වේල්ස් කුමරුවන්ට අගනා ජයක්

796

2017/18 සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් අද (13) පැවැත්විය. ඒ අතුරෙන් අද අවසන් වූ එක් තරගයකින් ඉනිමක හා ලකුණු 17ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සමත් විය.

රෙවාන්ගේ ශතකයෙන් සාන්ත ජෝසප් විද්‍යාලය ගොඩ යයි

සහිරා විද්‍යාලයට එදිරිව සාන්ත ජෝසප් විද්‍යාලයට අද (12) කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට හැකි වූ අතර, …

වේල්ස් කුමර විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

මෙම තරගයේ ඊයේ (12) දිනය අවසානයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත මරියා විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 50ක් ලබාගෙන සිටියේය.

වමතින් දඟපන්දු යවන කෞමාල් නානායක්කාරගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙන් සාන්ත මරියා විද්‍යාලයට අද දිනය තුල කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 35ක් පමණි. සුජිත් කුමාර ලකුණු 21යි. දක්ෂ ලෙස පන්දු යැවූ කෞමාල් ලකුණු 36ක් තුල කඩුලු 7ක් දවා ගන්නා විට, ඔහුට සහය වූ සවිඳු පීරිස් කඩුලු 3ක් දවා ගන්නා ලදි. අවසානයේ සාන්ත මරියා දෙවන ඉනිම ලකුණු 85කට සීමා විය.

තරගය වේල්ස් කුමර විද්‍යාලයේ දී පැවැත්විය.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම – 177 (48): විනුජ රන්පුල් 60, දෙවංක පීරිස් 51, සනෝජ් දර්ශික 20, අකලංක පෙතියගොඩ 3/27, සංජය රංජිත් 3/28.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම – 75/10 (25.3): නිදුක ප්‍රනාන්දු 5/20, විනුජ රන්පුල් 2/24

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉනිම (F/O)  – 85/10 (45.3): සුජිත් කුමාර 21, කෞමාල් නානායක්කාර 7/36, සවිඳු පීරිස් 3/16.


සාන්ත ජෝසප් විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය

වමතින් පිත්ත හසුරුවන ලක්ෂාන්ගේ පිතිකරණයෙන් වර්ණවත් වූ පළමු දිනය අවසානයේ, සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 285යි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ලුම්බිණි විද්‍යාලයට අද පිතිකරණයෙන් එතරම් සාර්ථක වීමට නොහැකි වූයේ, දුනිත් වෙල්ලාලගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. නමුත් අමිත් දාබරේ නොදැවී ලකුණු 28*යි. ලුම්බිණි පළමු ඉනිම ලකුණු 78කට සීමා විය. පන්දු යැවීමේ දී වෙල්ලාලගේ ලකුණු 21ක් තුල කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ශ්‍රී ලංකාව වැට උඩට ඇද දමමින් පාකිස්තානයට ජය

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම…

රෙවාන් කෙලී හා නිපුන් සුමනසිංහ පිළිවෙළින් ලකුණු 44ක් හා ලකුණු 40ක් ලබාගෙන සාන්ත ජෝසප් මුල්පෙළ සවිමත් කළත්, මැදපෙළ ඉක්මනින්ම බිඳ වැටෙන ලදි. නමුත් පසුපෙළ හා මැදපෙළ එක්කරමින් සවිමත් පදනමක් දැමූ ලක්ෂාන් ගමගේ නොදැවී ලකුණු 72*ක් ලබාගෙන තවදුරටත් ඉනිම සවිමත් කරන විට, ඔහුට සහය දුන් දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 37*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි. පන්දු යැවීමේ දී විමුක්ති කුලතුංග කඩුලු 4යි.

ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 78/10 (29.5): අමිත් දාබරේ 28*, දුනිත් වෙල්ලාලගේ 5/21, ලක්ෂාන් ගමගේ 3/37.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 285/8 (63): ලක්ෂාන් ගමගේ 72*, රෙවාන් කෙලී 44, නිපුන් සුමණසිංහ 40, දුනිත් වෙල්ලාලගේ 37*, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 30, විමුක්ති කුලතුංග 4/91, අමිත දාබරේ 2/40.


මහින්ද විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය

D කාණ්ඩයේ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරක මහින්ද විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කළේය.

වමතින් පිත්ත හැසිර වූ රේශාන් කවිඳු ආනන්ද විද්‍යාලයේ පන්දු යවන්නන්ට එදිරිව ලකුණු 66ක් ලබා ගන්නා ලදි. ඊට අමතරව නිපුන් මාලිංග හා කවිඳු එදිරිවීර ද ගාලු තණතීරුව මත අර්ධ ශතක ලබා ගැනීමට වාසනාවන්ත විය. පන්දු යැවීමේ දී හසිඳු චාමික ලකුණු 49ක් තුල කඩුලු 5යි. අසේල සිගේරා කඩුලු 2යි.

සංජුගෙන් ශතකයක්; පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි!

තරග 3කින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා තීරණාත්මක ටෙස්ට් තරගාවලිය ඇරඹීමට පෙර පැවති එකම පුහුණු තරගය අද (12) නිමාව දුටුවේ ජය පරාජයකින් තොරවයි…

මහින්ද විද්‍යාලයේ ලකුණු 255ට එදිරිව ක්‍රීඩා කරන ආනන්ද විද්‍යාලය තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබා ගැනීමට සමත් විය.

මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වේ.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 255/10 (88.1): රේශාන් කවිඳු 66, නිපුන් මාලිංග 51, කවිඳු එදිරිවීර 50,  නවෝද් පරණවිතාන 28, විදුර රවිසර 28, හසිඳු චාමික 5/49, අසේල සිගේරා 2/70.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 22/2 (4.4):


සාන්ත අන්තෝනි විද්‍යාලය හා මහානාම විද්‍යාලය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පළමු දිනයට පැවැත්වූ මෙම තරගයේ අද (13) දිනය අවසානයේ සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 98ක් රැස්කර ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය.

මහානාම විද්‍යාලයේ ඇරයුමින් පළමුව පිටියට පැමිණි වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට, සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 98ක් පමණි. එහි දී අවිශ්ක තරිඳු ලකුණු 20ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ක්‍රීඩක සොනාල් දිනූෂ ලකුණු 7කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.

Vimukthi Perera pursuing an international cricket career

Sri Lanka ‘A’ team left-arm fast bowler Vimukthi Perera discussing how he started his cricket career…

සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරන මහානාම විද්‍යාලයට එදිරිව ලකුණු 28ක් තුල කඩුලු 2ක් දවා ගැනීමට ශනිල් විදූශ සමත් වූ අතර ඔහුගේ පන්දු හොඳින් තෝරා බේරාගෙන පිතිකරණයේ නිරත වූ දිනුක රූපසිංහ ලකුණු 42ක් ලබාගෙන සිටිය දී දැවී යන ලදි. එම පිතිකරණය හා මහානාම විද්‍යාලයේ දක්ෂ පන්දු යැවීම නිසා තරගයේ පළමු දිනය තුලම මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට හැකි විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – 98/10 (56.2): අවිශ්ක තරිඳු 20, සොනාල් දිනූෂ 4/07, කේශාන් හෙට්ටිආරච්චි 3/12, හේශාන් සංදීප 2/14.

මහානාම විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 98/3 (36): දිනුක රූපසිංහ 42, ශනිල් විදූශ 2/28.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<