Home Sinhala පැතුම් සහ වනිඳුගේ සුපිරි උත්සාහය අපතේ

පැතුම් සහ වනිඳුගේ සුපිරි උත්සාහය අපතේ

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

325

ICC එක්දින සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (25) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

එම තරගයෙන් ලකුණු 60ක ජයක් ලබා ගත් ඇෆ්ගනිස්තානය 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ දිනා ගැනීමට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායක Hashmatullah Shahidi පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. දෙරට අතර එක්දින තරගයක් ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වන අතර දෙරට අතර එක්දින තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙයයි.

ශ්‍රී ලංකාව වේගපන්දු යවන ක්‍රීඩකයින් තිදෙනෙක් (කසුන් රාජිත, ලහිරු කුමාර සහ ධනංජය ලක්ෂාන්) සමඟ මේ තරගයට අවතීර්ණ වුනු අතර ධනංජය ලක්ෂාන් වසරකට පසුව නැවතත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩා කරන අතර ලහිරු කුමාර වසර 3කට පසුව ක්‍රීඩා කරනු ලබන පළමු ජාත්‍යන්තර එක්දින තරගය මෙයයි.

තරගයට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම,

ශ්‍රී ලංකාව –  දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, වනිඳු හසරංග, ධනංජය ලක්ෂාන්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර

ඇෆ්ගනිස්තානය – Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (C), Najibullah Zadran, Mohammad Nabi, Rashid Khan, Mujeeb Ur Rehman, Fazalhaq Farooqi, Riaz Hassan, Yamin Ahmadzai

ඇෆ්ගනිස්තාන ඉනිම ආරම්භ කරමින් Gurbaz සහ Ibrahim Zadran ලකුණු 84ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.  ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ඉතාමත් හොඳ ආරම්භයක් සිය කණ්ඩායමට ලබා දුන්නා.

කෙසේ නමුත් පළමු Powerplay පන්දුවාර 10 අවසන් වූ වහාම 12 වැනි පන්දුවාරයේ දී සිය අවස්ථාව ලැබුණු වහාම තමන් ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ දී ම ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් සිටි Gurbazගේ කඩුල්ල LBW ආකාරයෙන් දවා ගත්තා.

4 පහර 9ක් එල්ල කරමින් පන්දු 55ක දී ලකුණු 53ක් ලබා ගත් 20 හැවිරිදි Gurbazගේ මංගල එක්දින අර්ධ ශතකය මෙය වුනත්, ඔහු මීට පෙර ජාත්‍යන්තර එක්දින අර්ධ ශතක 3ක් ලබාගෙන තිබෙනවා.

කෙසේ නමුත් ඔහුගේ ඉනිම අද දිනයේ දී ලකුණු 13කට සීමා කිරීමට අවස්ථාව තිබුණු නමුත් Slip කලාපයේ පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතින් අවාසනාවන්ත ලෙස උඩපන්දුව මඟ හැරීම නිසා Gurbaz මේ තරගයේ දී වාසනාවන්ත වුනා.

13 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී Gurbaz එල්ල කළ 4 පහරට පසුව 26 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුව දක්වා (පන්දු 78) එකඳු 4 පහරක් හෝ 6 පහරක් ලබා නොදෙමින් ඉතාමත් හොඳින් ඇෆ්ගනිස්තාන ලකුණු ලබා ගැනීමේ වේගය අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට හැකියාව ලැබුණා.

ලකුණු 84 සබඳතාවය බිඳ වැටුණු පසුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141ක් තුල ලකුණු 118ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවීමට Ibrahim Zadran සමඟින් එක්වුණු Shah සමත් වුනා. Shah සිය 21 වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය ලබාගෙන දස්කම් දක්වන විට ඔහු මේ තරගයේ දී එක්දින ලකුණු 3000 සීමාව ඉක්මවා යමින් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් දැනට වැඩිම එක්දින ජාත්‍යන්තර ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත් වුනා.

