Shakib ශ්‍රී ලංකා සංචාරයට සූදානම් වෙයි

611

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක Shakib al Hasan ‘ඩකා ප්‍රිමියර් ලීග්’ තරගාවලියේ Legends of Rupganj සමඟ එක්ව තිබෙනවා. ඒ එළඹෙන ශ්‍රී ලංකා සංචාරය සඳහා සූදානම් වීමේ අරමුණෙනුයි.

Legends කණ්ඩායමේ සභාපති Lutfur Rahman Badal මේ පිළිබඳව තහවුරු කර සිටි අතර මැයි 15 වැනිදා ශ්‍රී ලංකාව සමඟින් ආරම්භ වන තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියට Shakib සහභාගී වන බව Cricbuzz විසින් වාර්තා කර තිබුණා.

Shakib මුලින් Mohammedan Sporting Club ක්‍රීඩා සමාජයට එක්වුනත්, එම කණ්ඩායම සුපිරි කණ්ඩායම් 6 අතරට පිවිසීමට අසමත් වුනා. පසුව ඔහු ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින Legends සමඟ එක්වුනේ BCBයේ අවසරය ලබා ගනිමිනුයි.

“ඔහු අපේ මීළඟ තරගයට ක්‍රීඩා කරයි. ලීග් තරගාවලියේ අපි ඉන්නා තැන නිසා නොවෙයි මම ඔහුව තෝරා ගන්නේ. මගෙයි ඔහුගේයි තිබෙන සමීප සබඳතාවය නිසයි. ඉදිරියේ දී තිබෙන ජාත්‍යන්තර තරගවලට සහභාගී වීම සඳහා ඔහුට පුහුණුවීම් අවශ්‍යයි”, Badal පවසා තිබුණා.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වුණු එක්දින තරගාවලියට පසුව Shakib ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළේ නැහැ. පෞද්ගලික හේතුවක් මත එම තරගාවලියත් අතරමග අතහැර දමා එන්නට Shakibට සිදු වුනා. මේ අතර Mushfiqur Rahim සහ Mehedy Hasan, Sheikh Jamal Dhanmondi ක්‍රීඩා සමාජය සමඟ එක්ව තිබෙනවා.

ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<