කොළඹ රාජකීයයින්ට ඇහැලියගොඩින් අභියෝගයක්

3878
All island schools games

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පළමු දිනය සඳහා වන රග්බි තරග අද (06) කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය. දිගින් දිගටම ඇදහැළුණු දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද තරග පැවති අතර, ක්‍රීඩකයින් සියල්ලෝම පාහේ ඉතා ඉහළ  ක්‍රීඩාශීලිත්වයක් පෙන්නුම් කිරීමට සමත් විය.

සත් සාමාජික ආකෘතිය යටතේ වයස අවුරුදු  20න් පහළ කාණ්ඩයේ  තරග පැවැත්වුණු අතර, අද දිනය සඳහා තරග එකොළහක් පැවැත්විය. අගනුවර ප්‍රබල පාසල්වලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට අගනුවරින් පිටත පාසල් සමත්වීම කැපී පෙනුනි. තවද තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ පාසල් කිහිපයක් තරගාවලියට සහභාගී නොවීම නිසා පාසල් කිහිපයක් නිතරගයෙන් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

නවීන් හේනකන්කානම්ගේ සත් සාමාජික සංචිතයෙන් ඉවතට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර සඳහා සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩක නවීන් හේනකන්කානම්ගේ…

පළමු වටය

  • පළමු තරගය

කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය හා පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය

තරගයේ ආරම්භයේ සිටම සිය ආධිපත්‍ය පතුරවන්නට සිරි පියරතන කණ්ඩායම සමත් වූ අතර පළමු අර්ධය අවසානයේ ලකුණු 12-00ක් ලෙස පෙරමුණේ සිටින්නට ද ඔවුන් සමත් විය. දෙවැනි අර්ධයේ දී වයඹ රාජකීය ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයට අවතීර්ණ වීමට උත්සහ කළ ද, සිරි පියරතන කණ්ඩායම රාජකීයයින් සිය ග්‍රහණයට නතු කර ගනිමින් තවත් ලකුණු 12ක් වාර්තා කර ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

අවසාන ලකුණු තත්වය

සිරි පියරතන ම .ම. වි 24 (උත්සාහක දිනුම් 4, ප්‍රවර්තන 2) : වයඹ රාජකීය විද්‍යාලය 07 (උත්සාහක දිනුම් 1, ප්‍රවර්තන 1)


  • දෙවන තරගය

කෑගලු විද්‍යාලය හා මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය

ආරම්භයේ සිටම තරගය තමන්ගේ යටතට ගැනීමට මාතලේ සාන්ත තෝමස්  කණ්ඩායම සමත්වූ අතර තරගය පුරා එකඳු ලකුණක් හෝ රැස් කිරීමට කෑගලු විද්‍යාලය අසමත් විය. උත්සාහක දිනුම් හයක් වාර්තා කර ගනිමින් ලකුණු 40-00ක් ලෙස තරගය ජය ගැනීමට සාන්ත තෝමස් කණ්ඩායමට හැකි විය.

අවසාන ලකුණු තත්වය

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය 40 (උත්සාහක දිනුම් 6, ප්‍රවර්තන 5): කෑගලු විද්‍යාලය 00


  • තෙවන තරගය

කොළඹ කේරි විද්‍යාලය හා තල්දූව බෞද්ධ මහා විද්‍යාලය

කෙරී විදුහල  එතරම් තරගකාරී ස්වරූපයක් පෙන්නුම් කිරීමට සමත් නොවූ අතර මෙම තරගය ලකුණු 19-00ක් ලෙස ජයග්‍රහණය කිරීමට තල්දුව බෞද්ධ මහා විද්‍යාලය සමත් විය.