ආරම්භයේ පටන් පන්දුවාර 41කුත් පන්දු 4ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටි දකුණතින් පිතිකරණයේ නිරත වන 20 හැවිරිදි Ibrahim Zadran සිය මංගල එක්දින ශතකය ලබාගෙන පන්දු 120ක් තුල 4 පහර 11ක් එල්ල කරමින් ලකුණු 106ක් ලබාගෙන ශ්‍රී ලංකාවට වැඩිම පීඩනයක් එල්ල කළ පිතිකරුවා වුනා.

ඇෆ්ගනිස්තාන මුල් දකුණත් පිතිකරුවන් තිදෙනා ලබා ගත් ශතකය, අර්ධ ශතක දෙක සහ වමතින් පිතිකරණයේ නිරත වන Najibullah Zadran ලබා ගත් ලකුණු 42 හැරෙන්නට ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන් හට එතරම්ම ලකුණු අතරට එන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාවක් දුන්නේ නැහැ.

පළමු පන්දුවාර 40 තුල ඇෆ්ගනිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 213ක් ලබාගෙන සිටි නමුත් අවසන් පන්දුවාර 10 තුල ශ්‍රී ලංකාව නැවතත් හොඳින් තරගයට අවතීර්ණ වීම නිසා ලකුණු 81ක් තුල කඩුලු 6ක් දවාගන්නට හැකි වුනා.

අවසානයේ දී ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 294ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී වනිඳු කඩුලු 2ක් දවා ගත් අතර මේ තරගයේ දී ශ්‍රී ලංකාවෙන් පහසු උඩපන්දු 2ක් ගිලිහී ගියා.

පල්ලෙකැලේ තණතීරුව මත රාත්‍රී කාලයේ දී ලකුණු 295ක ඉලක්කයක් හඹා යාමේ අභියෝගය ඉදිරියේ දී නිස්සංකගේ සහායක ආරම්භක පිතිකරුවා වුනේ කුසල් මෙන්ඩිස්. මෙන්ඩිස් සහ නිස්සංක හට පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට හැකි වුනේ ලකුණු 16ක සබඳතාවයක් පමණයි.

ඇෆ්ගනිස්තාන මුල්පෙළ පිතිකරුවන් අර්ධ ශතක සහ ශතක සබඳතාවයන් ගොඩනැංවූ නමුත් අපේ එකඳු හෝ පිතිකරණ යුගලයකට අර්ධ ශතක සබඳතාවයක් හෝ ලබා ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණක්.

එවැනි පසුබිමක් තිබිය දී ආරම්භයේ පටන් ඉනිමේ වැඩි පන්දුවාර ප්‍රමාණයකට මුහුණ දුන් නිස්සංක සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් සිව්වැනි අර්ධ ශතකය ලබාගෙන අනගි ඉනිමක් දියත් කළ නමුත් ඔහුට අවශ්‍ය නිසි සහාය මුල්පෙළ අනෙක් පිතිකරුවන්ගෙන් නිසි පරිදි ලැබුණේ නැහැ.

දසුන් සහ නිස්සංක 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සබඳතාවය ශ්‍රී ලංකා ඉනිම තුල වාර්තා වුනු හොඳම සබඳතාවය වුනා. නිස්සංක පන්දු 83ක දී 4 පහර 10ක් එල්ල කරමින් ලකුණු 85ක් ලබාගෙන සිටිය දී අවසානවන්ත ලෙස දැවී ගියේ Farooqi පන්දුවක් පිත්තේ වැදී කෙලින්ම කඩුල්ලේ වැදීම නිසයි.

කෙසේ නමුත් දසුන්ගේ කඩුල්ල දැවී යාමට පසුව පිටියට පැමිණි වනිඳු පසුපෙළ පිතිකරුවන් සමඟ එක්ව ඇෆ්ගන් ක්‍රීඩකයින් හට යම් අභියෝගයක් ලබා දීමට උත්සහ කළත්, එය සාර්ථක කර ගැනීමට Farooqi සහ Gulbadin ඇතුළු ඇෆ්ගන් පන්දු යවන්නන් අවස්තාවක් දුන්නේ නැහැ.

