ශූරතාවයට සිහින දකිනා විදුලි බලය සහ වරාය අධිකාරිය

3225
Super League mens Preview

ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයට වසර 100ක් සපිරෙන මේ වසරේදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයත්, සිලෝන් බිස්කට් ආයතනයත් සුසංයෝගයෙන් “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය” සංවිධාන කරන්නේ 11වැනි වතාවටයි. එහි සුපර් ලීග් තරඟාවලිය ආරම්භ කරමින් පසුගිය නොවැම්බර් 10 වැනි දා දිවයිනේ සුපිරිතම කණ්ඩායම් 14ක් තරඟ බිමට පිවිසි අතර ආධුනික තරඟාවලියකුත් මීට සමඟාමීව පැවැත්විණි.

විදුලි බලයට අභියෝග කරන්නට වරාය ක්‍රීඩකයන් සූදානම්

“මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ” සිව්වන දිනය නිමාවට පත්වන විට, පිරිමි අංශයෙන් විදුලි බල මණ්ඩල කණ්ඩායමත්,

ගම්පහ සිරා” (ඩබ්. එල්. සිරිවර්ධන) වැනි ආසියාවේ දක්ෂතම ප්‍රහාරකයින් ශ්‍රී ලංකාවට බිහිකළ වොලිබෝල් ක්‍රීඩාව, ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවද වනවා සේම මෙරට ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස ගම් දනව්, වෙරළ ඉම් සිසාරා පැතිර ඇත.

තරඟාවලියේ සාරාංශයක්.

පිරිමි සුපර් ලීග් අංශයේ කාණ්ඩ දෙකක් නියෝජනය කරමින් කණ්ඩායම් 8ක් තරඟ වැදුණි.

“A” කාණ්ඩය
  • යුධ හමුදාව
  • බ්‍රැන්ඩික්ස්
  • ගුවන් හමුදාව
  • පොලිස් කණ්ඩායම
“B” කාණ්ඩය
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය
  • ජාතික තරුණ සේවා සභාව
  • නාවික හමුදාව
  • විදුලි බල මණ්ඩලය  

දින තුනක් පුරා පැවැති තරඟ වට ගණනාවක් අවසානයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියත්, ලංකා විදුලි බල මණ්ඩලයත් නියෝජනය කරන කණ්ඩායම් දෙක, අනෙකුත් කණ්ඩායම් අභිබවා මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ පිරිමි අංශයේ අවසන් තරඟය වෙත පියමන් කරන්නට සමත් විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය.

සෑම අවස්තාවකදීම, දිවයිනේ ප්‍රමුඛ වොලිබෝල් තරඟාවලි වලදී සිය අණසක පැතිරවූ වරාය අධිකාරී කණ්ඩායම තුළින් ශ්‍රී ලංකාවේ වොලිබෝල් සලකුණක් ලෙස හැඳින්වෙන කාලික වසන්තප්‍රිය, පාලිත නාපාගොඩ, ලසන්ත පෙරේරා වැනි වොලිබෝල් දැවැන්තයින් ශ්‍රී ලංකාවට බිහි කරන්නට සමත්ව ඇත. වොලිබෝල් ක්‍රීඩාව සම්බන්ධව ඔවුන්ට ඇත්තේ දිගු ඉතිහාසයක්.

වර්තමාන කණ්ඩායමත් තරඟාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් වන අතර ජාතික කණ්ඩායමේ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඔවුන් සතුයි. මේ වන විට පිට පිටම ජාතික ශූරතාවයන් 3ක් දිනාගෙන සිටින වරාය අධිකාරිය, මෙවර මන්චි අවසන් තරඟයේදී එවැනිම දක්ෂතා දක්වන්නට සැදී පැහැදී සිටියි.

ප්‍රබල ක්‍රීඩකයන්

මේ වන විට ශ්‍රී ලංකාවේ වේගවත්ම පන්දු පිරිනමන්නන් කවුරුන්දැයි වත්මන් ශ්‍රී ලංකා වොලිබෝල් පිටිය ගැන අවධානයෙන් පසුවන ඕනෑම කෙනෙකුගෙන් විමසුවහොත් ඔබට ලැබෙන ප්‍රධාන පිළිතුරු දෙකම, වරාය සංචිතයේ ක්‍රීඩකයන් යුගලයක නම් ය. සමීර දිසානායක සහ ජනිත සුරත් ඔවුන් දෙදෙනායි.

සමීර, හිටපු ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් නායකයෙකුද වන අතර ජනිත සුරත් මේ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය හොබවන ක්‍රීඩකයාද  මෙන්ම වේගවත් උස පන්දු ප්‍රහාරකයෙකු ද වේ.

