ජාතික පාපන්දු කණ්ඩායමේ උපනායකයාට ඇබැද්දියක්

273

2022 ලෝක පාපන්දු කුසලානය හා 2023 AFC ආසියානු කුසලාන පාපන්දු කුසලානය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව මැකාවු සමඟින් තරග වැදීමට නියමිතය.

එම තරගයේ පළමු අදියර ජුනි මස 5 වැනිදා පැවැත්වීමට නියමිත අතර දෙවන අදියර ඊට දින 5කට පසුව පැවැත්වේ. මෙම තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලාඕසය සමඟින් සුහද පාපන්දු තරගයකට සහභාගි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කවිඳු ඉශාන් එහි දී ආබාධයකට ලක්විය.

සටන්කාමී ශ්‍රී ලංකාව අවසන් මොහොතේ පරදියි

දෙවන අර්ධයේ අසාර්ථක උත්සාහයන් හමුවේ ශ්‍රී ලංකාව හා ලාඕසය අතර පැවති දෙවන සුහද තරගය….

“ඔව්, ඔහුගේ උරහිසේ ආබාධයක් ඇති වුනා. ඒ ආබාධය නිසා ඔහු රෝහල්ගත කළා. එහි දී ඔහුගේ උරහිස නැවතත් සාමාන්‍ය තත්වයට ගෙන ආවා. ඔහු දැන් සුවය ලබමින් ඉන්නවා. ඔහු ලාඕසය සමඟ පැවැත්වෙන දෙවන තරගයට ක්‍රීඩා කරන්නේ නැති තත්වයක් තියෙන්නේ. මැකාවු තරගයට ඔහු ක්‍රීඩා කරාවි.” ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය අංශ ප්‍රධානී අරවින්ත් බාලේන්ද්‍ර ThePapare.com වෙත පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම හා මැකාවු අතර තරගය ජුනි මස 6 වැනිදා හා 11 වැනිදා පැවැත්වීමට නියමිතය. එම තරගාවලියට පෙර සූදානමක් ලෙස ලාඕසය සමඟින් පැවති තරගාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකාව ගෝල 2-1ක් ලෙස පරාජය වූයේ තරගයේ 85 වැනි මිනිත්තුව දක්වා පෙරමුණ ගෙන සිටිමිනි.

මැකාවු තරගයට ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට හා 2023 AFC…..

එම තරගයේ 4 වැනි මිනිත්තුවේ දී සිදු වූ අනතුරක් නිසා කවිඳු ඉශාන්ගේ උරහිස ආබාධයකට ලක්විය. ලාඕස ක්‍රීඩකයන් දෙදෙනකුට මැදිවූ කවිඳු බෝලය රැගෙන ඉදිරියට යාමට උත්සාහ කිරීමේ දී ඔහු ඇදවැටීමකට ලක්වූ අතර එහි දී ඔහුගේ අතක් එක් ක්‍රීඩකයෙකුගේ ඇදුමෙහි පැටලීම නිසා මෙලෙස උරහිස ආබාධයකට ලක්වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුල ප්‍රබල ක්‍රීඩකයෙක් වන කවිඳු ඉශාන්ගේ ආබාධය ඉක්මනින් සුවවී මැකාවු තරගයට සහභාගි වීමට ඔහුට අවස්ථාව ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු දල්වා ගෙන සිටී. නමුත් මැකාවු තරගයට තවත් ඉතිරිව ඇත්තේ සතියක කාලයක් පමණක් නිසා ඔහුගේ සහභාගිත්වය මේ වන විට අවිනිශ්චිත තත්වයක පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග පිළිබඳ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<