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වැනි අර්ධ ශතකය ලබා ගත් වනිඳු පන්දු 46ක් තුල 4 පහර 10ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 66ක් ලබාගෙන ශ්‍රී ලංකා ජය තහවුරු කිරීමට උත්සහ කළ නමුත් එය සාර්ථක වුනේ නැහැ.

Result


Sri Lanka
234/10 (38)

Afghanistan
294/8 (50)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz lbw b Wanidu Hasaranga 53 55 9 0 96.36
Ibrahim Zadran c Wanidu Hasaranga b Maheesh Theekshana 106 120 11 0 88.33
Rahmat Shah c Kusal Mendis b Lahiru Kumara 52 64 2 0 81.25
Najibullah Zadran c Kusal Mendis b Wanidu Hasaranga 42 25 5 1 168.00
Gulbadin Naib c Wanidu Hasaranga b Dhananjaya Lakshan 22 24 2 1 91.67
Rashid Khan run out (Ashen Bandara) 4 5 0 0 80.00
Mohammad Nabi c Dhananjaya Lakshan b Kasun Rajitha 2 3 0 0 66.67
Hashmatullah Shahidi run out (Ashen Bandara) 2 2 0 0 100.00
Mujeeb ur Rahman not out 1 1 0 0 100.00
Yamin Ahmadzai not out 0 1 0 0 0.00


Extras 10 (b 1 , lb 3 , nb 0, w 6, pen 0)
Total 294/8 (50 Overs, RR: 5.88)
Bowling O M R W Econ
Kasun Rajitha 10 0 56 1 5.60
Dhananjaya Lakshan 6 0 43 1 7.17
Lahiru Kumara 8 0 54 1 6.75
Dasun Shanaka 3 0 19 0 6.33
Wanidu Hasaranga 10 0 42 2 4.20
Maheesh Theekshana 10 0 62 1 6.20
Dhananjaya de Silva 3 0 14 0 4.67


Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Fazal Haq Farooqi 85 83 10 0 102.41
Kusal Mendis lbw b Yamin Ahmadzai 1 5 0 0 20.00
Dinesh Chandimal b Fazal Haq Farooqi 14 11 3 0 127.27
Dhananjaya de Silva b Gulbadin Naib 16 16 3 0 100.00
Charith Asalanka c Ibrahim Zadran b Gulbadin Naib 10 18 0 0 55.56
Dasun Shanaka c Yamin Ahmadzai b Gulbadin Naib 16 27 2 0 59.26
Wanidu Hasaranga b Fazal Haq Farooqi 66 46 10 2 143.48
Dhananjaya Lakshan b Fazal Haq Farooqi 2 4 0 0 50.00
Maheesh Theekshana lbw b Yamin Ahmadzai 3 12 0 0 25.00
Kasun Rajitha lbw b Rashid Khan 8 5 0 0 160.00
Lahiru Kumara not out 0 1 0 0 0.00


Extras 13 (b 0 , lb 5 , nb 0, w 8, pen 0)
Total 234/10 (38 Overs, RR: 6.16)
Bowling O M R W Econ
Fazal Haq Farooqi 9 0 49 4 5.44
Yamin Ahmadzai 6 0 46 2 7.67
Mujeeb ur Rahman 5 0 33 0 6.60
Gulbadin Naib 8 0 32 3 4.00
Rashid Khan 8 0 40 1 5.00
Mohammad Nabi 2 0 27 0 13.50



තරගාවලියේ දෙවැනි තරගය මේ මස 27 වැනි ඉරිදා දහවල් 2.30 සිට දිවා/රාත්‍රී තරගයක් පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු තොරතුරු පල්ලෙකැලේ සිට ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<