වනිඳු සහ සුදාරක වෙළඳසේවා පිටිය වර්ණවත් කරයි

853

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (30) නිමා වූ තරගවල දී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ වනිඳු හසරංග ද, L. B. ෆිනෑන්ස් කණ්ඩායමේ චරිත් සුදාරක ද කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.

ඩිමෝ කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් දිනයේ වැඩිම ලකුණු ලබා ගත් අය අතරින් ඉදිරියෙන්ම සිටිය ද වනිඳු හසරංග සටන්කාමී පිතිහරඹයක නිරතවෙමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් කළ මෙහෙය විශිෂ්ට විය. දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ චරිත් සුදාරක ය.

පුස්සෙගොල්ල හා අක්‍රම්ගෙන් දක්ෂ පන්දු යැවීමක්

Fair and Lovely හා යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සවිබල ගන්වනු ලබන වෙළඳසේවා වෙළඳ සංගම් B ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග……

මේ අතර පැවති තරග අතරින් MAS Silueta කණ්ඩායමට එරෙහිව L. B. ෆිනෑන්ස් කණ්ඩායම ද, TeeJay ලංකා කණ්ඩායමට එරෙහිව කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ද සහ හේලීස් කණ්ඩායමට එරෙහිව ඩිමෝ කණ්ඩායම ද ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

TeeJay ලංකා සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ කොමර්ෂල් ක්‍රෙඩිට් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි TeeJay ලංකා කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 206ක් ලබා ගත්තේ ය. එම ඉනිම වෙනුවෙන් ලසිත් කෘෘස්පුල්ලේ අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

අංක 8 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ලසිත් පන්දු 65කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේ ය. TeeJay ලංකා ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 145ක්ව තිබිය දී ලසිත් සහ චලන ද සිල්වා (10) එක්ව ලකුණු 48ක සබඳතාවක් ගොඩ නැගුවේ ය.

පෙර තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් සචිත්‍ර සේරසිංහ අද තරගයේ දී පන්දු 68කට මුහුණ දී ලකුණු 34ක් ලබා ගත්තේය. ඊට අමතරව මිනෝද් භානුක (27) සහ සිතාර ගිම්හාන් (24) ද ලකුණු අතරට පිවිසිය හ.

කඩුලු ලබා ගැනීමේ දී චාමික කරුණාරත්න සහ චතුරංග ද සිල්වා කඩුලු 3 බැගින් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 209ක් ලබා ගත්හ. එම ඉනිමේ දී පසුපෙළින් පිටියට පිවිසි වනිඳු හසරංග පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 73ක් රැස් කළේය.

කොමර්ෂල් ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 76ක්ව තිබිය දී තම සහෝදරයා වන චතුරංග ද සිල්වා (19) සමඟ එක්වූ වනිඳු හය වැනි කඩුල්ලට ලකුණු 38ක් එක් කිරීමට ද දායක විය. තරගය නිමා වන විට ඔහු ලහිරු මධුශංක සමඟ 7 වැනි කඩුල්ලට නොදැවුණ 95ක සබඳතාවක් ගොඩ නැගූහ. ලහිරු පන්දු 44කට මුහුණ දී හතරේ පහර 3 සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 34ක් ලබා ගත්තේ ය.

කඩුලු බිඳ දැමීමේ දී සචිත්‍ර සේරසිංහ සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 2 බැගින් දවා ගත්හ.  

TeeJay ලංකා කණ්ඩායම; සියලුම දෙනා දැවී 206 (47.3) සිතාර ගිම්හාන් 24, මිනෝද් භානුක 27, සචිත්‍ර සේරසිංහ 34, ලසිත් කෘෘස්පුල්ලේ 58, අසිත ප්‍රනාන්දු 2/34, චාමික කරුණාරත්න 3/42, චතුරංග ද සිල්වා 3/30

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 209 (38.5) චාමර කපුගෙදර 26, වනිඳු හසරංග නොදැවී 73, ලහිරු මධුශංක නොදැවී 34, සච්ත්‍ර සේරසිංහ 2/37, ලක්ෂාන් සඳකැන් 2/61

යොවුන් ක්‍රීඩකයෝ පිට පිටම දෙවැනි ජයත් ලබයි

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය යටතේ හොංකොං රාජ්‍යයට එරෙහිව…..


L. B. ෆිනෑන්ස් සහ MAS Silueta අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 138ක ජයග්‍රහණයක් ලබා ගැනීමට  L. B. ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ MAS Silueta නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි L. B. ෆිනෑන්ස් කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 293ක් ලබා ගත්තේ ය. එම ඉනිමේ දී අර්ධ ශතක දෙකක් වාර්තා විය. ඒ ධනංජය ද සිල්වා සහ සහන් ආරච්චිගේ විසිනි.

ධනංජය ද සිල්වා පන්දු 89කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේ ය. සහන් ආරච්චිගේ ගේ ඉනිම පන්දු 64කින් සමන්විත වූ අතර නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 66කි. ඊට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඇතුලත් විය.

කඩුලු ලබා ගැනීමේ දී ඉෂාර හේමන්ත කඩුලු 3ක් ද, බුද්ධික සංජීව කඩුලු 2ක් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි MAS Silueta කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු  155ක් පමණි. එම ඉනිමේ දී ආරම්භක පිතිකරු සංගීත් කුරේ පන්දු 40කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.

කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟපන්දු යවන චරිත් සුදාරක පන්දුවාර 9ක් යවමින් ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතරව ඇන්ජලෝ පෙරේරා කඩුලු 3ක් ද, ධනංජය ද සිල්වා කඩුලු 2ක් ද දවා ගත්හ.

L. B. ෆිනෑන්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 293 (50.0) ෂෙහාන් ජයසූරිය 28, ධනංජය ද සිල්වා 72, ඇන්ජලෝ පෙරේරා 31, සහන් ආරච්චිගේ නොදැවී 66, බුද්ධික සංජීව 2/56, ඉෂාර හේමන්ත 3/35

MAS Silueta කණ්ඩායම; සියලුම දෙනා දැවී 155 (41.1) සංගීත් කුරේ 28, ඇන්ජලෝ එම්මානුවෙල් 25, චරිත් සුදාරක 4/26, ඇන්ජලෝ පෙරේරා 3/25  

අපිට කොහෙහරි වැරදුනා බං…

“මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්.. මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්.. ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං……..


ඩිමෝ සහ හේලීස් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 44ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඩිමෝ ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ හේලීස් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩිමෝ ක්‍රීඩකයෝ සියලුම ක්‍රීඩකයෝ දැවී ලකුණු 215ක් ලබා ගත්හ. එම ඉනිමේ දී දිනේෂ් චන්දිමාල් පන්දු 109කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී චානක රුවන්සිරි සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි හේලීස් කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 171ක් පමණි. යොවුන් ක්‍රීඩක රොන් චන්ද්‍රගුප්ත සටන්කාමී ඉනිමක නිරත වූවත් අනෙකුත් ක්‍රීඩකයන්ගේ සහයෝගය නොලැබීම තරගයේ මෙම තීරණයට හේතු විය.

රොන් පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී කවිශ්ක අංජුල, මතීෂ පෙරේරා සහ සම්මු අශාන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඩිමෝ කණ්ඩායම; සියලුම දෙනා දැවී 215 (50.0) දිනේෂ් චන්දිමාල් 89, නිපුන් කරුණානායක 37, සම්මු අශාන් 29, බිනුර ප්‍රනාන්දු 3/14, චානක රුවන්සිරි 3/43, ප්‍රභාත් ජයසූරිය 2/45

හේලීස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 171 (42.0) රොන් චන්ද්‍රගුප්ත 70, චානක රුවන්සිරි 30, මධුරංග සොයිසා 28, කවිශ්ක අංජුල 2/14, මතීෂ පෙරේරා 2/25, සම්මු අශාන් 2/32

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<