ෆීජි ක්‍රීඩකයෙක් පොලිස් ක්‍රීඩා සමාජය සමඟ එක්වෙයි

293

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භයට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී නැගී එන ෆීජී ක්‍රීඩක Emosi Vunivosa පොලිස් ක්‍රීඩා සමාජය සමඟින් එක්වී තිබේ.

නාවික හමුදාව කටාර් ආක්‍රමණයට සැරසෙයි

නොවැම්බර් හත්වැනිදා ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියට ……

20 හැවිරිදි මෙම ෆීජී ක්‍රීඩකයා ඊයේ (30) දිවයිනට පැමිණි අතර ඔහු ඉක්මනින්ම පොලිස් ක්‍රීඩා සමාජය සමඟ පුහුණුවීම් ඇරඹීමට නියමිතයි.

වේගවත් හා ආක්‍රමණශීලී පසුපෙල ක්‍රීඩකයෙකු වන Vunivosa වයස අවුරුදු 20න් පහළ ලෝක කුසලාන රග්බි තේරීම් තරගාවලියේ 2016 ඕෂනියා තේරීම් තරගාවලියේ දැක්වූ දක්ෂතා නිසා කැපී පෙනුණු අයෙකි.  

‘Wing’ ස්ථානයේ හා ‘Fly Half’ ස්ථානයේ යන ස්ථාන දෙකේම ක්‍රීඩා කළ හැකි මේ තරුණ ෆීජී ක්‍රීඩකයා Naitasiri ක්‍රීඩා සමාජය හා Highlanders ක්‍රීඩා සමාජය යන ක්‍රීඩා සමාජ ද්විත්වයම නියෝජනය කර තිබීම විශේෂත්වයකි.  

සැමුවෙල්ගේ දඬුවම් පහරින් දෝහා අපේක්ෂා සුන්වේ

සංචාරක CH & FC කණ්ඩායම හා කටාර් හි දෝහා RFC කණ්ඩායම අතර පැවති සුහද රග්බි තරගය ඊයේ …..

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නව නීතිරීති වලට අනුව පසුගිය වසරේ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අවසන් ස්ථාන හතරට පත්වූ කණ්ඩායම්වලට මෙවර තරග වාරය සඳහා විදේශ ක්‍රීඩකයින් සිය කණ්ඩයම් වලට එකතු කර ගැනීමේ අවස්ථාව හිමි විය.

ඒ අනුව CR&FC, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය ද මේ වන විට විදෙස් ක්‍රීඩකයින් සිය කණ්ඩයම්වලට එක්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියි.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කොන්දේසිවලට අනුව එක් කණ්ඩායමක් සඳහා එක් අවස්ථාවක දී ක්‍රීඩා පිටියේ රැඳී සිටිය හැක්කේ එක් විදෙස් ක්‍රීඩකයෙක් පමණි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<