ඉසිපතන ප්‍රහාරයෙන් අන්තෝනි ක්‍රීඩකයින්ට අසාධ්‍යයි

2804

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ තවත් සමාරම්භක තරගයක් අද (02) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූයේ සත්කාරක ඉසිපතන විදුහල හා මහනුවර සාන්ත අන්තෝනි විදුහල අතරයි. මෙම තරගයෙන් ලකුණු 30-06ක් ලෙස පහසු ජයක් අත්කර ගැනීමට ඉසිපතන කණ්ඩායම සමත් විය.

ත්‍රිත්වයින්ගෙන් සත්කාරක ක්‍රීඩකයින්ට අමිහිරි අත්දැකීමක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ සහිරා විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය අතර අද (2)…..

ප්‍රේක්ෂක ඔල්වරසන් මැදින් ආරම්භ වූ තරගය මද වේලාවක් යනතුරු සාන්ත අන්තෝනී විදුහල් පාලනය යටතේ තිබුණ ද ඔවුන්ගේ කුරුමානම් නිෂ්ඵල වන්නේ ඉසිපතන ආරක්ෂක පවුරේ ශක්තිය මනාව විදහා පාමිනි. නැවතත් ඉසිපතන ආරක්ෂක පවුර තුලින් රිංගා යෑමට තැත් කිරීමේ දී සිදු වූ අතපසුවීමකින් ලබා ගත් දඬුවම් පහරින් ප්‍රයෝජන ගැනීමට තැත් කළ ඉසිපතන ක්‍රීඩක මනිල්ක රුබේරුට එහි දී තම කාර්යය හොඳින් ඉටුකර ගැනීමට නොහැකි විය.

නැවතත් තරගය අන්තෝනි විදුහල් අණසකට පත්වුවද ඉසිපතනයේ ඉදිරිපෙළින් ආ පීඩනය මැඩපැවැත්වීමට තරම් ඔවුන් ශක්තිමත් වූයේ නැත. Hooker ක්‍රීඩක නෙපුල් අතුකෝරල තම කුඩා ශරීරය මනා ලෙස උපයෝගී කරමින් අන්තෝනි ඉදිරිපෙළ තුලින් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය මනිල්කට සාර්ථක කරගැනීමට නොහැකි විය. (ඉසිපතන 05-00 සාන්ත අන්තොනි)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එයින් නොනැවතුනු ඉසිපතන ක්‍රීඩකයින් ක්‍රමක්‍රමයෙන් තරගය තම පාලනයට ගන්නා බවක් දක්නට ලැබුණි. තම පාද චලනයන් මනා ලෙස උපයෝගි කරගනිමින් අන්තෝනි ආරක්ෂක වළලු බිඳ හෙලූ Fly Half ක්‍රීඩක චමත් කල්හාර අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මනිල්කට හැකි විය. (ඉසිපතන 12-00 සාන්ත අන්තොනි)

තාක්ෂණය හා වේගය මනා ලෙස පවත්වා ගෙන ගිය ඉසිපතන ක්‍රීඩකයින් අතින් සිදු වූ අතපසුවීමකට සාන්ත අන්තෝනි විදුහලට දඬුවම් පහරක් විනිසුරුතුමන් ලබා දුන් අතර එයින් මනා ලෙස ප්‍රයෝජන ගත් සාන්ත අන්තෝනි Full Back ක්‍රීඩක තිරුෂ ඒකනායක තම කණ්ඩායමට ලකුණු 3ක් එක්කර දුන්නේය. (ඉසිපතන 12-03 සාන්ත අන්තොනි)

ඉසිපතනයේ අතපසුවීමකට නැවතත් ලබා දුන් දඬුවම් පහරක් තිරුෂ විසින් සාර්ථක කරගත්තේ ප්‍රථම අර්ධය නිමා වීමට පෙර තවත් ලකුණු 3ක් සාන්ත අන්තෝනි ලකුණු පුවරුවට එක් කරමිනි.