අවසන් ලකුණු තත්වය

තල්දුව බෞද්ධ මහා විද්‍යාලය 19 (උත්සාහක දිනුම් 3, ප්‍රවර්තන 2) : කේරී විද්‍යාලය කොළඹ  00


  • සිව්වන තරගය

මොරටුව මොරටු මහා විද්‍යාලය හා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය

මොරටු මහා විද්‍යාලය ආරම්භයේ සිට තරගය සිය ග්‍රහණයට ගත් අතර ගම්පොල වික්‍රමබාහු කණ්ඩායම කිහිප වරක් උත්සාහක දිනුම් රැස් කිරීමට ආසන්න අවස්ථා ළඟා කර ගත්ත ද ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන් අසමත් විය. මොරටු මහා විද්‍යාලය ලකුණු 36ක් වාර්තා කර ගත් අතර වික්‍රමබාහු පිලට කිසිදු ලකුණක් වාර්තා කර ගැනීමට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය

මොරටු මහා විද්‍යාලය 36 (උත්සාහක දිනුම් 6, ප්‍රවර්තන 3) : ගම්පොල වික්‍රමබාහු ම. ම. වි. 00

රග්බි ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් ත්‍රිත්ව විද්‍යාලාධිපතිගේ නිවේදනය

රග්බි පුහුණු සැසියක් අතරතුර ධාවනයේ යෙදෙමින් සිටිය දී ඇතිවූ අසනීප තත්ත්වයකින් පසු මරණයට පත්වූ 18 හැවිරිදි ක්‍රීඩකයා ඉගෙනුම ලැබූ මහනුවර…

  • පස්වන තරගය

ගල්කිස්ස විද්‍යා  විද්‍යාලය හා කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය

තරගය පුරා සත් සාමාජික ආකෘතියේ සිය පරිණතභාවය පෙන්නුම් කළ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පහසුවෙන් ලකුණු රැස්කිරීමට සමත් වූ අතර, දෙවෙනි අර්ධයේ ජෝන් කොතලාවල ක්‍රීඩකයෝ එක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූහ. ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ලකුණු 28 -05ක් ලෙස මෙම තරගය පහසුවෙන් ජයග්‍රහණය කළේය.

අවසන් ලකුණු තත්වය

ගල්කිස්ස විද්‍යා  විද්‍යාලය 28 (උත්සාහක දිනුම් 4, ප්‍රවර්තන  4) : ශ්‍රීමත් ජෝන් කොතලාවල  ම. ම. වි. කුරුණෑගල 05 (උත්සාහක දිනුම් 1)


  • සයවන තරගය

මින්හාජ් මධ්‍ය විද්‍යාලය පලමුනායි හා කොළඹ රාජකීය විද්‍යාලය

මින්හාජ් මධ්‍ය විද්‍යාලයට කිසිදු අස්වැසිල්ලක් නොදුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය අත්දැකීම් දක්ෂතා පෙන්නුම් කරමින් ඉතා පහසුවෙන් උත්සාහක දිනුම් දහයක් සමඟින් ලකුණු 62ක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර ප්‍රවර්තන 6ක් ද සාර්ථක කරගනිමින් තරගය 62-00ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය

කොළඹ  රාජකීය  විද්‍යාලය 62 (උත්සාහක දිනුම් 10, ප්‍රවර්තන  6) : මින්හාජ් මධ්‍ය විද්‍යාලය පල්මුනායි 00


  • සත්වන තරගය

කොළඹ ඉසිපතන විද්‍යාලය හා මාවනැල්ල සහිරා විද්‍යාලය

පෙර තරගවල මෙන්ම, අත්දැකීම් බහුල රග්බි ක්‍රීඩා කරන පාසල්වල ආධිපත්‍ය තව දුරටත් තහවුරු කරමින් කොළඹ ඉසිපතන කණ්ඩායම ලකුණු 48-00ක් ලෙස මෙම තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය

කොළඹ ඉසිපතන විද්‍යාලය 48 (උත්සාහක දිනුම් 8, ප්‍රවර්තන  4) : මාවනැල්ල සහිරා විද්‍යාලය 00

