“Warner ගැන අදහසේ වෙනසක් නැහැ” – Mitchell Johnson

Pakistan Tour of Australia 2023/24

2748

පාකිස්තානය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Johnson විසින් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warner ඉලක්ක කර ගනිමින් ආන්දෝලනාත්මක අදහස් කිහිපයක් පළ කළා.

ගෙවුණු වසර දෙකක කාලය තුළ එතරම් හොඳ ටෙස්ට් පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගැනීමට නොහැකි වීම සහ 2018 දී සිදු වූ පන්දුව පළුදු කිරීමේ සිදුවීම පිළිබඳ මතකයට නංවමින් Warnerට සමුගැනීමේ තරගාවලියක් ලබා දිය යුතු නැති බවයි Johnson එහි දී සඳහන් කළේ.

මේ සඳහා David Warnerගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු නමුත් ඊයේ (17) දිනයේ නිමා වූ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ඒ සඳහා පිත්තෙන් පිළිතුරු සැපයීමට නම් Warner සමත් වුනා.

මෙහි දී පන්දු 211ක් පමණක් වැය කරමින් ලකුණු 164ක් ලබා ගැනීමට Warner විසින් සමත් වූ අතර ඕස්ට්‍රේලියාව පාකිස්තානයට එරෙහිව ලද ලකුණු 360ක දැවැන්ත ජයග්‍රහණයේ කොටස් කරුවකු වීමට ද ඔහුට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් Warnerගේ මෙම ඉනිමෙන් පසුව ද සිය ස්ථාවර වෙනස් කිරීමට Johnson කැමැත්තක් දක්වන්නේ නැහැ.

” සෙනසුරාදා (16) දෙවන ඉනිමේ දී ලකුණු 0කට දැවී යාමට පෙර පළමු ඉනිමේ දී ඔහුට සිදු කරන ගෙවීම වෙනුවෙන් කළ යුතු දේ ඔහු සිදු කළා.”

Western Australian පුවත්පත වෙනුවෙන් තවත් ලිපියක් සම්පාදනය කරමින් Johnson විසින් මේ බව සඳහන් කළ අතර Warner වාසනාව සමඟ ගනුදෙනු කරමින් මෙම ඉනිම දියත් කළ බවයි Johnson අවධාරණය කරන්නේ.

“මම හිතන්නේ සති දෙකකට කලින් මේ තීරු ලිපියේ මම සඳහන් කළ දේ තවමත් වලංගුයි. පසුගිය ගිම්හානයේ ඔහු වාර්තා කළ ද්විත්ව ශතකය හැරුණු කොට ඔහු පසුගිය වසර තුනේ ම ලකුණු රැස් කළේ නැහැ.”

එමෙන්ම පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ ඉතා පහසු ටෙස්ට් තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත මෙම කාලයේ වයස්ගත ක්‍රීඩකයින් සමඟ යනවා වෙනුවට තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව සලසා දිය යුතු බවයි Johnson පවසන්නේ.

මේ අතර Warnerගේ ලකුණු 164 වෙනුවෙන් තමන් ප්‍රමුඛ විවේචකයින්ගේ අදහස් ද බලපෑමක් එල්ල කළ බවත් Johnson පවසනවා.

” Warner සමහර විට ඔහුගේ දුර්වල ක්‍රීඩාව ගැන ලැබෙන විවේචන පැත්තකට දාවී, නමුත් පළමු ඉනිමේ ඔහුගේ දක්ෂතා වෙනුවෙන් ඒවා (විවේචන) බලපෑමක් එල්ල කළා.”

එවැනි තත්ව යටතේ ක්‍රීඩා කිරීමට Warner කැමැත්තක් දක්වන බවයි Johnson පවසන්නේ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

NDTV Sports ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<