouth Marist United කණ්ඩායම සමඟින් පැවැත්විය.

බවුඩන් සහෝදරයන් දෙදෙනා සිනාමුසු මුහුණින් යුතුව මෙම තරගය සඳහා මුහුණ දුන් ආකාරයක් ඡායාරූපවල දක්නට ලැබුණි.

එම තරගයට පෙර බවුඩන් බැරට් පසුගිය තරග වාරයේ දී Pihama කණ්ඩායම සහභාගි වූ තරගයක දී පෙර පුහුණුවීම් අතරතුර පන්දුවාර 9ක් යවා තිබුණි.

ජෝඩි බැරට් ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර ඔහු තරගාවලිය පුරාම තම දක්ෂතා පෙන්වීමට සමත් ක්‍රීඩකයෙකි. රග්බි කණ්ඩායම් අතර පැවති තරගයක දී ඔහු පන්දු 26ක දී ලකුණු 42ක් වාර්තා කිරීමට සමත් විය.

එම තරගයේ දී ඔහු පන්දු යැවීමේ දී ලකුණු 53කට කඩුලු 2ක් දවා ගත් අතර හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක හර්මිශ් මාර්ශල් දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ද ඔහු සමත් විය.

ජෝඩි 18 හැවිරිදි වියෙහි පසුවන විට Central Districts කණ්ඩායම වෙනුවෙන් 12 වන ක්‍රීඩකයා ලෙස ද කටයුතු කර තිබුණි. ඔහු ආරම්භක පන්දු ‍යවන්නෙකු හා ප්‍රවේගකාරී මැදපෙළ පිතිකරුවෙකු වේ.

විජයග්‍රහණයකට සූදානම් වන යුද හමුදාව!

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට සහභාගී වන ඕනෑම කණ්ඩායමක් ඕනෑම තත්ත්වයක්…

2016 වසරේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම ජෝඩි බැරට් හට අහිමි වූයේ යන්තමිනි. කෙසේ වෙතත් එම තරගාවලිය සඳහා ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සූදානමින් තැබීමට එරට තේරීම් කමිටුව තීරණය කර තිබුණි.

2015 වසරේ Manawatu සමඟින් පැවති Taranaki’s Hawke Cup challenge තරගාවලියේ දී ප්‍රබල දායකත්වයක් ලබා දීමට ජෝඩි සමත් විය.

කෙසේ වෙතත් ජෝඩි බැරට් හට Hawke Cup and Ranfurly Shield යන කුසලාන ද්විත්වයේම හිමිකරුවා බවට පත්වීමේ දුර්ලභ අවස්ථාව ද උදාවී තිබූ අතර ඔහු ක්‍රිකට් දිවියට සමුදී රග්බි ක්‍රීඩාව සඳහා යොමුවූයේ එම කාලයේ දී ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<