ශූරතා කුසලානය ඉසිපතනයට

මයිලෝ ආයතනය හා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරන ලද වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසල් පහළොස් සාමාජික රග්බි…

දෙවන වටය

  • පළමු තරගය

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය හා සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධයේ දැඩි තරගකාරී බවක් පැවති අතර කණ්ඩායම් දෙකම ලකුණු පහ බැගින් වාර්තා කර ගෙන දෙවැනි අර්ධයට පිවිසුණි. එනමුත් තරගය සියතට ගත් සිරි පියරතන ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමින් ඒවායේ ප්‍රවර්තන ද සාර්ථක කර ගනිමින් තරගය ජය ගැනීමට සමත් විය.

අවසාන ලකුණු තත්වය

සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය 19 (උත්සාහක දිනුම් 3, ප්‍රවර්තන 2) : මාතලේ සාන්ත තෝමස්  විද්‍යාලය 05 (උත්සාහක දිනුම් 1)


  • දෙවන තරගය

තල්දූව බෞද්ධ මහා විද්‍යාලය හා කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය

පළමු අර්ධයේ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම ඉතා ප්‍රබල තරගයක් ලබා දුන්න ද කාලය ගතවත්ම පිටිය තුල ස්ථාවර වූ තල්දුව බෞද්ධ මහා විද්‍යාලයීය කණ්ඩායම ඉතා පහසුවෙන් තරගය සියතට ගෙන ලකුණු 29-05ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

අවසාන ලකුණු තත්වය

තල්දුව බෞද්ධ මහා විද්‍යාලය 29 (උත්සාහක දිනුම් 5, ප්‍රවර්තන 2) : කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය 05 (උත්සාහක දිනුම් 1)


  • තෙවන තරගය

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා  ඌව මධ්‍ය මහා විද්‍යාලය බදුල්ල

මුල සිටම තරගය සියතට ගත් විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයෝ ඉතා පහසුවෙන් ලකුණු  46-00ක් ලෙස තරගය ජය ගැනීමට සමත් වූහ.

අවසාන ලකුණු තත්වය

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය 46 (උත්සාහක දිනුම් 8, ප්‍රවර්තන 3) : බදුල්ල ඌව  මධ්‍ය මහා විද්‍යාලය 00

පාසල් රග්බි ආකෘතියේ වෙනසක්?

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් දැනට පවතින පාසල් රග්බි ආකෘතිය තුළ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කරමින් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන රග්බි…

  • සිව්වන තරගය

කොළඹ රාජකීය විද්‍යාලය හා ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය

දිනයේ අවසාන තරගය වූ මෙය පැවති උණුසුම්ම තරගය ද විය. ආරම්භයේ සිටම ප්‍රබල රාජකීයන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූ අතර තරගයේ පළමු උත්සාහක දිනුම ද ඔවුන් වාර්තා කර ගනිමින් රාජකීය ක්‍රීඩකයින් හට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය.

එනමුදු නැවතත් තරගයට අවතීර්ණ වූ රාජකීයයෝ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කර ගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූහ.

තරගයේ අවසන් භාගයේ ඇහැලියගොඩ ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමින් ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කළද ඔවුන්ගේ ප්‍රවර්තන කිහිපයක් අසාර්ථක වී තිබූ බැවින් රාජකීයයෝ පසු කිරීමට ඔවුන්ට නොහැකි විය.

අවසාන ලකුණු තත්වය

කොළඹ රාජකීය විද්‍යාලය 21 (උත්සාහක දිනුම් 3, ප්‍රවර්තන 3) : ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය 19 (උත්සාහක දිනුම් 3, ප්‍රවර්තන  2)

තරගාවලියේ දෙවන වටයේ ඉතිරි තරග හා අවසාන මහා තරග හෙට (07) කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි ක්‍රීඩා සංකීර්ණයේ උදෑසන 8.00 සිට පැවැත්වීමට නියමිතයි.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට