අවසන් නිමේෂයේ වෑයමෙන් තර්ස්ටන් විද්‍යාලය අවසන් තරගයට

2351

මයිලෝ ආයතනය විසින් සවි බලගන්වනු ලබන අගමැති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (23) කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්විය. එම තරගයෙන් ලකුණු 35-31ක් ලෙස සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජය කළ තර්ස්ටන් විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ThePapare.com ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා කවුද?

පිට පිටම තෙවන වතාවටත්, 2018 පාසල් රග්බි ලීග් තරගාවලියේ ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා තේරීමට ThePapare.com අප සූදානම්. දිනෙන් දින උණුසුම් වන පාසල් රග්බි පිටියේ…

තරගය සවස 2.20ට පමණ ආරම්භ වූයේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ පා පහරත් සමඟිනි. කෙසේ නමුත් තරගය ආරම්භ කර මිනිත්තු 13ක් ගතවෙද්දී සිය ලකුණු සටහන ක්‍රියාත්මක කර ගැනීමට සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් සමත් වූ අතර අංජන පෙරේරා ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම සාර්ථක කර ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර දුන් ආර්. සී. වේල්ස් උත්සාහක දිනුමේ සම්පූර්ණ වටිනාකම එකතු කර දීමට සමත් විය. (සාන්ත බෙනඩික්ට් 07-00 තර්ස්ටන්)

ඉන් මිනිත්තු 5කට පසුව (18 වන මිනිත්තුවේ දී) නැවතත් ක්‍රියාත්මක වූ සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් සිය ජවය හා වේගය උපයෝගී කර ගනිමින් තවත් උත්සාහක දිනුමක් ලබා ගත්තේ තරගයේ මුල් මිනිත්තු කිහිපයේ වැඩි වාසිය සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට හිමි කර දෙමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (සාන්ත බෙනඩික්ට් 12-00 තර්ස්ටන්)

මෙතුවක් වේලාවක් තරගය අධ්‍යනය කරමින් සිටි තර්ස්ටන් විද්‍යාලය තරගය සඳහා නව රිද්මයකට අනුව අවතීර්ණ වූයේ තරගයේ මිනිත්තු 26ක් පමණ ගතවීමෙන් පසුවයි. එහි දී තර්ස්ටන් විද්‍යාලයේ අංක 5 ජර්සිය යටතේ ක්‍රීඩා කළ කේ. සී. ජේ. විජේසේකර පළමු උත්සාහක දිනුම සාර්ථක කර ගත්තේය. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (සාන්ත බෙනඩික්ට් 12-05 තර්ස්ටන්)

අගමැති කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය නිසා මේ තරගය ඉතාමත් උණුසුම්කාරී වූයේ මෙය Knockout ආකාරයක තරගයක් වූ නිසාවෙනි. ඒ උණුසුම නිසාම සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් තර්ස්ටන් විද්‍යාලයේ දුර්වලතා මෙනවාදැයි කියා පිටිය මැද ගවේෂණය කරමින් සිටිය දී ඔවුන්ගේ හිදැසක් දුටු ආර්. ඒ. ශාමල් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලබා ගත් තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක වූයේ නැත.

පළමු අර්ධය: තර්ස්ටන් විද්‍යාලය 05 (1T) – 17 (3T, 1C) සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

තරගයේ පළමු අර්ධය අවසන් වන විට තර්ස්ටන් විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට වඩා ලකුණු 12ක් පසුපසින් පසුවිය. නමුත් පළමු අර්ධය අවසන් වූවාට පසුව තර්ස්ටන් විද්‍යාලයේ පුහුණුකරුවන්ගෙන් ලැබුණු උපදෙස් නිසියාකාරව ක්‍රියාත්මක කළ තර්ස්ටන් ක්‍රීඩකයෝ ප්‍රේක්ෂකාගරයේ ඔල්වරසන් හඬ ද ජවයක් කරගෙන දෙවන අර්ධයේ ක්‍රීඩා කරනු දැක ගන්නට ලැබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස සී. එම්. හේවගේ තරගයේ 38 වන මිනිත්තුවේ දී සිය විද්‍යාලයේ දෙවන උත්සාහක දිනුම සාර්ථක කර ගන්නා ලදි. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගෙන එම උත්සාහක දිනුමේ නියම වටිනාකම එකතු කර දීමට තර්ස්ටන් ක්‍රීඩක තරුෂ ධර්මදාසය නොහැකි විය. (සාන්ත බෙනඩික්ට් 17-10 තර්ස්ටන්)

