මහනුවරට ආ අළුත්ම වීරයා

153

ඔබට රිය පැදවීමේ හැකියාවක් නොමැති නම් රේසින් කාරයක් ගැනීමේ ඵලක් නැත. අශ්වබල ශක්තියෙන් පරිපූර්ණ රියක් පැදවීම, වරක් කළ නොහැකි යැයි සිතූ සීමාවන් පසුකරමින් පැද යාම වෙනස්ම කුසලතාවයකි. 

එය මිනිසා සහ යන්ත්‍රය අතර ඇති අවබෝධයක් වන අතර යථාර්ථය නම් සෑම විටම කාරය සහ රියදුරු එකිනෙකාට අනුපූරක වන විට ජයග්‍රහණයන් පහසුවෙන් ඉදිරියට එනු ඇත. 

ලන්ඩන් සත් සාමාජික රග්බි සංවිධායකයින් තීරණයක් ගනී

ඩයලොග් රග්බි ලීගයෙහි පසුගිය වසර දෙස බලන විට එම තරග වාරය අවසන් වූ නිසා අන්කිසිවෙකුටත් වඩා සතුටු වූයේ හිටපු පුහුණුකරු ශෝන් විජේසිංහ වන්නට ඇත. පසුගිය වසර මහනුවර කණ්ඩායමට පහසු තරග වාරයක් වූයේ නැත. එය ඔවුන්ගේ අභ්‍යන්තර හරය දැඩි ලෙස පරීක්ෂාවට ලක් කළ කාලයක් විය. ඔවුන්ගේ උපාය මාර්ග ප්‍රශ්න කිරීමටත් ප්‍රතිවාදීන් සමත් වූ අතර දීර්ඝ කාලයකට පසු පීඩනයට ලක්විය.

එම වසරේ මහනුවර කණ්ඩායම, අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරග 16කින් පසුව ජය ගත් අතර එය කණ්ඩායමේ නොනවතින උත්සාහය සඳහා සුදුසු අවසානයක් වූ නමුත් එය එහි අනුප්‍රාප්තිකයාට නිවැරදි කිරීමට බොහෝ දේ ඉතිරි කළේය. 

ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වන ෆාසිල් මරිජාට දැන් ප්‍රධාන පුහුණුකරු ලෙස පිරවීම සඳහා නව වගකීම් පැවරී තිබූ අතර කාර්යබහුල කාලයකට පසු සුවිශේෂී සන්ධිස්ථානයක සිටි කණ්ඩායම, නව තරගාවලියක් සඳහා නව ආරම්භයක් ගෙන ඒම ඔහුගේ ප්‍රධානම අභියෝගය විය. 

එම අවස්ථාවේ දී තරින්ද රත්වත්තේ යන නම කරළියට පැමිණියේය. මෙවර තරගාවලිය ආරම්භ කිරීමට පෙර මහනුවර ක්‍රීඩා සමාජය නව ක්‍රීඩකයෙකු සමඟින් ගිවිසුම් අත්සන් කරන බව නිවේදනය කළේය. 

ඔහු ගැන බොහෝ දෙනා අවධානය යොමු කළ අතර ඔහු ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටින නමුත් සෑම කෙනෙකුටම මහනුවර කණ්ඩායමේ සංයුතිය කුමක් වනු ඇත්ද යන්න පිළිබඳව කිසිදු අවබෝධයක් තිබුණේ නැත. 

24 හැවිරිදි ඔහු CR&FC කණ්ඩායම සමඟ තරමක් බලාපොරොත්තු සුන් වූ තරගාවලියකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව පිටතට පැමිණෙමින් සිටියේය. එහි දී ඔහු කණ්ඩායමේ තරමක අවිනිශ්චිත ස්ථානයක ක්‍රීඩා කළ අතර තරගාවලියේ අවසාන තරග කිහිපය වන විට එම තත්ත්වය වඩාත් කැපී පෙනෙන්නට විය. කෙසේ වෙතත්, ඔහුගේ නම යටතේ ලකුණු 145ක් සටහන් වීම අපට වෙනස් කතාවක් කීවේය. 

