Pollard ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

1667

හිටපු බටහිර ඉන්දීය කොදෙව් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක Kieron Pollard සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කළ බව ඊයේ (20) සිය සමාජ මාධ්‍ය ගිණුම මගින් ප්‍රකාශ කර තිබුණා.

මම හොඳට කල්පනා කරාට පස්සේ අද (20) තීරණය කළා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්න. සෑම තරුණයෙක්ටම මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීම මගේ හීනයක් වුනා. මට වයස අවුරුදු 10 දී තමයි ඒ හීනය හිතට ආවේ. ඒ වගේම වසර 15කට වැඩි කාලයක් කොදෙව් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නියෝජනය කරන්නට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.

ඒ වගේම මට තාමත් මතකයි 2007 වසරේ දී මගේ ක්‍රිකට් ලොව වීරයා වුන Brian Laraගේ නායකත්වය යටතේ මගේ පළමු ජාත්‍යන්තර තරගය ආරම්භ කරපු හැටි”, යැයි ඔහු එහි දී ප්‍රකාශ කර තිබුණා.

2007 වසරේ දී ජාත්‍යන්තර පිටියට පිවිසි Kieron Pollard බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 123කට සහ විස්සයි විස්ස තරග 101කට දායකත්වය සැපයුවා.

වසර 15කට ආසන්න කාලයක් කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ  Pollard සමුගන්නා විට ජාත්‍යන්තර ලකුණු 4,000කට අධික සංඛ්‍යාවක් සහ කඩුලු 100කට ආසන්න සංඛ්‍යාවක් දවා ගැනීමට සමත්ව තිබුණා.

එමෙන්ම 2013 වසරේ දී කෙටි කලක් සඳහා කොදෙව් නායකත්වයට පත්වූ ඔහු 2019 වසරේ සිට බටහිර ඉන්දීය කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩායම් ද්විත්වයේම නිත්‍ය නායකයා ලෙස කටයුතු කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<