කර්ණාටක ක්‍රීඩකයින් වෛද්‍ය පරීක්ෂාවන්ට

127

ඉන්දීය ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වන කර්ණාටක ක්‍රිකට් කණ්ඩායම ඊයේ (22) ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට පෙර බැන්ගලෝර් හි එම්. චින්නස්වාමි ක්‍රිකට් පිටියට එක්වෙමින් වෛද්‍ය පරීක්ෂාවන් සිදු කරගන්නා ලදි.

“තාම ක්‍රිකට් ගහන්න අවසර දෙන්න බැහැ!”

ඒ අතර ඉන්දීය ක්‍රිකට් ආයතනයේ මධ්‍යගත කොන්ත්‍රාත්තුව සඳහා ඇතුලත්ව සිටින ලෝකේශ් රාහුල්, මයන්ක් අගර්වාල් සහ මනීෂ් පාන්ඩයා වැනි ක්‍රීඩකයින් සිටීම සුවිශේෂී වේ. මේ ක්‍රීඩකයින් සියලුම දෙනා කාණ්ඩ දෙකක් යටතේ සිය වෛද්‍ය පරීක්ෂාවන් සඳහා මුහුණ දී තිබෙන අතර එහි දී ඔවුන්ගේ ECG, රුධිර පරීක්ෂණ සහ PCR පරීක්ෂණ සිදු කර ඇත.

මේ පරීක්ෂණවල ප්‍රතිඵල ලැබුණු පසුව අදාළ අංශ සමඟ සාකච්ඡා කර ක්‍රීඩකයින්ගේ පුහුණු කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳව නිසි දිනයක් ප්‍රකාශ කිරීමට හැකි බව කර්ණාටක ක්‍රිකට් බලධාරීන් පවසා සිටියි.

“මාස 3කට වගේ කාලයකින් පස්සේ තමයි අපේ ක්‍රීඩකයින් ගොඩ දෙනෙක් එකට හම්බුනේ. මට මේ ක්‍රීඩා පිටිය දෙවන නිවහන වගේ, අපි තාමත් අපේ පුහුණුවීම් පටන් අරගෙන නැහැ, හැබැයි අපේ පුහුණුවීම් පටන් අරගෙන ක්‍රීඩකයින් ඔක්කොමලා එක්ක නැවතත් ඉස්සරහ වගේ පුහුණුවීම් පටන් ගන්නකන් ඉවසිල්ලක් නැහැ. මේ කොරෝනා වසංගත තත්වය මුළු ලෝකෙටම ගොඩක් බලපෑවා. ඒ වයිරසය ඇත්තටම ලොකු වසංගතයක්. ඉතාමත් ඉක්මනින් මේ තත්වය පාලනය කරගෙන අපේ ජීවිතය සහ අපේ එදිනෙදා කටයුතු සාමාන්‍ය වෙයි කියලා හිතනවා” යැයි කරුන් නයර් පැවසීය.

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින් තුනකට කොරෝනා

කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය ජූලි මාසයේ දී පැවැත්වීමට සැලසුම් යොදා තිබූ නමුත් පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසා ඉන්දීය ක්‍රිකට් ආයතනය තවමත් ඒ සඳහා අවසර ලබා දී නොමැත. එම ක්‍රිකට් තරගාවලිය ඉදිරි මාස කිහිපය තුල පැවැත්වීම අවිනිශ්චිත මට්ටමකට පැමිණ තිබේ.

ඉන්දියාව තුල මේ වන විට Covid-19 ආසාදිත පුද්ගලයින් ගණන 440,000ක් ඉක්මවා තිබෙන අතර ඉන් සුවය ලබා තිබෙන පුද්ගලයින් ගණන 248,000 ඉක්මවා තිබේ. එසේම ඉන්දියාව තුල 14000කට අධික පුද්ගලයින් ප්‍රමාණයක් මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<