දිමුත් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට; ප්‍රවීන්ටත් අලුත් තැනක්

ICC නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

190

පසුගිය දා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වර්ගීකරණයේ 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

එසේම සිය මංගල ටෙස්ට් තරගයේ දී ම පළමු ඉනිමේ කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 5ක් දවා ගත් ප්‍රවීන් ජයවික්‍රම ICC ටෙස්ට් පන්දු යවන්නන් වර්ගීකරණයේ 48 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. තවද එක් තරගයක් පමණක් ක්‍රීඩා කළ ඔහු ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය අවසානයේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ICC නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටින පිතිකරුවා වන්නේ ප්‍රසාද ලකුණු 919ක් දිනාගෙන සිටින නවසීලන්ත නායක Kane Williamson. එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ දැනට දක්වා තිබෙන හොඳම දස්කම වෙනවා.

ප්‍රසාද ලකුණු 908ක් දිනාගෙන සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Pat Cummins පන්දු යවන්නන් අතර පළමු තැන දිනාගෙන සිටිනවා. තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු ස්ථානය දිනාගෙන සිටින්නේ කොදෙව් ක්‍රීඩක Jason Holder වන අතර ඔහුට හිමි ප්‍රසාද ලකුණු ගණන 423ක්.  

මේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 11 වැනි තැන සිටින දිමුත් කරුණාරත්න (ප්‍රසාද ලකුණු 712) ශ්‍රී ලංකා පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින පිතිකරුවා වන අතර ඇන්ජලෝ මැතිව්ස් 24 වැනි ස්ථානයේ පසුවනවා.

තවද දැනට 2021 වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර දෙවැනි තැන දිනාගෙන සිටින ලහිරු තිරිමාන්න ප්‍රසාද ලකුණු 498ක් දිනාගෙන ශ්‍රේණිගත කිරීමේ 60 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර එය තිරිමාන්න දක්වා දැනට දක්වා තිබෙන හොඳම දස්කම වෙනවා.

නවතම ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් (පළමු ස්ථානයන් 50 තුල)

11 වැනි ස්ථානය – දිමුත් කරුණාරත්න – ප්‍රසාද ලකුණු 712

24 වැනි ස්ථානය – ඇන්ජලෝ මැතිව්ස් – ප්‍රසාද ලකුණු 618

31 වැනි ස්ථානය – නිරෝෂන් දික්වැල්ල – ප්‍රසාද ලකුණු 589

32 වැනි ස්ථානය – ධනංජය ද සිල්වා – ප්‍රසාද ලකුණු 588

50 වැනි ස්ථානය – දිනේෂ් චන්දිමාල් – ප්‍රසාද ලකුණු 526

ටෙස්ට් පන්දු යවන්නන් අතර දැනට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින්නේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වන අතර ඔහු ප්‍රසාද ලකුණු 635ක් දිනාගෙන එහි 21 වැනි තැන දිනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ වීරයා වුනු නවක ක්‍රීඩක ප්‍රවීන් පළමු තරගයට පසුව ප්‍රසාද ලකුණු 380ක් දිනාගෙන එහි 48 වැනි ස්ථානය දිනා ගැනීම සුවිශේෂී වනවා. තවද ICC ටෙස්ට් ක්‍රීඩකයින් වර්ගීකරණයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් 20 දෙනා අතර එකඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් හෝ ඇතුළත් වන්නේ නැහැ.

නවතම ICC පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නන් (පළමු ස්ථානයන් 50 තුල)

21 වැනි ස්ථානය – සුරංග ලක්මාල් – ප්‍රසාද ලකුණු 635

38 වැනි ස්ථානය – දිල්රුවන් පෙරේරා – ප්‍රසාද ලකුණු 459

38 වැනි ස්ථානය – ලහිරු කුමාර – ප්‍රසාද ලකුණු 459

41 වැනි ස්ථානය – ලසිත් ඇඹුල්දෙණිය – ප්‍රසාද ලකුණු 444

42 වැනි ස්ථානය – අකිල දනංජය – ප්‍රසාද ලකුණු 420

46 වැනි ස්ථානය – විශ්ව ප්‍රනාන්දු – ප්‍රසාද ලකුණු 388

48 වැනි ස්ථානය – ප්‍රවීන් ජයවික්‍රම – ප්‍රසාද ලකුණු 380

ICC ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ දී ලකුණු 3235ක් සමඟ ප්‍රසාද ලකුණු 83ක් දිනාගෙන තිබෙන ශ්‍රී ලංකාවට එහි 7 වැනි ස්ථානය ලැබී තිබෙන අතර එහි පළමු ස්ථානයේ සිටින්නේ ලකුණු 4455ක් සමඟ ප්‍රසාද ලකුණු 120ක් දිනාගෙන තිබෙන ඉන්දියාවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<