පළමු අර්ධය: ඉසිපතන විදුහල 12 – 06 මහනුවර සාන්ත අන්තෝනි විදුහල

දෙවන අර්ධය ආරම්භ වනවාත් සමඟම තරගයට අවතීර්ණ වූ සාන්ත අන්තෝනිවරුන්ගෙන් වේගවත් ක්‍රීඩා විලාශයක් දක්නට ලැබුණ අතර ඉසිපතනයේ ජාවෙඩ් පන්දුව රැකීමට ඉපිලී සිටින අවස්ථාවේ ඔහුව මෙල්ල කිරීමට තැත් කිරීමේ වරදට හසු වූ සාන්ත අන්තෝනි ක්‍රීඩක කවිශ්ක ජයසූරියට කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වීමට සිදු විය.

හිටපු නායක පියා අතින් වත්මන් නායක පුතාට ජර්සිය ප්‍රදානය කරයි

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තරග වදින කණ්ඩායමක් වන වෙස්ලි….

සිදු වූ සියලු අතපසුවීම් පසෙකලා නැවතත් සුපුරුදු රිද්මයට පැමිණී ඉසිපතන ක්‍රීඩකයින් වෙනුවෙන් නදීශ චාමින්ද 51 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කළ ද එහි ප්‍රවර්තනය මනිල්කට සාර්ථක කර ගැනීමට නොහැකි විය. (ඉසිපතන 17-06 සාන්ත අන්තොනි)

එතැනින් නොනැවතුනු රමිත ද සිල්වා කිසිවෙකු නොසිතූ ආකාරයට සාන්ත අන්තෝනි ඉදිරිපෙළ හා ආරක්ෂක වළල්ල මවිත කරමින් ආකර්ෂණීය උත්සාහක දිනුමක් වාර්තා කළ ද එහි ප්‍රවර්තනය ද සාර්ථක නොවීය. (ඉසිපතන 22-06 සාන්ත අන්තොනි)

ඉන්පසු සාන්ත අන්තෝනි විදුහලේ තරග රටාව මඳක් වෙනස් වූ ආකාරයක් දක්නට ලැබුණු අතර එහි මන්දගාමී බවක් හොඳින් දිස්විය. ඒ ආකාරයෙන්ම තරගය ඉදිරියට ඇදී යද්දී සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ගේ අතපසුවීමකින් මීටර 43 සලකුණ අසලින් ලැබුණු දඬුවම් පහරක් අලංකාර ලෙස ගෝල කණු අතරින් පා කරමින් තවත් ලකුණු 3ක් මනිල්ක විසින් ඉසිපතනය වෙනුවෙන් රැස් කළේය. (ඉසිපතන 25-06 සාන්ත අන්තොනි)

මේ අතරින් සිය පාසල ජයග්‍රහණය කරා ගෙන යන නායකයා කවුරුන් ද?

2019 වර්ෂයේ පාසල් රග්බි පිටියට වසන්තය කැන්දන “2019 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය” ඉකුත්….

තරගයේ ආරම්භය පටන් තම සුපුරුදු තරග රටාවෙන් ක්‍රීඩා නොකළ “සේරේ” නොහොත් ඉසිපතන නායක ජනිත් සේරසිංහ අලංකාර ලෙස පිටියේ සීමාවන් අතරින් දිවයමින් වේගවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය. (ඉසිපතන 30-06 සාන්ත අන්තොනි)

අවසන් ලකුණු තත්වය – ඉසිපතන විදුහල 30 (5T, 1C, 1P) – 06 (2P) සාන්ත අන්තෝනි විදුහල

ThePapare.com තරගයේ වීරයා – රමිත ද සිල්වා (ඉසිපතන)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ –

ඉසිපතන විදුහල

  • උත්සාහක දිනුම් – නෙපුල් අතුකෝරල 1, චමත් කල්හාර 1, නදීශ චාමින්ද 1, රමිත ද සිල්වා 1, ජනිත් සේරසිංහ 1.
  • ප්‍රවර්තන – මනිල්ක රුබේරු 1.
  • දඬුවම් පහර –  මනිල්ක රුබේරු 1

සාන්ත අන්තෝනි විදුහල

  • දඬුවම් පහර – තිරුෂ ඒකනායක 2.

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ තරගවල සජීවි ආවරණ හා තතුවිත්ති දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<