නොසිතූ ලෙස ශ්‍රී ලංකාව අවසන් සටනින් එළියට

488

සියලු බලාපොරොත්තු බිඳ දමමින් ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි සත්සාමාජික රග්බි කණ්ඩයම් පිළිවෙළින් තායිලන්තය හමුවේ හා බෝර්නියෝ ඊගල්ස් කණ්ඩායම් හමුවේ අවසාන පූර්ව වටයේ දී පරාජය විය. 

ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

බෝනියෝ හිදී පැවැත්වෙන ‘Borneo Sevens’ රග්බි තරගාවලිය සඳහා සහභාගී වන…

බෝර්නියෝ සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසාන දිනය වන අද (18) උදෑසනම කුසලාන කාණ්ඩයේ අවසන් පූර්ව වටයේ තරග පැවති අතර ඊයේ (17) මෙලොපෆ් කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමත්, සබා ඊගල්ස් කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් අවසන් පූර්ව වටයට පිවිසීමට වරම් හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩයම හා තායිලන්තය අතර තරගය 2017 බෝර්නියෝ සත්සාමාජික තරගාවලියේ කාන්තා කුසලාන අවසාන මහා තරගයේ පුනරූපණයක් මෙන් විය. තරගයේ ආරම්භයේ දී ම ලද අවස්ථාවක් ප්‍රයෝජනයට ගත් සංදිකා හේමමාලි ශ්‍රී ලංකා කණ්ඩයම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර අලංකාර ධාවනයක නිරත වූ අයේෂා කළුආරච්චි දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය.

අනතුරුව තායිලන්ත කණ්ඩයම පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරගනිමින් තරගයට පිවිසුණු අතර සම ලකුණු ලබා ගනිමින් කණ්ඩායම් දෙකම අවසන් මිනිත්තුව තෙක් කරට කර තරගයක නිරත විය. අවසාන මිනිත්තුවේ උත්සාහක දිනුම් සීමාවට මීටර 10ක් ඔබ්බෙන් ලැබුණු ඉක්මන් දඬුවම් පහරක් ක්ෂණිකව සාර්ථක කර ගත් තායිලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරමින් ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය.

තරගාවලියේ තෙවන ස්ථානය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිංගප්පුරුව පරාජය කළ යුතුමය

කාන්තා කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළ ද, අවාසනාවන්ත ලෙස ජයග්‍රහණය ඔවුන්ගෙන් උදුරා ගන්නට තායිලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. තරගාවලියේ තෙවන ස්ථානය හෝ සිව්වැනි ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණින් කණ්ඩායම අද (18) සන්ධ්‍යාවේ තරග වදිනු ඇත.

ගියවර ශූරයින් වූ බෝර්නියෝ ඊගල්ස් හා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩයම අතර පැවති තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.20ට පැවැත්වුණු අතර එම තරගය ද අවාසනාවන්ත ලෙස ඉතා සුළු ලකුණු පරතරයකින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියට නවක මුහුණු දෙකක්

2018 වසරේ සත් සාමාජික තරග වාරය ආරම්භ කරමින් බෝර්නියෝ හී පැවැත්වෙන…

නවසිලන්ත කණ්ඩයමක් වන ඊගල්ස් කණ්ඩායම තරගයේ මුල සිටම ඉදිරියෙන් සිටිය ද, තරගයේ අවසාන භාගයේ ශ්‍රී ලංකා කණ්ඩයම ඔවුන් හඹා ඒමට දැඩි උත්සහයක් ගන්නා ලදි.

අදිශ වීරතුංග අවසාන මොහොතේ උත්සාහක දිනුමක් වාර්තා කළ ද එම උත්සාහක දිනුම තරගය ජය ගැනීමට ප්‍රමාණවත් වූයේ නැත.

සත්සාමජික කණ්ඩායමට එක්වූ නවක මුහුණු දෙකක් වන අදිශ වීරතුංග හා සිතුම් පිරිස් සුවිශේෂ දක්ෂතා පෙන්නුම් කළ නමුත් කාලය හරස් වීම නිසා ලකුණු 5ක පරතරයකින් තරගය පරාජය වීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට සිදු විය.

ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන ස්ථානය සඳහා වන තරගයට හොංකොං හා අද සවස තරග වදිනු ඇත.

තරග සටහන:

  • ශ්‍රී ලංකා කාන්තා හා සිංගප්පූරුව අතර (3 වැනි ස්ථානය සඳහා) 20 p.m (ශ්‍රී ලංකා වේලාවෙන්)
  • ශ්‍රී ලංකා පිරිමි හා හොංකොං අතර (3 වැනි ස්ථානය සඳහා) 00 p.m. (ශ්‍රී ලංකා වේලාවෙන්)

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<