නිලංක සංජය, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු සකසන්නෙකි. පිටිය මැදදී හොඳ අවස්ථාවන් නිර්මාණය කරන්නෙකු ලෙස ඔහු ප්‍රකඨය.

වරාය අධිකාරියේ පුහුණුකරු කාලික වසන්තප්‍රියගේ ලෙයින් නිමැවූ ඔහුගේ පුත් ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය තවමත් 22වන වියෙහි පසුවන අතර මේ වන විටත් ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කරමින් නමක් දිනාගන්නට සමත් ව සිටියි.

ලිබරෝ ක්‍රීඩකයාගේ වගකීම දරන විමුක්ති සාගර, ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික සංචිතය නියෝජනය කරන්නෙකි.

ඊට අමතරව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති උදය රුක්මාල්, රුමේෂ් දිසානායක, මහේෂ් රාමනායක වැන්නවුන්ගෙන්ද වරාය අධිකාරී කණ්ඩායමට ශක්තිය එක්වනු ඇත.

අවසන් තරඟයට පෙර ThePapare.com හා අදහස් දැක්වූ වරාය අධිකාරී කණ්ඩායමේ නායක ජනිත සුරත් පැවසුවේ,

අපි හොඳින් පුහුණුවීම් කරගෙන යනවා. ප්‍රතිවාදී කණ්ඩායමේ (විදුලි බල මණ්ඩලය) ඉන්නෙත් අපිත් එක්ක ජාතික සංචිත නියෝජනය කරපු අපේ මිත්‍ර දක්ෂ ක්‍රීඩකයන්. ඕනම කණ්ඩායමක් අවසන් තරඟෙට එන්නෙ දිනන්න බලාගෙන. අපිත් එහෙමයි. අපි හොඳ තරඟයක් දීලා ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කණ්ඩායමේ හැමෝම අවසන් තරඟය ගැන ධනාත්මකව බලන් ඉන්නවා.”

සංචිතය

ජනිත සුරත් (නායක), සමීර දිසානායක, උදය රුක්මාල්, නිලංක සංජය, චමින්ද දර්ශන, රුමේෂ් දිසානායක, ෂෙහාන් සාගර, ලසිඳු මෙත්මාල්, ගයාන් දිල්රුක්, චූලානන්ද අබේවර්ධන, රුවන් චාමර, මහේෂ් රංග රාමනායක.

  • පුහුණුකරු කාලික වසන්තප්‍රිය.
  • සහය පුහුණුකරු රවීන්ද්‍ර තිලකරත්න.
  • ශාරීරික යෝග්‍යතා උපදේශක ශෂී කුමාර.
  • කළමණාකරු එස්. ඩී. වීරසිංහ.

ජාතික අත්දැකීම් සහිත සහ රහිත දක්ෂ ක්‍රීඩකයන් පිරිසකගෙන් සමන්විත වරාය අධිකාරී කණ්ඩායම, කාලික වසන්තප්‍රිය මහතාගේ උපක්‍රමශීලී මඟ පෙන්වීම යටතේ තවදුරටත් වොලිබෝල් පිටියේ කිරුළු දරනු ඇතැයි වරාය කණ්ඩායමට සහය දක්වන්නන් නෙත් දල්වා බලා සිටියි.

විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය.

කණ්ඩායමක් ලෙස තම ප්‍රථම තරඟාවලියට සහභාගී වන මොවුන්, සරලවම කිවහොත් ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ අනුරුවකි. සියළුම ක්‍රීඩකයන් කණ්ඩායම්ගත කොට ඇත්තේ කොන්ත්‍රාත්තු පදනමින් නොව වෘත්තීය පදනමිනි. එනම් සියල්ලන්ම විදුලි බල මණ්ඩලයේ වැටුප් ලබන ක්‍රීඩකයන් ය. එය ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් ගනු ලැබූ වටිනා තීරණයක් සේ හැඳින්විය හැක. අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතාගේ පූර්ණ අධීක්ෂනය යටතේ කණ්ඩායම නිර්මාණය කොට ඇත.

යුධ හමුදාවෙන් සුපිරි දස්කම්

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා සහ පිරිමි අංශයන්හි තෙවන ස්ථාන සඳහා වන තරඟ අද (16) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

ප්‍රබල ක්‍රීඩකයන්

දැනට ශ්‍රී ලංකාවේ සිටින වේගවත්ම උස පන්දු ප්‍රහාරකයා වන දීප්ති රොමේෂ්, විදුලි බල මණ්ඩල කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවකි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ගයාන් ප්‍රේමරත්න, විදුලි බල ඇණියේ නායකත්වය හොබවන අතර තනිව කණ්ඩායමක් ගොඩගත හැකි ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකඨය.