ඉසිපතන ක්‍රීඩකයින්ට ජනාධිපති කුසලානයේ දොරටු වැසේ

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවන අර්ධ අවසාන පූර්ව තරගය අද (18) කොළඹ ඉසිපතන විද්‍යාලයත්, කොළඹ වෙස්ලි විද්‍යාලයත් අතර පැවති…

සිය දෙපාමතට උපරිම ජවය ලබා දුන් ඒ. හෙට්ටිආරච්චි පිළිවෙළින් 44, 49 හා  52 වැනි මිනිත්තුවල උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළේ සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් මෙන්ම තර්ස්ටන් ක්‍රීඩකයින් පවා මවිත කරමිනි. එම උත්සාහක දිනුම් ත්‍රිත්වයම එක හා සමාන රිද්මයක් පවත්වා ගෙන වාර්තා කිරීමට හෙට්ටිආරච්චිට සිය විද්‍යාලයේ ක්‍රීඩකයින්ගෙන් ද මනා සහයක් ලැබුණි. ඒ අතරින් එක් ප්‍රවර්තනයක් පමණක් සාර්ථක විය. (සාන්ත බෙනඩික්ට් 17-27 තර්ස්ටන්)

අනතුරුව ක්‍රියාත්මක වූ ජනිත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ආර්. සී. වේල්ස් විසින් සාර්ථක කර ගන්නා ලදි. ඒ වන විට තරගයේ 55 වන මිනිත්තුව ගතවෙමින් තිබුණි. (සාන්ත බෙනඩික්ට් 24-27 තර්ස්ටන්)

සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෙක් තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රීඩකයෙක්ව අනාරක්ෂිත ලෙස වැළැක්වීමට උත්සාහ කිරීම නිසා තරගයේ විනිසුරු විසින් තර්ස්ටන් විද්‍යාලයට දඬුවම් පහරක් ලබා දෙන ලදි. එය සාර්ථක කර ගැනීමට තරුෂ ධර්මදාස සමත් විය. (සාන්ත බෙනඩික්ට් 24-30 තර්ස්ටන්)

තරගයේ 58 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ ඉහත උත්සාහක දිනුමට පසුව තරගයේ 60 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් විය. එම උත්සාහක දිනුම එල්. එන්. විජේසිංහගේ ගිණුමට බැර විය. එ් සඳහා ලැබුණු මැදි දුර ප්‍රවර්තනය පහසුවෙන්ම සාර්ථක කර ගැනීමට වේල්ස් සමත් විය. (සාන්ත බෙනඩික්ට් 31-30 තර්ස්ටන්)

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් ත්‍රිත්ව සිහින බොඳ කරයි

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දෙවන අර්ධ අවසාන පූර්ව තරගය අද (17) මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත්, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයත් අතර…

එතැන් සිට තරගයේ අවසන් මිනිත්තුව දක්වාම දෙපිල අතර තිබුණේ එක් ලකුණක් වෙනසක් පමණි. අවසානයේ තරගයේ 70 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුන තරුෂ ධර්මදාස තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබා ගත්තේ සිය විද්‍යාලය අවසන් මහා තරගයට කැඳවා ගෙන යමිනි. (සාන්ත බෙනඩික්ට් 31-35 තර්ස්ටන්)

අවසාන ලකුණු තත්වය: තර්ස්ටන් විද්‍යාලය 35 (6T, 1P, 2C) – 31 (5T, 3C) සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • ThePapare.com තරගයේ වීරයා: ඒ. හෙට්ටිආරච්චි (තර්ස්ටන් විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

තර්ස්ටන් විද්‍යාලය (35) –  කේ. සී. ජේ. විජේසේකර (1T), සී. එම්. හේවගේ  (1T), ඒ. හෙට්ටිආරච්චි (3T), තරූෂ ධර්මදාස ( 1T, 2C, 1P),  

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (31) – අංජන පෙරේරා (1T), ආර්. සී. වේල්ස් ( 3C), ඒ. ඒ පුල්ලේ (1T), ආර්. ඒ. ශාමල් ( 1T), ජනිත් සෙනෙවිරත්න (1T), එල්. එන්. විජේසිංහ (1T).

අගමැති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හෙට (24) කොළඹ ආනන්ද විද්‍යාලය හා මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර සුගතදාස පිටියේ දී ම පැවැත්වෙනු ඇත. එහි තරග වාර්තාව හා ඡායාරූප ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, එතෙක් රැඳී සිටින්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<