නිපුන්ලා සමඟ එක්වූ අංජුල මේරියන්ස්ලා පාලනය කරයි

97

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major Emerging ක්‍රිකට් තරගාවලියේ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අවසාන මහා තරගයේ දී අද (24) කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට නිපුන් රන්සික, නිපුන් මාලිංග සහ කවිශ්ක අංජුල සමත් වූහ.

ලක්ෂාන් සහ සදීර ජය මාවත විවර කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන පළමු කොටසේ සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් පිළිමළුන් …

අවසාන මහා තරගය කොළඹ, හැව්ලොක් ටවුන් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර පැවැත්වෙන අතර ක්‍රීඩාංගණයේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් තරගය ආරම්භ වූයේ පැයක පමාවකිනි. 

කාසියේ වාසිය දිනා ගත් කෝල්ට්ස් නායකයා විසින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව හලාවත මේරියන්ස් කණ්ඩායම සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට තම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 143ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 77ක් ලබා සිටියහ.

තරගය දිවා විවේකයට නතර කරද්දීත් මේරියන්ස් ක්‍රීඩකයන්ට සිදුව තිබුණේ කෝල්ට්ස් පන්දු යවන්නන් හමුවේ දැඩි පාලනයකට නතුව පන්දුවට පහර දීමටය. ඒ වෙද්දී ඔවුන්ගේ කඩුලු 5ක්ම කෝල්ට්ස් ක්‍රීඩකයන් දවා ගෙන තිබුණ අතර ලබා සිටියේ ලකුණු 87ක් පමණි. ඔවුන්ගේ ඉනිම දවසේ තේ පානයට ප්‍රථමයෙන් අවසන් කිරීමට කෝල්ට්ස් පන්දු යවන්නෝ සමත් වූහ. 

එහි දී වැඩි කාර්යභාරයක් කළේ කෝල්ට්ස් වේගපන්දු යවන්නෝය. ඔවුන් අතුරින් නිපුන් රන්සික ලකුණු 28කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව කවිශ්ක අංජුල ලකුණු 43කට කඩුලු 3ක් ද සහ නිපුන් මාලිංග ලකුණු 29කට කඩුලු 2ක් ද දවා ගනිමින් ප්‍රතිවාදීන් මෙල්ල කළහ. 

භානුක සහ මාලිංගගේ කණ්ඩායම් අවසන් සටනට

පසුගිය සතියේ දී අබුඩාබි හිදී ආරම්භ වූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ පළමු වටය අවසානයේ දී මරත …

හලාවත මේරියන්ස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ වූයේ අංක 7 පිතිකරු ඩිල්ශාන් සංජීව ය. ඔහු පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 46ක් ලබා ගත්තේය. ඊට අමතර ව නිමේෂ් විමුක්ති පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමගින් ලකුණු 25ක් ලබා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රීඩකයන්ගේ ඉනිම තේ විවේකය වෙද්දී පන්දුවාර 3ක් අවසානයේ ලකුණු 15ක් වූ අතර එම කඩුල්ල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන තෙක් ආරක්ෂා කර ගැනීම දක්වා රැගෙන යෑමට ඔවුන් සමත් වූහ.  

එහි දී ධනංජය ලක්ෂාන් පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා සිටි අතර සංතුශ් ගුණතිලක පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටිය හ. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 143 (43.5) නිමේෂ් විමුක්ති 25, ඩිල්ශාන් සංජීව 46, දසුන් සෙනෙවිරත්න 19, නිපුන් රන්සික 4/28, කවිශ්ක අංජුල 3/43, නිපුන් මාලිංග 2/29

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 77 (22) ධනංජය ලක්ෂාන් නොදැවී 43,   සංතුශ් ගුණතිලක නොදැවී 19 

තරගය හෙට (25) දෙවැනි දිනට ක්‍රියාත්මක වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<