ස්මාර්ට් පන්දුවෙන් CPL හැඩ වෙන්නේ මෙහෙමයි

1819

ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මවිතයට පත් කරන ඉතා අපූරු පුවතක් මේ දිනවල ක්‍රියාත්මක කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් වාර්තා වෙනවා. ඒ මෙවර CPL තරගාවලියට යොදා ගන්නා පන්දුව පිළිබඳවයි. මෙවර CPL තරගාවලියට යොදා ගන්නේ එම තරගාවලිය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ස්මාර්ට් පන්දුවක් (Smart Ball).

Sportcor නම් සමගම හා ක්‍රිකට් පන්දු නිෂ්පාදනයේ ප්‍රවීණයෙකු වන Kookaburra සමාගම එක්ව මෙන්ම පන්දුව නිර්මාණය කර තිබෙනවා.

මේ නව ක්‍රිකට් පන්දුව තුළ ඉලෙක්ට්‍රොනික පරිපථයක් සවි කර තිබෙනවා. මේ තුළ ඇති සංවේදක මගින් පන්දුවේ වේගය, පන්දුව කැරකෙන වට ගණන මෙන්ම පන්දුවෙන් ජනනය කරන බලය ද ඒ මොහොතේම ලබා ගත හැකියි. මේ තොරතුරු පරිගණකයක්, ස්මාර්ට් දුරකතනයක් හෝ ස්මාර්ට් ඔරලෝසුවක් ඔස්සේ නිරීක්ෂණය කළ හැකි වීම විශේෂත්වයක්.

මේ නව පන්දුවෙන් විශ්ලේෂකයින්ට ලබා ගත හැකි දත්ත බොහෝයි. පන්දුව පන්දු යවන්නාගේ අතින් මිදී පතිත වන තුරු කැරකැවෙන වට ගණන, පන්දුව පතිත වීමෙන් අනතුරුව පන්දුව කැරකැවෙන වේගය වැනි දත්ත ද ඒ අතර වෙනවා.

පන්දුව අතින් නික්මෙන වේගය (Pre-Bounce Speed) මෙන්ම පිත්තේ වදින විට පන්දුවේ වේගය ද (Post Bounce speed) මේ අනුව දැන ගත හැකියි. පන්දුවේ බලය (watts) ද මේ නව ස්මාර්ට් පන්දුව ඔස්සේ දැන ගත හැකි වීම විශේෂත්වයක්.

පන්දු යවන්නා විසින් පන්දුව යවන විට වැය කරන ශ්‍රමය, මෙලෙස පන්දුවේ බලය ලෙස නිරීක්ෂණය කළ හැකි අතර මේ දත්ත කණ්ඩායම් දෙකට මෙන්ම විකාශන කණ්ඩායම් වෙත ද ඒ මොහොතේම ලබා දීමට නියමිතයි.

2021 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු 26 වැනිදා සිට සැප්තැම්බර් 15 වැනිද දක්වා පැවැත්වීමට නියමිතයි.

Crictracker ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<