ප්‍රසන්නට ලෝකඩ පදක්කමක්

111

ආසියාතික කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය හා සංවිධායකත්වයෙන් පසුගියදා පැවැති 49 වැනි ආසියාතික අයෝමය ශූරතාවලියේදී කි.ග්‍රෑ. 55 බර පන්තියෙන් තරග වැදුණු බී.ඒ.එස්. ප්‍රසන්න ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

ජපානයේදී පැවැති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් සිවු දෙනකු සහභාගි වූ අතර, එහිදී කි.ග්‍රෑ 60 බර පන්තියෙන් තරග වැදුණු ඩබ්ලිව්.ඩී.සී. ඩයස් සිවුවැනි ස්ථානය දිනාගැනීමද කැපී පෙනුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කපිල කුමාරත්, පුහුණුකරු වශයෙන් ඉන්දික ප්‍රනාන්දුත් කටයුතු කළ අතර, මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය අනුග්‍රාහකත්වය ලබා දී තිබිණි.