වසර 5ක් ඉක්මවන ජාතික කණ්ඩායම් අත්දැකීම් ඇති ලක්මාල්, කණ්ඩායමේ ලිබරෝ ක්‍රීඩකයා ය.

වත්මන් ජාතික කණ්ඩායම නියෝජනය කරන කසුන් චතුරංග සහ අයේෂ් පෙරේරා ද විදුලි බලයේ බලය වඩවන්නන්ය.

අනෙකුත් සියළුම ක්‍රීඩකයන් ජාතික හා කනිෂ්ඨ ශ්‍රී ලංකා කණ්ඩායම්වල අත්දැකීම් සහිත අයවළුන් වන අතර එක් තරඟයකදී හැර තරඟාවලිය පුරාම ඔවුන්ගේ ප්‍රබලත්වය හොඳින් නිරූපණය විය.

අවසන් තරඟයට පෙර ThePapare.com සමඟින් අදහස් දැක්වූ විදුලි බල මණ්ඩල කණ්ඩායමේ නායක ගයාන් ප්‍රේමරත්න,

මුලින්ම වෘත්තීයමය කණ්ඩායමක් පිළිබඳ සංකල්පය ගෙනාපු රන්ජිත් සියඹලාපිටිය ඇමැතිතුමාටත්, පුහුණුකරු චමින්ද ජයරත්න මහත්මයටත් ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. අවසන් තරඟයට පැමිණීම ගැන මුළු කණ්ඩායමටත් ස්තුතිවන්ත වෙනවා. අපි මාස 3ක් වගේ කාලයක් ඇතුලත තමයි මේ තරඟාවලියට සූදානම් වුණේ. මේ අපේ පළමු මන්චි තරඟාවලිය. පිට පිට ජාතික ශුරතාවන් 3ක් දිනලා ඉන්න වරාය අධිකාරී කණ්ඩායම අපට අභියෝගයක් වේවි. ජාතික ක්‍රීඩකයනුත් බොහොමයක් ඔවුන් සතුයි. ඒත් අපි අභියෝගයට ලෑස්තියි. හොඳ තරඟයක් දීලා ජයගන්න අධිෂ්ඨානයෙන් අපි මේ දිනවල ගම්පහදී පුහුණුවීම් කටයුතු කරගෙන යනවා.”  යැයි ඔහු පැවසුවේය.

විදුලි බල මණ්ඩල කණ්ඩායම වෙනුවෙන් සඳුන් විමලසේන ද ThePapare.com හා අදහස් දැක්විය,

කණ්ඩායම් වටයේ තරඟයකදී අපි වරාය කණ්ඩායමට එරෙහි ජයග්‍රහණය කළා. ඒත් දැන් ඔවුන් අපේ උපක්‍රම දන්නවා. ඒ නිසා අළුත් උපක්‍රම සමඟින් අවසන් තරඟයට එන්න තමයි බලාපොරොත්තුව.”

සංචිතය

ගයාන් ප්‍රේමරත්න (නායක), දීප්ති රොමේෂ්, කසුන් චතුරංග, ලක්මාල්, අයේෂ් පෙරේරා, තරිඳු ලක්මාල්, කසුන් අමරවීර, කවිඳු චන්ද්‍රසිරි, සඳුන් විමලසේන, නිශාන් කොඩිසිංහ, සුජීව

  • පුහුණුකරු: චමින්ද ජයරත්න
  • සහය පුහුණුකරු: උපාලි නෙල්ලිගහවත්ත
  • භෞත චිකිත්සක: චානක අමරසිංහ
  • කළමණාකරු: එම්. පී. වීරසිංහ

තම ප්‍රථම මන්චි ජාතික වොලිබෝල් ශුරතාවලියට සහභාගී වන විදුලි බල මණ්ඩල කණ්ඩායම සියළු බර අවි වලින් සමන්විත වනවාක් මෙන්ම චමින්ද ජයරත්න වැනි ලක්බිම පතල පුහුණුකරුවෙකු යටතේ ශ්‍රී ලංකා වොලිබෝල් පිටිය තුළ තම ආධිපත්‍ය පැතිරවීමේ තිර අදිටනින් පසුවෙයි.

අවසන් මහා තරගයේදී දිනනා කණ්ඩායම කුමක්දැයි පවා පෙර සිටම තීරණ වලට එළඹීමට අපහසු තරමටම කණ්ඩායම් දෙකම ප්‍රභලයින්වේ. කෙසේ නමුත් මේ සති අන්තයේ සෙනසුරාදා  ශූරයින් අතරින් ශුරයින් කවුදැයි දැක බලා ගැනීමට හැකිවෙනු ඇත.