ලෝක කුසලානයේ විස්තර කථනයට ශ්‍රී ලංකාවෙන් සුපිරි වැඩ්ඩෙක්

236

එළඹෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විස්තර කථනයට එක්වන විස්තර විචාරකයින් 24 දෙනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය (ICC) විසින් ඊයේ (16) දිනයේදී නිල වශයෙන් මාධ්‍යට නිකුත් කළ අතර ඒ අතර සිටින එකම ශ්‍රී ලාංකිකයා වන්නේ කුමාර් සංගක්කාර පමණි.

ලෝක කුසලානයට පෙර හොඳට ඇඟ උණුසුම් කරගමු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට්ලන්ත………..

බිලියනයක පමණ ප්‍රේක්ෂකයින්ගේ රසාස්වින්දනය උදෙසා අවම වශයෙන් කැමරා 32ක් භාවිතා කිරීමට අවශ්‍ය පියවරගෙන තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා සිටී. ඒ අතර ultra-motion Hawk-Eye කැමරා 8ක්, ඉදිරිපස සහ පිටුපස ස්ටම්ප් කැමරා 4ක් සහ ස්පයිඩර් කැමරාවක් යොදාගැනීමට සැලසුම් කොට තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අතර 360° replays යන අති දියුණු කැමරා තාක්ෂණය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පළමු වතාවට භාවිතා කරන අතර එය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට නවමු ආකාරයක අත්දැකීමකි.

අවසන් වරට පැවති 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක මයිකල් ක්ලාර්ක් ද පළමු වතාවට ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස වැඩ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින්නේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර වීම සුවිශේෂී කාරණයකි. එසේම මෙම විස්තර විචාරකයින් 24 දෙනා ඇතුළත කාන්තා නියෝජනයන් තුනක්ද පවතියි.

ඊට අමතරව ක්‍රිකට් විස්තර කථනයේ අත්දැකීම් තිබෙන ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරකයින් වන ෂෝන් පොලොක්, මයිකල් ස්ලාටර්, මාක් නිකොලස්, මයිකල් හෝල්ඩිං, ඊසා ගුහා, සංජේ මන්ජයකාර්, හර්ෂා බෝග්ලේ, සයිමන් ඩෝල්, ඉයන් ස්මිත්, රමීස් රාජා, අතාර් අලි ඛාන්, ඉයන් වෝඩ් සහ පොමී ම්බන්ගාවා යන අයද මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයින් අතර සිටීම ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ගේ වැඩි ආකර්ෂණයක්  දිනාගැනීමට හේතු වනු නිසැකය.

ICC නීති කඩ කළාට මෝර්ගන්ට තරග තහනමක්

එංගලන්තය සහ පාකිස්තානය අතර ඊයේ (14) දින ………

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට අපේක්ෂාවෙන් සිටින විස්තර විචාරකයින් කිහිපදෙනෙක් මෙසේ සිය අදහස් පවසා සිටියහ.

නසීර් හුසේන්“මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙනකන් මම ගොඩක් නොඉවසිල්ලෙන් ඉන්නේ. මේ වතාවේදී යොදාගන්නා නව තාක්ෂණය හා ක්‍රිකට් ලොවේ දැන් තිබෙන තරගාකරීත්වය ඒකට ලොකු හේතුවක්.”

කුමාර් සංගක්කාර“මේක තමයි ලෝක ක්‍රිකට් වසන්තය කියන්නේ. මම හිතන විදිහට මේ තාක් පැවැත්වුනු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වලට වඩා මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගොඩාක් තරගාකාරී වෙයි කියලා හිතනවා.”

මෙලනි ජෝන්ස් “ලොව පුරා විසිරි සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින් වගේම අනෙකුත් ක්‍රීඩාවන් වලට වැඩි ඇල්මක් තිබෙන ප්‍රේක්ෂකයින්ගේ පවා ආකර්ෂණය දිනාගන්න පුළුවන් තැනක් තමයි ලෝක කුසලාන තරගාවලියක් කියන්නේ. ඒක ක්‍රිකට් වලට විතරක් අදාළ නැහැ, අනෙක් ක්‍රීඩාවන් වලටත් එහෙමයි. හොඳ, තියුණු, සටන්කාමී තරගාවලියක පහස විදින්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තිබෙනවා.”

වසීම් අක්‍රම්“මේ එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුනු තරග ආකෘතියට අනුව තමයි පැවැත්වෙන්නේ. මම හිතන විදිහට ලෝක කුසලානයකට සුදුසුම තරග ආකෘතිය තමයි මේක. මොකද මේ ආකෘතිය මඟින් ඕනෑම කණ්ඩායමකට ඔවුන්ගේ අඩුපාඩු හදාගන්න පොඩි හරි අවස්ථාවක් තිබෙනවා. වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායම තරගාවලිය අවසානයේදී නියම ලෝක ශූරයින් බවට පත්වේවි.”

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයින් – මයිකල් ක්ලාර්ක්, නසීර් හුසේන්, ඉයන් බිෂොප්, සව්රව් ගංගුලි, මෙලනි ජෝන්ස්, කුමාර් සංගක්කාර, මයිකල් ඇතර්ටන්, ඇලිසන් මිචෙල්, බ්‍රෙන්ඩන් මැකලම්, ග්‍රැහැම් ස්මිත්, වසීම් අක්‍රම්, ෂෝන් පොලොක්, මයිකල් ස්ලාටර්, මාක් නිකොලස්, මයිකල් හෝල්ඩිං, ඊසා ගුහා, සංජේ මන්ජයකාර්, හර්ෂා බෝග්ලේ, සයිමන් ඩෝල්, ඉයන් ස්මිත්, රමීස් රාජා, අතාර් අලි ඛාන්, ඉයන් වෝඩ්, පොමී ම්බන්ගාවා.

“එංගලන්තය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන එක මට නම් විනෝදයක්” – ගප්ටිල්

ඕස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී පැවති 2015 ……….

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු, ලකුණු සටහන්, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<