තරග තීරකට විශේෂ මතක ඉතිරි කළ 2015 රග්බි ලෝක කුසලානය

246

2015 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය විනිශ්චය කළ තරග තීරක නයිජල් ඔවන්ස් ඔහුගේ රග්බි තරග තීරක දිවියේ අමතක නොවන සිදුවීම පිළිබඳ මතකයන් අවදි කරමින් එක්තරා මාධ්‍යයක් සමඟින් පසුගිය දා අදහස් දක්වා තිබුණි. 

ලියුකේමියාව පරාජය කරමින් රග්බි තරුවක් නැවත කණ්ඩායමට

වසර තුනක නිහැඬියාවකින් පසුව සුපිරි ඕස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩක Christian Lealiifano නැවතත්…

“ඒ 2015 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය. වසර 4කට එක වතාවක් විතරක් පැමිණෙන ලෝක කුසලාන අවසාන මහා තරගය විනිශ්චය කරන්න ලැබෙනවා කියන්නේ ඒක තමයි තරග තීරකවරයෙකුට ලබාගන්න පුළුවන් විශාලම ගෞරවය.”

2015 ඔක්තෝබර් මස 31 වැනි දින එංගලන්තයේ ලන්ඩන් නුවර ‘Twickenham’ ක්‍රීඩාංගණයේ දී පැවති රග්බි ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී ඊට පෙර පැවති ලෝක කුසලානය ද ජයග්‍රහණය කරමින් ඒ වන විට රග්බි ලෝක ශූරයින් ලෙස කිරුළු දරා සිටි නවසීලන්තයේ ප්‍රබල ‘All Blacks’ රග්බි කණ්ඩායම සමඟින් ඕස්ට්‍රේලියාවේ ප්‍රබල ‘Wallabies’ කණ්ඩායම තරග වදිද්දී එම තරගයේ ප්‍රධාන තරග තීරකයා ලෙස කටයුතු කරනු ලැබුවේ වේල්සයේ නයිජල් ඔවන්ස් විසිනි.

එහි දී තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් නවසීලන්ත ක්‍රීඩකයින් තරගයේ පළමු අර්ධයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට තරගයට අවතීර්ණ වීමට කිසිදු ඉඩකඩක් ලබා දුන්නේ නැත. ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 16-03ක් ලෙස නවසීලන්ත ක්‍රීඩකයින් දැඩි අභියෝගයකින් තොරව තරගයේ පෙරමුණ ගනිමිනි. 

තරගයේ දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 2ක කාලයක් ගතවෙද්දී නවසීලන්ත ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට සමත් වුවත් ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනු ලැබුවේ කණ්ඩායම් දෙක අතර පරතරය ලකුණු 04කට අඩුකර ගනිමිනි. 

කෙසේ නමුත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ තරගයේ වීරයා සම්මානය ද දිනා ගනු ලැබූ නවසීලන්ත කණ්ඩායමේ ඩෑන් කාටර් මීටර 40ක දුර සිට විශිෂ්ට ‘drop goal’ අවස්ථාවක් සහ දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගනිමින් ලකුණු පරතරය ඉහළ නංවා ගනිද්දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් නවසීලන්ත ක්‍රීඩකයින් ලකුණු 34-17ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කරගනිමින් අඛණ්ඩව දෙවන වරටත් රග්බි ලෝක ශූරයින් ලෙස කිරුළු පලඳින්නට සමත් විය. 

එම තරගයේ දී උත්සාහක දිනුමක් ද වාර්තා කර ගනු ලැබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් පෝකොක් ගැන සිහියට නඟමින් නයිජල් ඔවන්ස් සිය තරග තීරක දිවියේ අමතක නොවන සිදුවීම පිළිබඳව මතකයට නැඟිය.   

රග්බි කියන්නේ චණ්ඩින්ගේ ක්‍රීඩාවක් නෙවෙයි – සුපිරි ක්‍රීඩක ඩෑන් කාටර්

ඩෑන් කාටර්ගේම සුන්දර සටහනක්… මට යාන්තමින් වයස අවුරුදු පහක් වෙද්දී මම තනිවම කණ්ණාඩිය…

“තරගය අවසන් වුනාට පස්සේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් පෝකොක් මගේ ළඟට ඇවිත් මට අතට අත දීලා කිව්වා ‘ස්තූතියි නයිජල් මේ වගේ හොඳ තරගයක් විනිශ්චය කළාට’ කියලා.

ඒ වෙලාවේ මට හිතුණේ මොහු මොහොතකට පෙර ලෝක කුසලාන අවසාන මහා තරගයක් පරාජයට පත්වෙලා ඉන්නේ. ඔහුට නැවතත් ඒ වගේ අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. නමුත් මම අවසාන සීනුව නාද කළාට පසුව ඔහු සිදු කළ පළමු දේ තමයි මගේ ළඟට ඇවිත් තරගය විනිශ්චය කිරීම වෙනුවෙන් මට ස්තුති කිරීම. මට හිතුණා මොහු කෙතරම් විශේෂ පුද්ගලයෙක් ද, ඒ වගේම මේක කොතරම් විශේෂ ක්‍රීඩාවක් ද කියලා.” 

තවදුරටත් නයිජල්ගේ තරග තීරක දිවියේ කිසිදා අමතක නොවන මතකයන් අතරට එම තරගය ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩක ජෙරමි කේනෝ ද එක්විය. 

“අනතුරුව නවසීලන්ත කණ්ඩායමේ ජෙරමි කේනෝ මං ළඟට ආවා. ඔහුගේ කණ්ඩායමේ මිතුරන් සමඟ ජයග්‍රහණය සමරනවා වෙනුවට ඔහු මුලින්ම කරපු දේ තමයි මං ළඟට ඇවිත් තරගය විනිශ්චය කිරීම වෙනුවෙන් මට ස්තුති කරපු එක. ඒ වගේම ඔහු ප්‍රකාශ කර සිටියා ‘මම ඊයේ රෑ ඔයාගේ වාර්තා චිත්‍රපටය නැරඹුවා. ඒක ගොඩක් විශේෂ වැඩසටහනක්. ඒ වගේම ඔබට ක්‍රීඩා පිටිය තුළ පමණක් නෙමෙයි ඉන් පිටත කරලා තියෙන දේවල් ගැනත් ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන්’ කියලා”

“මට එවෙලේ හිතුණ දේ තමයි ඔහුගේ ක්‍රීඩකයින් සමඟ සතුට සමරනවා වෙනුවට ඔහු ඒක කියන්න විතරක් මගේ ළඟට එන්න වේලාව වෙන්කරපු එක” 

“2015 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ඒ ක්‍රීඩකයින් දෙදෙනා තමයි මට මගේ රග්බි තරග තීරක දිවියේ කවදාවත්ම අමතක නොවන සිදුවීම.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<