ඩී. එස්. – මහානාම සහෝදරයෝ සතුටින් විසිර යති

1440

අගනගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක් වන මහානාම විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය සංවිධානය කරනු ලබන රන් මහා සටන ක්‍රිකට් ගැටුමේ 12 වැනි දිගහැරුමේ දෙවන හා අවසන් දිනය අද (16) කොළඹ  පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 156ට පිළිතුරු ලෙස සිය පිළිතුරු ඉනිම ආරම්භ කළ මහානාම විද්‍යාලයේ පළමු කඩුල්ල ඉක්මනින්ම දවා ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයට හැකි විය.

රන් මහා සටනේ පළමු දිනයේ වැඩි වාසිය මහානාමයට

කොළඹ මහානාම විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර පැවැත්වෙන රන් මහා සටන ක්‍රිකට් ගැටුමේ 12 වැනි දිගහැරුමේ පළමු දිනය අද (16) කොළඹ…

තරගයේ ආරම්භක දිනය වූ ඊයේ (16) දිනය නිමා වන විට මහානාම විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 83ක් ලබාගෙන සිටියේ සිය ප්‍රතිවාදී ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 73ක් පසුපසින් සිටිමිනි. නොදැවී ක්‍රීඩා කරමින් සිටි පැතුම් බොතේජු ලකුණු 39යි.

මහානාම කණ්ඩායම් උප නායක පැතුම් බොතේජු, මෙතුශාන් කුමාර ඇතුළු ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පන්දු හොඳින් තෝරා බේරාගෙන පහර දෙන ආකාරයක් දක්නට ලැබුණි. ඕනෑම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ විශාල සිහිනයක් වන පාසල් මහා ක්‍රිකට් තරගයක ශතකයක් ලබා ගැනීම සැබෑවක් කර ගැනීමට පැතුම් හට තවත් ලකුණු 7ක් ඉතිරිව තිබිය දී, අවාසනාවන්ත ලෙස ලකුණු 93කට දැවී ගියේය. සොනාල් දිනූෂ ලකුණු 44යි.

මහානාම විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවන විට කඩුලු 9ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 217ක්. පන්දු යැවීමේ දී මෙතුශාන් කුමාර හ අබිනාශ් කොබුල් කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

රන් සටනට ඩී. එස්. සහ මහානාම ක්‍රීඩකයින් සූදානම්

ජයග්‍රහණ සපිරි තරග වාරයක් සමඟින් කොළඹ මහානාම විද්‍යාලය දොළොස්වැනි රන් මහා සටනට පිවිසෙද්දී, ප්‍රතිවාදීන් පරදවමින් කුසලානය ඩී. එස්. සේනානායක විද්‍යාලයට…

ලකුණු 61ක පළමු ඉනිමේ අවාසියක් ද සහිතව දෙවන ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක පිතිකරුවන් යළිත් වතාවත් ප්‍රථම ඉනිම තුළ පෙන්නුම් කළ දුර්වලතා  ඉස්මතු කර නිසා ඔවුන්ගේ කඩුලු කිහිපයක්ම ඉක්මනින්ම දවා ගැනීමට මහානාම ක්‍රීඩකයින්ට හැකි විය.

කෙසේ නමුත් තරගයේ නියමිත කාලය අවසන් වන විට ඩී. එස්. සේනානායක ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 76ක් රැස්කරගෙන සිටියේ මහානාම විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 15ක් පෙරමුණේ සිටිමිනි. පන්දු යැවීමේ දී හශාන් සංදීප හා ලහිරු විතාන කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

2007 වසරේ දී ඇරඹුණු රන් සටනේ වාර්තා වූ එකම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූයේ 2014 දී වමත් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දුගේ නායකත්වයෙන් තරග කළ ඩී. එස්. සේනානායක විද්‍යාලයයි. මෙම තරගය ද ඇතුළත්ව අනෙක් තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.  

රිච්මන්ඩ්වරුන් ආදවන්තයන්ගේ තෑගි මේසයම රැගෙන යති

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන 113 වැනි ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්…

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 156 (59): ශෙනාල් චන්ද්‍රසේකර 56, විහාන් ගුණසේකර 45, හේෂාන් හෙට්ටිආරච්චි 4/49, සොනාල් දිනුෂ 2/18, හෂාන් සංදීප 2/45.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 217/9d (87.2): පැතුම් බොතේජු 93, සොනාල් දිනූෂ 44, පවන්ත වීරසිංහ 31, මෙතුශාන් කුමාර 3/31, අබිනාශ් කොබුල් 3/41.

ඩී. එස්. සේනානායක විද්‍යාල දෙවන ඉනිම – 76/5 (31): ලහිරු විතාන 2/08, හශාන් සංදීප 2/16.

රන් මහා ක්‍රිකට් ගැටුමේ සීමිත පන්දුවාර තරගය  මේ මස 24 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එම තරගය ThePapare.com හරහා සජීව ලෙස නැරඹීමට හැකි අතර තරග වාර්තා හා ඡායාරූප එසැණින් ඔබ වෙතට ගෙන ඒමට‍ ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<