කෑගලු රන් සටනේ කුමාරවරු අර්ධ ශතක ලබා ගනිති

244

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය අතර 38 වැනි වරටත් පැවැත්වෙන රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත පළමු දිනයට (28) නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙන සාන්ත මරියා විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 189ක් ලබා සිටියේය. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ මේ දක්වා පැවති ඉනිමේ දී අර්ධ ශතක දෙකක් වාර්තා වීම කැපී පෙණුනි.

දිනිත් හා මදුවන්ත සාන්ත පීතර සිහිනයක් සැබෑ කරයි

ශ්‍රී ලංකාවේ පාසල් අතර පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියක් වන 19න් පහළ සිංගර්…

කාසියේ වාසිය දිනූ සාන්ත මරියා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද ඔවුන්ට සිතූ සේ පන්දුවට පහර දීමට අයහපත් කාලගුණ තත්ත්වය ඉඩ ලබා දුන්නේ නැත. තරගයේ ආරම්භය සටහන් කරන විනිසුරු සංඥාව ලැබුණේ ද නියමිතව තිබූ වේලාවට වඩා විනාඩි 50ක පමාවකිනි. මේ පමාව තරගය දිගින් දිගටම පවත්වා ගෙන යෑමට බාධාවක් වූ අතර දවසේ තරගය පැවැත්වීමට නියමිතව තිබූ විනාඩි 380ක කාලයකින් ක්‍රීඩා කිරීමට ලැබී තිබුණේ විනාඩි 242ක කාලයකි. ඒ අනුව කාලගුණය හා තරග සංවිධානයේ දී වූ පමාවන් හේතුවෙන් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට තිබූ කාලයෙන් අහිමි වූ කාලය පැය දෙකකටත් වැඩි කාලයකි.

කෙසේ වෙතත් කාලගුණය ද සමඟින් සටන් කොට පැවති තරගයේ පළමු දිනය නිමාවේ දී සාන්ත මරියා විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක ලබා ගැනීමට සුජිත් කුමාර සහ තිමිර කුමාර සමත් විය. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සබඳතාවක් ගොඩ නැගූහ.

දකුණත් පිතිකරු සුජිත් කුමාර පන්දු 89ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් රැස් කළ අතර වමත් පිතිකරු තිමිර කුමාර පන්දු 63ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් රැස් කළේය. මීට අමතරව සජීව රංජිත් ලකුණු 33ක් ලබා ගත්තේ ය.

දුලාජ්ගේ අර්ධ ශතකය සමඟින් එක්දින තරගයේ ජය ධර්මරාජයට

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වූ 112 වන සීමිත…

ක්‍රීඩාංගණ ආලෝක තත්ත්වය තරගය පවත්වා ගෙන යෑමට නුසුදුසු වීම හේතුවෙන් පිටියේ විනිසුරුවන් වූ රුසිරු ද සිල්වා සහ රුවන් ජයවීර මහත්වරුන් තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත් කරන විට පිටියේ නොදැවී රැඳී සිටීමට පසන් වලිසිංහ (11) සහ සංජය රංජිත් (6) සමත්ව සිටිය හ.

කඩුලු ලබා ගැනීමේ දී වේගපන්දු යවන සඳරු මිස්සක ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

තරගය දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

සාන්ත මරියා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 189 (54.0) සුජිත් කුමාර 50, තිමිර කුමාර 50, සජීව රංජිත් 33, සඳරු මිස්සක 2/28

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<