විලියම්සන් විසින් ටේලර් පසුපසට දමයි

561
Cricket Addictor

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී නවසීලන්ත හිටපු නායක Kane Williamson (කේන් විලියම්සන්) තවත් වාර්තාවක් තමන් සතු කරගත්තා. ඒ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාවයි.

නවසීලන්තයේ වෙලිංටන් හිදී පැවැත්වෙන තරගයේ සිව්වැනි දිනයේ දී Ross Taylor (රොස් ටේලර්) සතුව තිබූ ලකුණු 7,683ක් වූ වාර්තාව විලියම්සන් විසින් පසුකළා. ඒ සිය 92 වැනි ටෙස්ට් තරගයේ දීයි.

32 හැවිරිදි විලියම්සන් මේ වන විට ක්‍රීඩා කරන්නේ පිතිකරුවෙකු ලෙසින් පමණයි. ටෙස්ට් නායකයෙකු වශයෙන් ලෝක ශූරතාවයක් ද ජයග්‍රහණය කළ විලියම්සන් පසුගිය දෙසැම්බර් මාසයේ දී නායකත්වයට සමුදුන්නා. මේ වන විට ඔහු නවසීලන්ත එක්දින සහ විස්සයි විස්ස නායකයා වශයෙන් කටයුතු කරනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<