මහනුවර කණ්ඩායම විශාල ජාතික දක්ෂතා රාශියක් ඇති ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වූ අතර වර්තමානයේ දී පවා එය දිගටම පවත්වා ගෙන යාමට එම කණ්ඩායම සමත්ව ඇත. නමුත් කණ්ඩායමේ අඩුපාඩු පිළිබඳව පැහැදිලි දිශානතියක් තිබුණි. ෆාසිල් මරිජා සහ ගයාන් වීරරත්න සමුගැනීම සහ අඛණ්ඩ ආබාධ ලැයිස්තුව සමඟ මැදපෙළේ තරමක දුර්වල වීමක් පෙනෙන්නට තිබුණි. එනම් මහනුවර කණ්ඩායම තරමක් අසම්පූර්ණ වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. 

ඩයලොග් රග්බි ලීගයේ සුපිරි වැඩකාරයෝ!

ඔවුන්ට කිසිවිටෙකත් අත්දැකීම් පිළිබඳ ගැටලුවක් නොතිබූ නමුත් දිශානතිය පිළිබඳව තරමක ගැටලුවක් මතුව තිබුණි. තරින්ද රත්වත්තේ සමීකරණයට ගැළපෙන්නේ එතැනිනි. 

විශිෂ්ට තරගකරුවෙකු වීමට නම් ඔබ දුර දක්නා ක්‍රීඩකයෙකු විය යුතුය. වේගවත් කළ යුත්තේ කුමන අවස්ථාවේ දී ද, වේගය අඩු කළ යුත්තේ කුමන අවස්ථාවේ දී ද යන්න තීරණය කිරීම පමණක් නොව නිවැරදි අවස්ථාව විවෘත වන තෙක් බලා සිටීමේ හැකියාව ද තිබිය යුතුය.

මෙම ගුණාංග රත්වත්තේ කණ්ඩායම සඳහා සකසා ඇති දේ සමඟ රිද්මයානුකූල විය. තරින්ද රත්වත්තේ පාසල් අවධියේ සිටම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ නමුත් මරිජා ඔහුට ලබා දුන්නේ අංක 12 ජර්සයයි. සෙන්ටර් ක්‍රීඩකයෙකු ලෙස තරින්ද මහනුවර බලාපොරොත්තු අලුත් කළේය. 

මහනුවර සිය මෙහෙයුම ආරම්භ කළේ නිත්තවෙල දී ගුවන් හමුදාවට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගනිමිනි. එය මහනුවර ක්‍රීඩකයින්ගේ සාමාන්‍ය දිනයක් විය. සුපුරුදු වේගවත් රග්බි ක්‍රීඩාවට ඔවුන් සතියෙන් සතිය අවතීර්ණ විය. රත්වත්තේ හොඳ පන්දු පිරිනැමීම් රැසක් සිදු කළ අතර ලවංග පෙරේරා එම අවසරයෙන් ලකුණු රැස් කිරීමට සමත් විය. 

ආරම්භක සතියේ නිත්තවෙල දී සියල්ලන්ම දුටුවේ හොඳ තරගාවලියක පූර්ව ප්‍රචාරණය පමණි. ඊළඟ තරග කිහිපය තුළ දී තරින්දගේ වගකීම් දෙගුණ විය. ඒ ප්‍රවර්තන වගකීම ද ඔහුට පැවරීම නිසාවෙනි. 

පන්දුව එල්ල කළ යුතු ස්ථානය විනිශ්චය කිරීමේ සිට ඔහුගේ සගයන් සඳහා ප්‍රතිවාදී ඉදිරිපෙළ විවෘත කළ යුත්තේ කුමන අවස්ථාවේ දී දැයි තීරණය කිරීම දක්වා, තරින්ද රත්වත්තේ සෑම අවස්ථාවකම කළ යුතු දේ හරියටම දැන සිටියේය. ගත් සෑම විකල්පයක් සඳහාම ඔහුට සැලැස්මක් තිබුණි. 

