යුධ හමුදාව ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය ජය ගනී

251

10 වන ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය දින තුනක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර තෙවන දිනය (15) අවසානයේ ගුවන් හමුදාව හා නාවික හමුදාව පරාජය කරමින් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට යුධ හමුදාව සමත් විය.

සුගන්ධි නැවතත් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

10 වන ජාතික ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවන දිනය අද (14) කොළඹ

නව තරගාවලි වාර්තා 15ක් බිහිවුණු මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සුපිරිතම සත්ප්‍රයාම ක්‍රීඩිකාව වන ලක්ෂිකා සුගන්දි ලකුණු 4911ක් වාර්තා කරමින් ඇයගේම සත්ප්‍රයාම ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් විය.  

මෙවර ශූරතාවලියට ජාතික තලයේ මලල ක්‍රීඩා තරු රාශියක් සහභාගී වූ අතර ප්‍රබල යුධ හමුදා ක්‍රීඩකයෝ මුළු තරගාවලියම සියතට ගනිමින් තරගාවලියේ දිනා ගැනීමට තිබූ සියලුම ශූරතා දිනා ගැනීමට විශේෂත්වයකි.

ශූරතාවලියේ දී ලබා දුන් පදක්කම් 137න් පදක්කම් 79ක් දිනා ගත් ඔවුන් රන් පදක්කම් 34ක් සමඟින් මුළු ශූරතා ලකුණු 437න් ලකුණු 275ක්ම දිනා ගැනීමට සමත් විය. පදක්කම් 41ක් සමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙවන ස්ථානය දිනා ගත්තේ ශූරතා ලකුණු 105ක් සමඟිනි. ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවන ස්ථානය දිනා ගත්තේ පදක්කම් 17ක් හා ශූරතා ලකුණු 57ක් සමඟිනි.     

තෙවන හා අවසන් දිනය වූ අද දිනයේ නව තරගාවලි වාර්තා අටක් වාර්තා වූයේ කාන්තා ඉසව්වලින් නව තරග වාර්තා තුනක් හා පිරිමි ඉසව්වලින් නව තරග වාර්තා පහක් ලෙසයි.

ඊයේ (14) සත්ප්‍රයාම ඉසව්වේ නව ජාතික වාර්තාවක් පිහිට වූ ලක්ෂිකා සුගන්දි අද තවත් තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය. කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම ඉසව්ව තත්පර 14.08කින් නිමා කරමින් ඇය මෙම දක්ෂතාවය දක්වන්නට සමත් විය.

මීටර 400 ඉසව්වේ ජාතික ශූරියක් වන ආර්. නදීෂා නිමා වූ ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට අසමත් වුවත්, සිය දක්ෂ ක්‍රීඩා විලාශය දිගටම පවත්වා ගනිමින් කාන්තා මීටර 400 ඉසව්ව තත්පර 53.03කින් නිමා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මේ වසරේ මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව මිනිත්තුවකට අඩු කාලයකින් නිමා කළ පළමු ක්‍රීඩිකාව වෙමින් ජි. ඒ. එස් දුලානි තත්පර 59.83කින් නව තරගාවලි වාර්තාවක් බිහිකිරීමට සමත් විය.   

මේ වසර මුලදී රට හරහා දිවීම ජාතික ශූරයා බවට පත් වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ආර්. එම්. එස් පුෂ්පකුමාර මීටර 3000 බාධක දිවීමේ ඉසව්ව මිනිත්තු 9:04.52කින් නිමා කරමින් තරගාවලි වාර්තා පොත් අතරට එක් වීමට සමත් විය.

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් තරගාවලියේ හොඳම දක්ෂතාව වාර්තා කරමින් සම්පත් රණසිංහ මීටර 78.11ක දුරක් වාර්තා කළේය. තුන් පිම්ම ඉසව්වේ ප්‍රවීණයෙකු වන සංජය ජයසිංහ නව තරගාවලි වාර්තාවක් පිහිටවූයේ මීටර 16.25ක දුරක් වාර්තා කරමිනි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජී. යූ. ජයවර්ධන පිරිමි කව පෙත්ත ඉසව්වෙන් නව වාර්තාවක් බිහි කළේ මීටර 53.33 ක දුරක් වාර්තා කරමිනි.

තුන් පිම්ම ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටවූ (මීටර 13.58) විදුෂා ලක්ෂානි පිටියේ ඉසව්වක හොඳම දක්ෂතාවයට හිමි සම්මානය දිනාගන්නා ලදී – කාන්තා

ජාතික දුර පැනීමේ ශූරයෙකු වන ප්‍රසාද් විමලසිරි මෙම තරගාවලියේ දී මීටර 8.07ක දුරක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටවූ අතර හොඳම පිටියේ ඉසව්වේ දක්ෂතාවය – පිරිමි, සම්මානය ඔහුට හිමි විය. තවද තරගාවලියේ දක්ෂතම පිරිමි ක්‍රීඩකයා ලෙස ද ඔහු සම්මාන දිනා ගන්නා ලදි.

පිරිමි මීටර 800 ඉසව්ව මිනිත්තු 1:48.00කින් නිමා කර නව තරගාවලි වාර්තාවක් පිහිටවූ ඉඳුනිල් හේරත් ධාවන ඉසව් වල දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

මීටර 400 ඉසව්ව තත්පර 53.03කින් නිමා කරමින් නව තරග වාර්තාවක් පිහිටවූ ආර්. නදීෂා ධාවන ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාව හා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<