Australia’s Cricket Hall of Fame වෙත ස්වදේශිකයෙක්

147
Johnny Mullagh (දකුණේ සිට දෙවනුව- සිටගෙන) සිය කණ්ඩායම සමඟින් | Courtesy - HARROW DISCOVERY CENTRE

ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් මුල්ම එංගලන්ත සංචාරය සඳහා සහභාගි වූ ආදිවාසී ක්‍රීඩක Johnny Mullagh මෙම වසර සඳහා අලුතින් නම් කරන ලද Australia’s Cricket Hall of Fame සඳහා ඇතුළත් කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර ඇත.

1868 වසරේ ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් මුල්ම ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගි වූ ආදිවාසී කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ Johnny Mullagh මෙම Cricket Hall of Fame සඳහා ඇතුළත් වූ මුල්ම ආදිවාසී ක්‍රීඩකයා ද වේ.

Johnny Mullagh ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ටෙස්ට් ක්‍රීඩා කර නොමැති හෙයින් ඔහුව Australia’s Cricket Hall of Fame වෙත ඇතුළත් කිරීමට එහි නීති රීතීන් වෙනස් කිරීමට ද එහි බලධාරීන් හට සිදු වූ අතර එය පිළිබඳව අදහස් දක්වමින් එහි සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අනන්‍යතාව ගොඩනැගීම සඳහා Mullagh විශාල සේවාවක් සිදු කළ බවයි.

“Johnny Mullagh ඇතුළු එම ආදිවාසී ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානුවන් බොහොමයකට සිය දස්කම් ලෝකය ඉදිරියේ පෙන්නුම් කිරීමට මග පෑදුවා. ඔවුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරලා තියෙනවා. ජයග්‍රහණ ලබාගැනීම පිළිබඳව අසමානතාවයෙන් කටයුතු කළ යුගයක, ඔවුන්ගේ කතාව වඩාත් කැපී පෙනෙන සහ පිළිගැනීමකට ලක් වෙනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

1941 වසරේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ “Jardwadjali” නම් ආදිවාසී ජන කොට්ඨාශයේ උපත ලද Johnny Mullagh, “Unaarrimin” යන ආදිවාසි නාමයෙන් හැඳින්වූ අතර ඔහු රාජකාරි සඳහා පිටත් වූ අසල පිහිටි ගොවිපොළක් තුළ දී ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පුහුණුවීම් ආරම්භ කරන ලදි.

Johnny Mullagh

ක්‍රිකට් ක්‍රීඩාවේ දැක්වූ දස්කම් නිසාවෙන් ඔහු ඇතුළු ආදිවාසී ක්‍රීඩකයන් 13 දෙනෙකු 1868 වසරේ මුල්ම එංගලන්ත සංචාරය සඳහා එක්කර ගැනීමට හිටපු ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රීඩකයෙකු වූ Charles Lawrence කටයුතු කළේය.

එම සංචාරය තුළ පැවැත්වූ තරග 47න් 45ක් නියෝජනය කළ Johnny Mullagh තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දක්වමින් ලකුණු 1,698 සහ කඩුලු 245ක් දවා ගැනීමට සමත් විය.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම ක්‍රීඩාංගණය වන මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි ක්‍රිකට් තරගය සඳහා ද සහභාගි වීමට Johnny Mullagh හට වරම් හිමි වූ අතර පසුගිය දා නිමා වූ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට අලුතින් හඳුන්වා දුන් Mullagh පදක්කම් පිරිනැමීමට ද බලධාරීන් කටයුතු කරන ලදි.

තවත් ක්‍රිකට් පුවත්:

බ්‍රිතාන්‍යයක් විසින් ආක්‍රමණය කිරීමට පෙර ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් දසදහස් ගණනක් ඕස්ට්‍රේලියාවේ වාසය කෙරූ නමුත් ඔවුන්ගේ ආක්‍රමණයෙන් පසුව 19 වැනි සියවසේ සිට එම ආදිවාසීන් දැඩි ලෙස වෙනස් කිරීමට භාජනය විය.

එනමුත් Johnny Mullagh දැඩි ලෙස තම වර්ගයාට ගෞරව කරන්නෙක් වූ අතර රජය විසින් පනවනු ලැබූ නීතීන් මත ජීවත් වීම පවා ඔහු විටක දී ප්‍රතික්ෂේප කරන ලදි.

ආදිවාසී ජනතාවගේ ඉදිරිය පිළිබඳව සිතා යටත් විජිත සීමා මායිම් තැකීමකට ලක් නොකරමින් දිගින් දිගමට ක්‍රීඩාවෙහි යෙදීමට Mullagh කටයුතු කළ අතර 1891 වසරේ දී ඔහු සිය ජීවන ගමනින් සමුගන්නා තුරුම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටියහ.

2021 වසර සඳහා Australia’s Cricket Hall of Fame ඇතුළත් කරන සම්පූර්ණ ක්‍රීඩකයන් පිළිබඳව පෙබරවාරි මාසයේ දී නිවේදනය කිරීමට නියමිතව ඇති අතර Johnny Mullaghට අමතරව තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු එය සඳහා ඇතුළත් වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<