ඔහුගේ ක්‍රීඩාවට අනුපූරකව කණ්ඩායමට සුවිශේෂී විය. පළමු තරග කිහිපයේ දී නයිජල් රත්වත්තේ වැනි අය සමඟ මහනුවර කණ්ඩායම මෙම තරගාවලියේ සිතා ගත නොහැකි තර්ජනයක් එල්ල කිරීමට සමත් විය. එය තරමකින් හෝ පාලනය කළ හැකි වූයේ කණ්ඩායම් කිහිපයකට පමණි. 

වාහන එන්ජිමක සියලු උපාංග නියමිත ලෙස ක්‍රියා කරන විට වාහනයට එයින් ලැබෙන අපරිමිත බලය මහනුවර කණ්ඩායමට ද ලැබී තිබුණි. ඔවුන්ගේ සියලු උපාංග නිවැරදි ලෙසම කණ්ඩායම ඉදිරියට ගෙන ගියේ ප්‍රතිවාදී ප්‍රතිරෝධය සාර්ථකව මර්දනය කරමිනි. 

මෙම වසරේ මුල් සති කිහිපය තුළ දී ම මහනුවර කණ්ඩායම පළමු වතාවට කොළඹට පැමිණියේ CR&FC තරගය සඳහාය. මෙම තරගය මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ කුසලානය දිනා ගන්නා කණ්ඩායම තීරණය කරන තරගය වේ යැයි බොහෝ දෙනා අනුමාන කළහ. ලීග් රග්බි තරගාවලිය තුළ හොඳම කණ්ඩායම් දෙක සඳහා ප්‍රබල වටපිටාවක් නිර්මාණය වී තිබූ අතර එම තරගය තරින්ද මීට පෙර ක්‍රීඩා කළ කණ්ඩායම වීම ම එහි ප්‍රබලත්වය කියා පෑවේය. 

මහනුවර ඔවුන්ගේ පුපුරන සුළු ස්වභාවය අනුව ඉක්මන් ලකුණු ලබා ගත් අතර ඔවුන් තරගය නිමා කළේ ලකුණු 41-27ක් ලෙසිනි. ස්වකීය කණ්ඩායමට එරෙහිව පරිපූර්ණ ජයග්‍රහණයක් ලබා ගත් රත්වත්තේ ඔහුගේ දක්ෂතා සඳහා තරගයේ වීරයා සම්මානය ගෙදර ගෙන ගියේය. 

ඔමල්කට තරග තහනමක්!

නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති අවසන් සතියේ තරගය මෙවර තරගාවලියේ ප්‍රබලතම තරගයක් වූ අතර ඔවුන් සෑහෙන කාලයක් තිස්සේ පරාජය නොකළ කණ්ඩායමක් පරාජය කිරීමට පොලිස් නිලධාරීන් නිත්තවෙලට පැමිණියේය. නමුත් එදින ඔවුන්ගේ න්‍යාය පත්‍රය වෙනස් විය. ඔවුන්ගේ වේග ක්‍රීඩාවට ගැළපෙන කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කිරීමට ආරක්ෂක හා පසුපෙළ සඳහා රත්වත්තේගේ දායකත්වය නිසා සති 14ක අපරාජිත තරගාවලියක් නිමා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. 

මහනුවර ක්‍රීඩා සමාජයේ පළමු වන තරගාවලිය නිමා කරමින් රත්වත්තේ මෙම තරගාවලියේ දී ලකුණු 123ක් ලබා ගනිමින් ඉහළම ලකුණු ලබා ගත් ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගත්තේය. 

ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් බවට පත්වන්නේ කුමක් ද යන්න පිළිබඳව විවාද කිරීම සෑමවිටම ප්‍රශ්නයකි. එය දක්ෂතාවයක් ද, නැතහොත් එය වෙහෙස මහන්සි වී කරන දෙයක් ද?  විටෙක එම සුදුසුකම් දෙක තිබීම ප්‍රමාණවත් නොවේ. ඔබ බුද්ධිමත් හා කුසලතා හා දක්ෂතා සම්මිශ්‍රණය කළ යුතුය. 

රත්වත්තට ඒ සියල්ල තිබේ. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<